Showing posts with label සංක්‍රමණය. Show all posts
Showing posts with label සංක්‍රමණය. Show all posts
Sunday, July 15, 2018
මා ඉතින් යන්න යනවා...මේ සැලූන් දොරෙන්...
වඩා උචිත පරිසරයක් සොයා සංක්‍රමණය වීම මිනිසුන් මෙන්ම වෙනත් බොහෝ සතුන් විසින්ද කරන දෙයකි. මිනිසුන්ගේ ඉතිහාසය කියන්නේම අඩු වැඩි වශයෙන් සංක්‍රමණය පිළිබඳ කතාවකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ලෝක ජනගහනයෙන් 3.3%ක් හෙවත් මිලියන 124.6ක් සංක්‍රමණිකයෝය. වෙනත් අයුරකින් කියනවානම් ලෝකයේ ජීවත්වන සෑම 30 දෙනෙකුගෙන්ම එක් අයෙක් සංක්‍රමණිකයෙකි.
සංක්‍රමණිකයින් වැඩිම පිරිසක් ජීවත්වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. එම ප්‍රමාණය මිලියන 25.6කි. ජර්මනියේ මිලියන 6.1ක්ද, රුසියාවේ මිලියන 5.9ක්ද, එක්සත් රාජධානියේ මිලියන 4.6 ක්ද, කැනඩාවේ හා ප්‍රංශයේ මිලියන 4.1ක් බැගින්ද සංක්‍රමණිකයෝ වෙසෙති.
රටේ ජනගහණයට සාපේක්ෂව වැඩිම සංක්‍රමනිකයින් ප්‍රමාණයක් සිටින රටවල් අතර මැදපෙරදිග කලාපයේ රටවල් ඉදිරියෙන්ම සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනගහණයෙන් 81.2%ක්ම සංක්‍රමනිකයෝ වෙති. කුවේට් ජනගහනයෙන් 56.8%ක්ද, කටාර් ජනගහනයෙන් 42.1%ක්ද, බහරේන් ජනගහනයෙන් 36.0%ක්ද සංක්‍රමනිකයෝය. මැදපෙරදිග කලාපයෙන් පිටත සිංගප්පූරුවේ වෙසෙන්නන්ගෙන්ද අඩකටත් වඩා සංක්‍රමනිකයෝ වෙති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම (2017) සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට සංක්‍රමණය වී සිටින ජනගහණය 1,726,900 කි. මෙහිදී සංක්‍රමණිකයෙකු ලෙස ගැනෙන්නේ තමන් දැනට ස්ථිරව ජීවත්වන රටේ නොඉපදුණු හා/හෝ වෙනත් රටක පුරවැසියෙකු වන අයෙකි. සංක්‍රමණිකයෙකුගෙන් පැවැත එන්නෝ සංක්‍රමනිකයෝ නොවෙති. ඒ නිසා ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් සියලුම දෙනා සංක්‍රමණිකයින් ලෙස සැලකෙන්නේ නැත. මේ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් 8.1%කට පමණ සමාන ජනගහණයකි.
ඉහත කී, ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වූවන්ගෙන් වැඩිම පිරිසක් වෙසෙන්නේ සවුදි අරාබියේය. අනෙකුත් ජනප්‍රිය ගමනාන්ත අතර මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල්, යාබද ඉන්දියාව හා බටහිර රටවල් ඉදිරියෙන්ම සිටී.
සංක්‍රමණයට ශ්‍රී ලාංකිකයින්ගේ ඇති ලැදියාව මෙසේ වුවත්, ශ්‍රී ලංකාව සංක්‍රමණිකයන්ට විශාල ප්‍රතිරෝධයක් දක්වන රටකි. ශ්‍රී ලංකාවේ වෙසෙන සංක්‍රමණික ජනගහණය රටේ ජනගහණයෙන් 0.2%ක් පමණක් වන අතර මෙය දකුණු ආසියා කලාපයේ රටවල් අතරින් වුවද අඩුම ප්‍රතිශතයයි.
(image: http://srilankabrief.org/2015/02/un-sri-lanka-protect-migrants-abuse/)
Labels:
ශ්‍රම වෙළඳපොළ,
සංක්‍රමණය,
සංඛ්‍යාලේඛණ
Friday, July 1, 2016
සංක්‍රමණයට දොරටු විවර කළොත්?
ජාත්‍යන්තර වෙළඳාම නිසා එයට සම්බන්ධ වන දෙරටේම වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන ආකාරය අපි පෙර ලිපි වලින් කතා කළෙමු. මේ වාසියේ ප්‍රභවය වන්නේ එක් එක් රටෙහි ඇති නිෂ්පාදන සාධක එම රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් ඇති ක්ෂේත්‍ර කරා විතැන් වීම හේතුවෙන් ඇති වන කාර්යක්ෂමතාවයයි. රටක් විදෙස් භාණ්ඩ හා සේවාවන්ට විවෘත වීමෙන් පසු, තවදුරටත් අකාර්යක්ෂම ක්ෂේත්‍රයන්හි රැඳී සිටීනම් මේ වාසි අඩුවිය හැකි අතර එසේ රැඳී සිටින පිරිස් වලට අවාසියක් සිදුවීමටද ඉඩ තිබේ.
අල්ලංකාවට හා ගලවංකාවට නැවත ගියොත්, ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වීමෙන් පසුව එක් එක් රටේ ඒක පුද්ගල පරිභෝජනය දෙගුණ විය හැකි නමුත් ඒ සඳහා ඉහත කී ලෙස වඩා ඵලදායී ක්ෂේත්‍ර කරා සම්පත් විතැන් වීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත්, මෙය හිතන තරම්ම පහසුවෙන් සිදු නොවිය හැකිය. කුසලතා පිලිබඳ ගැටළු, සමාජ ආකල්ප ආදිය නිසා ඇතැම් අය තමන්ගේ රැකියාව වෙනස් කිරීමට කැමති නැත. විදෙස් භාණ්ඩ වල බලපෑම නිසා එවැන්නන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්නට පුළුවන.
මෙතෙක් අප කතා කළේ රටවල් අතර භාණ්ඩ හා සේවා සංචරණයට ඇති බාධා ඉවත් වීමේ වාසි පමණි. එසේනම්, අල්ලංකාව හා ගලවංකාව අතර ශ්‍රම හුවමාරුවට ඉඩකඩ විවර කළහොත් කුමක් වෙයිද?
මෙය තීරණය වන්නේ එක් එක් රටේ තුලනාත්මක වාසියෙහි ප්‍රභවය කුමක්ද යන්න මතය. අල්ලංකාවේ වැසියෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වෙද්දී, ගලවංකාවේ වැසියෙකුට දිනකට මාළු කිලෝ තුනක් නිපදවිය හැකිව ඇත්තේ කෙසේද? එමෙන්ම, අල්ලංකාවේ වැසියෙකුට වැඩිපුර මාළු නිපදවිය හැකිව ඇත්තේ කෙසේද?
මේ වෙනසට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්නම් නිෂ්පාදනය සඳහා යොමු වන පුද්ගලයා කවරෙකු වුවද තත්ත්වයෙහි වෙනසක් නොවේ. අනෙක් අතට, මේ වෙනසට හේතුව කර්මාන්තයෙහි නියැලෙන්නන්ගේ කුසලතා වෙනස්කම් වන්නටද පුළුවන.
පළමුව, එක් එක් රටෙහි තුලනාත්මක වාසියට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්යැයි සිතමු. එසේනම්, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය කුසලතා ඔප් නංවා ගැනීම මඟින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන, විදෙස් ආනයන සමඟ තරඟ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා, නිදහස් වෙළඳාම ඇරඹුණු පසු සිය රැකියාව වෙනස් නොකළහොත් ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යයි.
එහෙත්, සංක්‍රමණයටද දොරටු විවර වුවහොත් ඔවුන්ට තවත් තෝරාගැනීමක් ඉතිරි වේ. ඒ, රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමයි. මේ තත්ත්වය යටතේදී, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමෙන්ද සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තෙගුණයකින් වැඩි කර ගත හැකිය. අවසානයේදී, පෙර අවස්ථාවේදී මෙන්ම දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වේ. (මේ දෙගුණවීම මේ ලිපියේ උදාහරණයට පමණක් අදාළය. එය කවර හෝ වැඩිවීමක් විය හැකිය.) මේ අවස්ථාවේදී, සංක්‍රමණයට අමතරව දෙරට අතර අල හා මාළු වෙළඳාමද තව දුරටත් සිදු විය යුතුය.
ගිවිසුම් මඟින් කෘතීම බාධා නැති කළද, භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රවාහන ගාස්තු, කල් තබා ගැනීමේ සීමාවන් වැනි ස්වභාවික බාධා ඇති අයුරින්, සංක්‍රමනයටද ස්වභාවික බාධාවන් තිබේ. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් බැහැරව ජීවත් වන්නට බොහෝ දෙනෙකු මැලි වන අතරම, වෙනත් රටකින් පැමිණෙන වෙනස් සංස්කෘතියට අයත් පිරිස් සමඟ මුසු වීමටද බොහෝ දෙනෙකු අකමැත්තක් දක්වති. මෙයට අමතරව සංක්‍රමණය හා අදාළ මූලික පිරිවැය දරා ගැනීමටද සංක්‍රමනිකයෙකුට සිදුවේ. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි ඉහත කී සියළු මුදලින් මැනිය හැකි හා එසේ මැනීම අපහසු වෙනත් පිරිවැය (monetary and emotional costs) ඉක්මවන්නේනම් පමණි.
තුලනාත්මක වාසියට හේතුව කුසලතා වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නයක්නම්?
සංක්‍රමණයට ඉඩකඩ නොමැතිනම් දැන් අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට රැකියා වෙනස් නොකර සිය කුසලතා දියුණු කර ගැනීමේ විකල්පයක්ද තිබේ. එය නිසියාකාරව සිදු වුවහොත්, එක් එක් රටෙහි තුලනාත්මක වාසි නැති නිෂ්පාදනයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයද ඉහළ යාමෙන්, තුලනාත්මක වාසි නැතිව යන නිසා අල හා මාළු හුවමාරු කරගැනීමක් අවශ්‍ය වන්නේද නැත. කෙසේවුවද, එසේ කුසලතා වර්ධනය කර ගැනීම කෙටිකාලීනව කළ නොහැක්කකි.
මේ දෙවන තත්ත්වය යටතේදී, සංක්‍රමණයට ඉඩ සැලසීම ජාත්‍යන්තර වෙළඳාමට විකල්පයකි. අල්ලංකාවේ අල වවන්නෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වුවත්, ගලවංකාවේ අල වවන්නෙකුට අල්ලංකාවට පැමිණ අල කිලෝ තුනක් නිපදවිය හැකිය. මේ අයුරින්ම, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට නිපදවිය හැක්කේ මාළු කිලෝවක් පමණක් වුවත්, අල්ලංකාවේ මාළු අල්ලන්නෙකුට ගලවංකාවට පැමිණ මාළු කිලෝ තුනක් නිපදවිය හැකිය. මෙසේ, ගලවංකාවේ මාළු හා අල්ලංකාවේ අල නිෂ්පාදනය ඉහළ ගිය විට එම භාණ්ඩ අනෙක් රටෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩුවී හෝ නැති වී යයි.
කෙසේ වුවද, තවදුරටත් අල වවන අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ තවදුරටත් මාළු අල්ලන ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට දැන් තර්ජන දෙකකි. එක් පසෙකින් අඩු මිලට එන ආනයන වල තරඟයයි. අනෙක් පසින්, තමන්ට වඩා තෙගුණයක් කාර්යක්ෂම විදෙස් ශ්‍රමිකයින්ගේ තරඟයයි.
මේ බලපෑම් ක්ෂණික හා විශාලනම් එක් වර සිය ජීවන තත්ත්වයෙහි සිදුවන පහත වැටීමට මුහුණ දීම ඔවුන්ට ඉතා අසීරු කරුණක් වනු ඇත. එහෙත්, මේ වෙනස සිදුවන්නේ සාපේක්ෂව හෙමින්නම්, මුලින්ම පැමිණෙන සංක්‍රමණිකයින් සමඟ එක්ව වැඩ කිරීමෙන් ඔවුන්ගේ ඉහළ කාර්යක්ෂමතාවයට හේතු වූ කරුණු හඳුනාගෙන තමන්ගේද කුසලතා වර්ධනය කර ගැනීමට ඔවුන්ට කාලයක් ලැබේ. ඒ අතරම, මෙය මෙසේ සිදුවීමටනම්, සංක්‍රමණිකයින් තමන්ගේ අකාර්යක්ෂමතාවයන්ට තර්ජනයක් බව පෙනෙන්නට තරම් සැලකිය යුතු සංක්‍රමණයක් රට තුළට සිදු වීමද අවශ්‍යය.
(Image: http://www.fibre2fashion.com/_resources/industry-articles/45/4453/1_files/image001.jpg)
Labels:
ආනයන,
ජාත්‍යන්තර වෙළඳාම,
තුලනාත්මක වාසිය,
පරිපූර්ණ වාසිය,
විවෘත ආර්ථිකය,
සංක්‍රමණය
Thursday, February 11, 2016
කොළඹ: ඉක්මන් මරණයකට අගනා නගරයක්!
"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"
ලංකාවේ ඒක පුද්ගල ගෘහස්ත ආදායම වැඩිම නගරය කොළඹයි. සියවස් ගණනක සිටම ගම් පළාත් වල ඉපදුණු අයගේ අපේක්ෂාවේ නගරය වුනේ කොළඹය. ඒක ඒ දවස්වල සිට අද දක්වාම එහෙමය. කොළඹ හැරුණු විට ලංකාවේ ඇති දෙවන ප්‍රධානම නගරය ලෙස සැලකිය හැක්කේ මහනුවරයි.
අනෙක් අතට මොණරාගල හා හම්බන්තොට කාලයක සිටම සැලකුණේ ලංකාවේ දුෂ්කරම ප්‍රදේශ ලෙසය. පසුගිය කාලයේනම් මේ තත්ත්වයේ තරමක වෙනසක් සිදුවිය.
මොණරාගල හා හම්බන්තොට ජීවිතය කොළඹ හා මහනුවර වැනි නාගරික ප්‍රදේශයක ජීවිතයට වඩා ඇත්තටම දුෂ්කරද?
පහත වගුවේ ඇත්තේ 1981 හා 2001 වසර වල පැවැත්වූ ජන සංගණන අනුව ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ වැසියෙකුගේ අපේක්ෂිත ආයුකාලයයි. සංගණන දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍යතාව අතින් වෙනත් සමීක්ෂණ දත්ත වලට වඩා බොහෝ නිවැරදිය. 2012 වසරේදීද සංගණනයක් පැවැත්වූ නමුත් එම සංගණනය ඇසුරින් මේ සංඛ්‍යාලේඛණ තවමත් සකස් කර නොමැති බව පෙනේ.
1980-2000 අතර දශක දෙකක කාලය තුළ ආයු අපේක්ෂාවේ ප්‍රාදේශීය විෂමතාවන්ගේ රටාව සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. මේ කාලය තුළ සමස්තයක් ලෙස පිරිමින්ගේ ආයු අපේක්ෂාව සුළු වශයෙනුත් ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව තරමක් වැඩියෙනුත් ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ආයු අපේක්ෂාව වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස අඩුය. කොළඹට අමතරව පසුපසින්ම සිටින දිස්ත්‍රික්කය මහනුවරයි. ආයු අපේක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ හම්බන්තොට හා මොනරාගල වැනි දුෂ්කර ලෙස සැලකෙන දිස්ත්‍රික්කයි.
මෙයට හේතුව කුමක්ද? කොළඹ ඇතැයි සිතන වැඩි පහසුකම් වැඩි පිරිසක් අතර බෙදීයාමද? නැත්නම් වැඩි ආදායම් විෂමතාවයද? කාර්ය බහුල ජීවන රටාවද? ආහාර පුරුදු වල වෙනස්කම්ද? නැත්නම් අපිරිසිදු වාතයද?
මේ කවරක් වුවද, ඉසුරු සොයා නගරයට ඇදෙන්නන් ඒ වෙනුවෙන් ගෙවන මිලට සිය ජීවිත කාලයෙන් සැලකිය යුතු වසර ගණනක්ද ඇතුළත් වන බවනම් පැහැදිලිය.
(Image: www.srilanka-guide.org)
Labels:
අපේක්ෂිත ආයුකාලය,
ප්‍රාදේශීය විෂමතා,
සංක්‍රමණය
Sunday, February 7, 2016
රාම රාජ්‍යය සහ රෝම රාජ්‍යය
නීතිවිරෝධී ලෙස හෝ යුරෝපා රටකට පැනගැනීම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිහිනයකි. ඉතාලිය එවැන්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයකි.
නීති විරෝධී ලෙස මෙන්ම නීත්යානුකූලවද බොහෝ ශ්‍රී ලාංකිකයෝ වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඒ සඳහා මුල් වන හේතු විවිධාකාර විය හැකිවුණත් ඒ අතරින් ආර්ථික හේතු ප්‍රධාන වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය වැනි යුරෝපා රටකදී ලංකාවේදී ඔවුන් කරන රැකියාවට සමාන රැකියාවක් කර ඊට වඩා බෙහෙවින්ම වැඩි වැටුපක් ලබා ගැනීමට පුළුවන්කම තිබේ.
ඉතාලියේදී වැඩි වැටුපක් ලැබූ පමණින්ම යමෙකුගේ ආර්ථික තත්ත්වය ලංකාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වයට වඩා යහපත් වන්නේ නැත. ඒ, යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ඉතාලියේදී ගෙවිය යුතු මිල ලංකාවේදී එයට සමාන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා යන වියදමට වඩා වැඩි නිසාය.
වැටුප් හා බඩුමිල යන දෙකම එකම අනුපාතයකින් වැඩිනම්, ලංකාවේදී යම් වැටුපක් ලබා ඒ මුළු මුදලම සාමාන්‍යයෙන් වියදම් කරන අයෙකුට ඉතාලි යාමෙන් විශේෂ වාසියක් නොසැලසේ. එහෙත්, ඉතාලියේ වැටුප් හා ලංකාවේ වැටුප් අතර අනුපාතය බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අනුපාතයට වඩා වැඩිය. ඒ නිසා, ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියට ගොස් ඔහු හෝ ඇය ලංකාවේදී කරනවාට සමාන රැකියාවක් කිරීමෙන්, සමාන හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමෙන් පසුවද මුදලක් ඉතිරි කර ගත හැකිය.
පහත වගුවේ ඇත්තේ 2016 පෙබරවාරි මාසය දක්වා මාස 18ක කාලය තුල ලංකාවේත්, ඉතාලියේත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ගෙවිය යුතු සාමාන්ය මිලගණන් සහ ලැබිය හැකි ආදායම් සැසඳීමකි.
නීති විරෝධී ලෙස මෙන්ම නීත්යානුකූලවද බොහෝ ශ්‍රී ලාංකිකයෝ වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඒ සඳහා මුල් වන හේතු විවිධාකාර විය හැකිවුණත් ඒ අතරින් ආර්ථික හේතු ප්‍රධාන වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය වැනි යුරෝපා රටකදී ලංකාවේදී ඔවුන් කරන රැකියාවට සමාන රැකියාවක් කර ඊට වඩා බෙහෙවින්ම වැඩි වැටුපක් ලබා ගැනීමට පුළුවන්කම තිබේ.
ඉතාලියේදී වැඩි වැටුපක් ලැබූ පමණින්ම යමෙකුගේ ආර්ථික තත්ත්වය ලංකාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වයට වඩා යහපත් වන්නේ නැත. ඒ, යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ඉතාලියේදී ගෙවිය යුතු මිල ලංකාවේදී එයට සමාන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා යන වියදමට වඩා වැඩි නිසාය.
වැටුප් හා බඩුමිල යන දෙකම එකම අනුපාතයකින් වැඩිනම්, ලංකාවේදී යම් වැටුපක් ලබා ඒ මුළු මුදලම සාමාන්‍යයෙන් වියදම් කරන අයෙකුට ඉතාලි යාමෙන් විශේෂ වාසියක් නොසැලසේ. එහෙත්, ඉතාලියේ වැටුප් හා ලංකාවේ වැටුප් අතර අනුපාතය බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අනුපාතයට වඩා වැඩිය. ඒ නිසා, ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියට ගොස් ඔහු හෝ ඇය ලංකාවේදී කරනවාට සමාන රැකියාවක් කිරීමෙන්, සමාන හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමෙන් පසුවද මුදලක් ඉතිරි කර ගත හැකිය.
පහත වගුවේ ඇත්තේ 2016 පෙබරවාරි මාසය දක්වා මාස 18ක කාලය තුල ලංකාවේත්, ඉතාලියේත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ගෙවිය යුතු සාමාන්ය මිලගණන් සහ ලැබිය හැකි ආදායම් සැසඳීමකි.
ඉන්දියානු ශ්‍රමිකයෙකුට ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ආකර්ෂණීය වීමට හෝ නොවීමටද මෙයට සමාන කරුණු හේතුවේ. පහත වගුවේ ඇත්තේ ඉහත දත්ත ලබාගත් මූලාශ්‍රය (http://www.numbeo.com/) ඇසුරින්ම ඉන්දියාවේ සහ ලංකාවේ ආදායම් සහ වියදම් සැසඳීමකි. කෙසේ වුවද, මේ මූලාශ්‍රයේ ඇති සාමාන්‍ය ආදායම එතරම් නිවැරදි නොවිය හැකි බව මගේ අදහසයි.
යුරෝවක් රුපියල් 161ක් සහ ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකා රුපියල් 2.13ක් ලෙස සලකා ඇත.
Labels:
ඉතාලිය,
ඉන්දියාව,
ක්‍රය ශක්ති සාම්‍යය,
ජීවන වියදම,
ශ්‍රම වෙළඳපොළ,
සංක්‍රමණය
Subscribe to:
Posts (Atom)







