පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.
අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේය.
බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40
මේ ලැයිස්තුවේ සිටින්නන්ගෙන් ඇමන්සියෝ ඔටේගා හා කාලෝස් ස්ලිම් හෙලු දෙදෙනා හැරුණු විට ඉතිරි හය දෙනාම ඇමරිකානුවන් වීම විශේෂත්වයකි. අනෙක් අතට, ඉහත ඔක්ස්ෆෑම් වාර්තාව පිළියෙළ කිරීම සඳහා පදනම් කරගෙන ඇති ක්‍රෙඩිට් සුවිස් වාර්තාව අනුව, ලෝකයේ දුප්පත්ම බිලියන 3.6න් වැඩි දෙනෙකු ජීවත් වන්නේ ඉන්දියාව, චීනය, නයිජීරියාව, ඉතියෝපියාව, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, බංග්ලා දේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය වැනි රටවලය. අදාළ වාර්තාව අනුව ඇමරිකා එක්සත් ජනපදයේද වත්කම් අතින් දුප්පත් සැලකිය යුතු පිරිසක් සිටිති.
බැලූ බැල්මටම මේ ආදායම් විෂමතාවය විශාල ප්‍රශ්නයක් බව පෙනේ. එහෙත්, එය සැබෑවටම ප්‍රශ්නයක් වන්නේ ඉහළ ලැයිස්තුවේ සිටින අටදෙනා ඔවුන්ගේ වත්කම් උපයා ගැනීමේදී අඩු වත්කම් සහිත අය සතු විය යුතුව තිබුණු වත්කම් ඔවුන්ගෙන් කිසියම් අයුරකින් සෘජුව හෝ වක්‍රව උදුරාගෙන ඇත්නම් පමණි.
මෙය විමසා බැලීමට පෙර අපි වත්කම් යනු මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය. විශේෂයෙන්ම වත්කම් හා ආදායම් අතර ඇති වෙනසත්, වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයත් අප පැහැදිලිව අවබෝධ කරගත යුතුය.
වත්කමක් ලෙස හැඳින්වෙන්නේ අනාගතයේදී ආදායම් උපදවන කිසියම් දෙයකි. ඔබ සතු මුදල් බැංකුවක තැන්පත් කර පොලී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. ඔබට හිමි නිවසක් කුලියට දී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. එය කුලියට නොදී ඔබම එහි ජීවත් වූවද එසේ කිරීමෙන් ඔබට ඉතිරි වන ගෙවල් කුලී මුදල ඔබේ ආදායමකට සමාන නිසා ගෙයක් යනු බොහෝ විට කෙනෙකුගේ වත්කමකි. මේ අයුරින්ම ඔබ සතු ඉඩම්, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජනද වත්කම් ලෙස සැලකිය හැකිය.
අනෙක් අතට අනාගතයේදී ඔබට වියදම් හදන දේ ඔබේ බැරකම්ය. ඔබ නිවාස ණයක් හෝ වාහන ණයක් ලබාගෙන ඇත්නම් ඒ වෙනුවෙන් මාසිකව හෝ වාර්ෂිකව පොලී වියදමක් දැරිය යුතුය. ඒ නිසා, මේවා ඔබේ බැරකම්ය. වත්කම් අනුව කෙනෙකුගේ පොහොසත්කම මනින විට උපයෝගී කරගන්නා නිර්ණායකය වන්නේ වත්කම් වලින් බැරකම් අඩු කළ විට ශුද්ධ වත්කම්ය. යම් කෙනෙකුගේ වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් ශුද්ධ වත්කම් සෘණ අගයක් ගනී.
කෙනෙකුගේ ආදායම යනු වත්කම් වලට සෘජු ලෙස සම්බන්ධ දෙයක් නොවේ. ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නා බොහෝ දෙනෙකුට සැලකිය යුතු ආදායමක් තිබේ. එමෙන්ම, වැඩි ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායමට වඩා අඩු ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායම වැඩි වන්නට පුළුවන. එහෙත්, වත්කම් මත පදනම් නොවූ ආදායම් (උදාහරණයක් ලෙස රැකියාවෙන්) සමාන තරමට උපයන දෙදෙනෙකු අතරින් වැඩි වත්කම් හිමි අයෙකුගේ සමස්ත ආදායම වැඩි එකකි.
වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයද තරමක් සංකීර්ණය. ආදායම් හා පරිභෝජන වියදම් අතර වෙනස පුද්ගලයෙකුගේ වත්කම් වලට එකතු වේ. එවිට වත්කම් තවත් වැඩි වේ. ආදායමට වඩා පරිභෝජන වියදම් වැඩිනම් සිදුවන්නේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් අඩු වී යාමයි. අනෙක් අතට පරිභෝජනය සීමා කරමින් උපයන ආදායම් වලට වඩා අඩු මට්ටමක තබා ගන්නා අයෙකුගේ වත්කම් ක්‍රමයෙන් ඉහළ යයි. මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි දෙයකි.
මේ අනුව පැහැදිලි වන්නේ අධි පරිභෝජනය කෙනෙකුගේ වත්කම් වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු වන්නක් බවයි.
තමන් සතුව දෙමවුපිය උරුමයෙන් ලැබුණු වත්කම් නැති අයෙකුට වත්කම් ඒකරාශි කර ගත හැක්කේ සකසුරුවම් කමින් වියදම් කර තමන්ගේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ඒ ආදායම් අනාගතයේ තවත් ආදායම් උපදවන වත්කම් වල ආයෝජනය කිරීමෙනි. අනෙක් අතට, දෙමවුපිය උරුමයෙන් විශාල වත්කමක් ලැබී ඇති අයෙකු වුවද, ඒ වත්කම් ආයෝජනය කර හෝ වෙනත් ක්‍රමයකින් උපයන ආදායම් ඉක්මවා පරිභෝජනය කරයිනම් ඔහුගේ හෝ ඇයගේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් ක්ෂය වී යයි.
මේ අනුව පැහැදිලි විය යුත්තේ වත්කම් යනු හැමවිටම පුද්ගලයෙකුගේ පරිභෝජන මට්ටම හෝ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් නොවන බවයි.
මේ ලැයිස්තුවේ සිටින අය ගැනත් ඔවුන්ගේ වත්කම් ගැනත්, ආදායම් හා වියදම් ගැනත් ඉදිරියේදී කතා කරමු.
Showing posts with label පරිභෝජනය. Show all posts
Showing posts with label පරිභෝජනය. Show all posts
Sunday, May 21, 2017
ඔක්ස්ෆෑම් ධනවතුන්ගේ ප්‍රශ්නය
Labels:
ආදායම් විෂමතාවය,
ධනවාදය,
පරිභෝජනය,
බැරකම්,
වත්කම්,
ශුද්ධ වත්කම්
Wednesday, August 31, 2016
ආණ්ඩුව නැත්නම් ආයෝජන නැද්ද?
ලංකාව විසින් දශක ගණනක් පුරා දිගින් දිගටම ලබා ගත් විදෙස් ණය හේතුවෙන් මේ වන විට ලංකාව ණය උගුලක පැටලී සිටින බව රජය විසින් නිල වශයෙන්ම පිළිගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් පහසුකමේ උදවුවෙන් තාවකාලිකව ගොඩ දාගෙන සිටියත් දිගුකාලීනව ප්‍රශ්නය එසේමය.
ලංකාව ණය උගුලක පැටලුනේ රටේ ආදායම ඉක්මවා වියදම් කළ බැවිනි. එසේ කරන්නට සිදුවුනේ සුබසාධන වියදම් වැඩි නිසා බව කියවෙතත්, ලංකාව මෙන් ලෝකයට ණය නැති අධික සුබසාධන වියදම් සහිත රටවල්ද තිබේ. වෙනස තියෙන්නේ සුබසාධනය වෙනුවෙන් වියදම් කිරීමේ නොව සුබසාධනය හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කිරීමෙහිය.
ලංකාවට මෙසේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුවී තිබීම සාධාරණීකරනය කෙරෙන එක් තර්කයක් වන්නේ රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන මට්ටමට ආයෝජන කිරීමට තරම් ප්‍රාග්ධනය රට තුල නැති බවයි. ඒ නිසා ණය ගන්නට සිදුවේ. (නැත්නම් ආයෝජකයින් පස්සේ යන්නට සිදුවේ.)
තර්කයක් ලෙස ඉහත කතාවේ වැරැද්දක් නැත. ණය ගැනීම යනු පුද්ගලයෙකු හෝ රටක් කිසිවිටක නොකළ යුතු මහා නරක දෙයක් නොවේ. ණය ගැනීමේ ප්‍රතිපලය තීරණය වන්නේ එසේ ගත් ණය වියදම් කරන ආකාරය අනුවය. ණය ගත් විට ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය. එහෙත්, ගත් ණය ආයෝජනය කර ලැබෙන ආදායම ණය හා පොලිය ගෙවා තවත් ගණනක් ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත්නම් ණය ගැනීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතකි. අළුතින් ණය ගන්නා හැම විටකම ලංකාවේ රජය ණය ලබා දෙන්නන්ට කියන්නේත්, රටේ ජීවත් වන අයට කියන්නේත් එය එසේ වන බවයි.
පහත කොටස මගේ පසුගිය ලිපියෙනි.
"ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?
පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?"
රටවැසියන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගැනීමට ඉඩ දෙන අතරම, ජාතික ඉතිරි කිරීම් ඉක්මවා දිගින් දිගටම ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලංකාවට හැකිවී තිබෙන්නේ දිගින් දිගටම විදෙස් ණය ගැනීම මඟිනි. මෙසේ දිගින් දිගටම ආදායම ඉක්මවා විදෙස් ණය ගැනීම හේතුවෙන් විදෙස් ණය මල්ල අවුරුදු පතා ලොකු වේ.
පහත පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාවේ ආයෝජන අනුපාතය හා ජාතික ඉතිරිකිරීම් අනුපාතයයි. ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු රටේ ජාතික ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. බාහිර ප්‍රාග්ධනය රට තුළට නොපැමිණේනම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉතිරිවන්නේ මේ කොටස පමණි.
ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රටේ ජාතික ඉතිරිකිරීම් ඉක්මවා ආයෝජන සිදු කර තිබේ. ඒ ණය ගැනීම මඟිනි. එසේනම්, එහි ඇති වරද කුමක්ද?
පළමුව බැලිය යුත්තේ මෙසේ ණය ලබා ගනිමින් ආයෝජන සිදු කිරීමෙන් වැඩක් සිදුවී ඇත්ද යන්නයි. ආයෝජන අනුපාතය හා ජාතික ආදායම වර්ධනය වීම අතර ඇති සම්බන්ධය එක් වසරකට සීමා වූ සරල සම්බන්ධයක් නොවේ. එහෙත්, එක් එක් වසර තුළ මේ විචල්‍යයන් දෙකේ හැසිරීම සරල ලෙස හැදෑරීමෙන් වුවද එසේ 'වැඩක් වී ඇති බව' පැහැදිලිය.
පහත දෙවන ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි යම් වසරක් තුළ ලංකාවේ ආයෝජන අනුපාතය 10%කින් වැඩිවන විට ආර්ථික වර්ධනය 1.5%කින් පමණ වැඩි වී තිබේ. ණය වෙනුවෙන් ගෙවන පොලිය ආදායම් වර්ධනයට වඩා අඩුනම් වැඩේ නරක නැත. එසේනම්, කළ යුත්තේ ණය වී හෝ ආයෝජනය කිරීමද? ලංකාවේ ආණ්ඩු ලෝකයට ණය නොවේනම් රටට ගොඩ යාමට වෙන විදිහක් නැද්ද?
රටක ජාතික ඉතිරිකිරීම් හැදෙන්නේ කොටස් දෙකකිනි. ඒ පෞද්ගලික ඉතිරි කිරීම් හා රාජ්‍ය ඉතිරි කිරීම්ය. පෞද්ගලික ඉතිරිකිරීම් යනු ගෘහස්ථ ඒකක වල පුද්ගලයින් විසින් බදු ගෙවීමෙන් අනතුරුව කරන (ශුද්ධ) ඉතිරි කිරීම් හා සමාගම් මඟින් බදු ගෙවීමෙන් පසුව (ලාභ ලාභාංශ ලෙස බෙදා නොදී) කරන ඉතිරි කිරීම්ය. රාජ්‍ය ඉතිරි කිරීම් යනු රජයේ බදු හා වෙනත් ආදායම් වලින් රජයේ වියදම් පියවූ පසු ඉතිරි වන කොටසයි.
ලංකාවේ රාජ්‍ය ආදායම වියදමට වඩා අඩු නිසා රාජ්‍ය ඉතිරි කිරීම් සෘණ අගයකි. ඒ නිසා ලංකාවේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු පෞද්ගලික ඉතිරිකිරීම් අනුපාතයෙන් අයවැය හිඟය අඩු කළ විට ඉතිරිවන කොටසයි. වෙනත් විදිහකින් කියනවානම් රජයේ අයවැය හිඟය ශුන්‍ය වී රාජ්‍ය ඉතිරි කිරීම්ද ශුන්‍ය වුවහොත් රටේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය පවතින අගයට වඩා බොහෝ වැඩි වනු ඇත.
පහත තෙවන ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ ලංකාවේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය සහ ආයෝජන අනුපාතයයි. එසේනම්, රටට විදෙස් ණය අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රාග්ධනය නැති නිසාද? එසේ නැත්නම් පෞද්ගලික අංශයට අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමට සිදු වී ඇති නිසාද?

අයවැය හිඟය,
ආයෝජනය,
ආර්ථික අර්බුදය,
දේශීය ඉතිරි කිරීම්,
පරිභෝජනය,
විදේශ ණය
Monday, August 22, 2016
නැති සල්ලි වියදම් කරන්නේ කොහොමද?
වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි පෙර ලිපි දෙකකින් කතා කළෙමු. එහිදී, මම ඉතා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය හඳුන්වා දුන්නෙමි. මේ ආකෘතිය අනුව, පුද්ගලයකුට තමන් සතු නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය 'කුලියට දී' ආදායමක් ලබා ගත හැකිය. ඒ අනුව, ව්‍යාපාර අංශයේ කාර්යක්ෂමතාව වෙනස් නොවේනම්, පුද්ගලයෙකුට සිය ආදායම වැඩි කර ගත හැක්කේ තමන් සතු නිෂ්පාදන සාධක වැඩි කර ගැනීමෙනි.
කෙසේවුවද, ශ්‍රම සාධකය ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම අපහසුය. මිනිසෙකුට වැය කළ හැකි භෞතික ශ්‍රමය වැඩි කළ හැක්කේ ඉතා සීමිතවය. එවිට ඉතිරි වන්නේ ප්‍රාග්ධනයයි. ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ කෙසේද?
පුද්ගලයෙකුට සිය ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ ලැබෙන ආදායමෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කිරීම මඟිනි. පුද්ගල ඒකක රැසක එකතුවක් ලෙස සැලකිය හැකි රටකටද මේ කරුණ අදාළය. මෙසේ ඉතිරි කළ යුත්තේ පුද්ගලයෙකුගේ හෝ රටක ආදායමෙන් කොපමණ කොටසක්ද?
යමෙකුගේ ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කිරීම යනු වත්මන් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීමකි. යමෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් අනාගත පරිභෝජනය වැඩි කර ගැනීමේ අරමුණෙනි. කෙසේවුවද, පුද්ගලයෙකු මෙය කරන්නේ සිය වත්මන් පරිභෝජනය හා අනාගත පරිභෝජනය කිසියම් අයුරකින් සමතුලිත වන ලෙසිනි. වැඩිපුර ඉතිරිකර, වැඩිපුර ආයෝජනය කිරීමෙන් අනාගත ආදායම් ඉහළ නංවාගෙන අනාගත පරිභෝජනය වැඩි කර ගත හැකිය. එහෙත්, අද ඉතිරි කළ පමණින්ම අනාගත ආදායම් වැඩි වෙනවාද?
මෙය තීරණය වන්නේ ඉතිරි කරන ප්‍රමාණය අනුවය. පුද්ගලයෙකු හෝ රටක් සතු ප්‍රාග්ධනය සදාකාලිකවම එලෙසම පවතින්නේ නැත. කාලයත් සමඟ ප්‍රාග්ධන සම්පත් ක්ෂය වී යයි. මෙය භෞතික සම්පත් වලට මෙන්ම මානව සම්පත් වලටද පොදුය. ඒ නිසා, එසේ අඩුවන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය නොකළහොත් පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් තත්ත්වයද කාලයත් සමඟ ක්ෂය වෙයි. මෙය වලක්වා ගැනීමටනම් අඩුම වශයෙන් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමටවත් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන වැඩි කිරීමෙන් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ මේ මට්ටම ඉක්මවා ඉතිරි කර ආයෝජනය කිරීමෙනි. එහෙත්, ඒ සඳහා වත්මන් පරිභෝජනය කැප කළ යුතුය.
ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?
පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?
අනෙක් පැත්තෙන් මෙයින් පෙනෙන්නේ අපේ ආනයන අපනයන පරතරයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4කි. අප නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා පරිභෝජනය (හෝ ආයෝජනය) කරනවානම් එසේ කිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා රට තුළට පැමිණිය යුතුය. ආනයන අපනයන අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින්නේ අපේ නිෂ්පාදනය (ආදායම්) හා වියදම් අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින බැවිනි. මේ පරතරය තිබෙන තුරු අපට කොහෙන් හෝ විදේශ විණිමය හොයන්නට සිදුවේ. විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වලින් එයින් කොටසක් පියවේ. ඉතිරිය පියවෙන්නේ දිගින් දිගටම වැඩි වන විදෙස් ණය වලිනි.
ආයෝජන අඩුකිරීම යනු අනාගත ආර්ථික වර්ධනයට රිදවීමකි. පරිභෝජනය අඩු කරන්නට සමාජය සූදානම් නැත. එසේනම්, පවතින තත්ත්වය තුළ, පරිභෝජනය අඩු නොකර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා රජයන් විසින් දිගින් දිගටම විදෙස් ණය ගැනීමේ වරදක් තිබේද? වෙනත් විදිහකට කියනවානම්, ලංකාවේ රජයන්ට දිගින් දිගටම විදෙස් ණය ගන්නට වී තිබෙන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය මට්ටමට ආයෝජන කිරීමට තරම් දේශීය ඉතිරි කිරීම් නැති නිසාද?
මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු.
(Image: www.financialexpress.com)
Labels:
ආයෝජනය,
දේශීය ඉතිරි කිරීම්,
පරිභෝජනය,
ප්‍රාග්ධනය
Subscribe to:
Posts (Atom)