Showing posts with label ශ්‍රම වෙළඳපොළ. Show all posts
Showing posts with label ශ්‍රම වෙළඳපොළ. Show all posts

Friday, May 26, 2023

මොළයට චිප් එකක්!


ඊලොන් මස්ක්ගේ නියුරෝලින්ක් සමාගම විසින් ඊයේ (මැයි 25) ට්විටර් හරහා දැනුම් දී ඇති පරිදි ඔවුන්ට මිනිසුන් යොදාගෙන පර්යේෂණ කිරීම සඳහා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ (FDA) අනුමැතිය ලැබී තිබෙනවා. මුල් ට්විටර් පණිවිඩයෙහි මේ පිළිබඳ මීට වඩා වැඩිමනත් විස්තරයක් සඳහන්ව නැතත්, ලෝකයේ ප්‍රධාන ජනමාධ්‍ය ගණනාවක් විසින් ප්‍රමුඛ ප්‍රවෘත්තියක් සේ වාර්තා කරමින් විස්තර ඇති පරිදි මෙම අනුමැතිය ලැබී තිබෙන්නේ මිනිස් මොළයට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කර ඒ හරහා පරිගණයකයක් මගින් මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමේ සහ මිනිස් මොළය ජාලගත කිරීමේ ක්‍රියාවලියක මුල් අදියරකටයි. මේ ක්‍රමයෙන් අන්ධයන්ට පෙනීම ලබා දීම, කොරුන් ඇවිදවීම මෙන්ම දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම වැනි දේ කිරීමේ ශක්‍යතාවයක් තිබෙනවා.

ජනමාධ්‍ය වලින් මෙවැනි පුවත් වලට මුල් තැනක් දෙන්නේ මෙතෙක් මිනිස් මොළයේ උදවුවෙන් පමණක් කළ හැකි වූ ක්‍රියාකාරකම් ගණනාවක් ස්වයංකරණය කිරීමේ හැකියාව වේගයෙන් වැඩිදියුණු වෙමින් තිබෙන හා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙන පසුබිමකයි. මෙම "විප්ලවය" සාමාන්‍ය මිනිසුන්ට එකවර ඇඟට දැනෙන්න පටන් ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිදි චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟයි. 

අධ්‍යාපන ආයතන වලට චැට්ජීපීටී දැනටමත් විශාල අභියෝගයක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ආයතනයක් විසින් (හැම රටකම නොවේ!) රචනා චෞරත්වයට (plagiarism) එරෙහිව දැඩි ස්ථාවරයක සිටිනවා. මෙය කොයි තරම් බරපතල වරදක්ද යන්න පිළිබඳව ඇමරිකානු සිසුවෙකුටනම් කුඩා කාලයේ සිටම පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා, ඔවුන් සාමාන්‍යයෙන් මෙම වරදට පෙළඹෙන්නේ නැහැ. එහෙත් එම පුහුණුව නොමැති, වෙනත් රටවලින් ඇමරිකාවට අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණෙන සිසුන් විසින් බොහෝ විට රචනා චෞරත්වය සිදු කරන්නේ මෙම වරදෙහි බරපතලකම තබා අඩු වශයෙන් තමන් මෙවැනි වරදක් කරන බව හෝ නොදැනයි. එක්තරා දුරකට මෙය සංස්කෘතික ප්‍රශ්නයක්.

චැට්ජීපීටී යුගයට කලින්ම අන්තර්ජාලය තොරතුරු වලින් පිරී ගියා. ගූගල් සෙවුමක දුරින් ඕනෑ තරම් දේ තිබුණු නිසා රචනා චෞරත්වයටද විශාල අවකාශයක් විවර වුනත් එවැනි ක්‍රියාකාරකම් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගද සමාන්තරව දියුණු වීම නිසා යම් අයෙකුට තමන් නොදැන හෝ මේ බරපතල වරද කර ඇත්නම් ඒ බව කලින් හඳුනා ගැනීමේ මාර්ග විවෘත වුනා. එමෙන්ම අවශ්‍ය අයෙකුට මේ වරද කරන්නන් අපහසුවකින් තොරව හඳුනාගත හැකි වුනා. 

චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟ මේ තත්ත්වයෙහි වෙනසක් වී තිබෙනවා. එකම ප්‍රශ්නයට වුවත් එයින් දෙවරකදී එකම පිළිතුර නොලැබෙන නිසා මේ හරහා සිදු විය හැකි රචනා චෞරත්වය හඳුනා ගැනීම පහසු නැහැ. පැහැදිලි සැකයක් ඇති වුවත් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ. මෙය අධ්‍යාපන ආයතන වලට අභියෝගයක්.

කෙසේ වුවත්, ඇමරිකාවේ අධ්‍යාපන ආයතන මෙම අලුත් තත්ත්වය හඳුනා ගනිමින් අනුවර්තය වෙමින් සිටිනවා. තාක්ෂනය වැඩි දියුණුවීම හා ප්‍රචලිත වීම නොවැලැක්විය හැකි අතර එසේ කළ යුතුද නැහැ. සිදුවිය යුත්තේ පවත්නා ආයතන හැකි ඉක්මණින් අලුත් තාක්ෂනය වැළඳගෙන අවශ්‍ය පරිදි අනුවර්තනය වීමයි. එසේ නොකරන ආයතනයකට වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. බොහෝ අධ්‍යාපන ආයතන වල ප්‍රවේශය වී තිබෙන්නේ සිසුන් මෙවැනි අලුත් මෙවලම් භාවිතයට ගැනීම දිරිමත් කරමින් හා ප්‍රවර්ධනය කරමින් එවැනි මෙවලම් පුද්ගල සංවර්ධනය පිණිස වඩා ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය පිලිබඳව මාර්ගෝපදේශනය කිරීමයි. 

චැට්ජීපීටී යනු වේගයෙන් සිදුවෙමින් තිබෙන ස්වයංකරණ විප්ලවයක එක් කුඩා කොටසක් පමණයි. මීට පෙර මිනිසුන්ගේ කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය යොදා ගෙන ඉටු කළ බොහෝ දේ මේ වන විට යන්ත්‍ර විසින් සිදු කරමින් සිටිනවා. බොහෝ දේවල් තවමත් මිනිසුන් අතින් සිදු වන්නේ තාක්ෂනය නැතිකමට වඩා ශ්‍රමය තව දුරටත් ලාබදායී නිසයි. යාන්ත්‍රික ශ්‍රමයේ පිරිවැය මිනිස් ශ්‍රමයේ (කායික මෙන්ම මානසික) පිරිවැය ඉක්මවා ගිය වහාම තත්ත්වය වෙනස් වෙනවා. මෙය නොවැලැක්විය හැකි පරිවර්තනයක්.

මේ තාක්ෂනික පරිවර්තනය එකවර වේගවත් වීම සඳහා බලපා තිබෙන දේශපාලනික සාධකයක්ද තිබෙනවා. ඒ ලෝකය පුරා හමා ගිය ජාතිකවාදී රැල්ලයි. මෙයම වෙනත් අයුරකින් කිවහොත් මේ පරිවර්තනය මෙතෙක් ප්‍රමාද කරනු ලැබූයේ කාලයක් තිස්සේ ලෝකය පුරා හමා ගිය ජාත්‍යන්තරවාදී රැල්ලයි. 

යම් හෙයකින් ඇමරිකාව වැනි දියුණු, විශාල රටක්, එහෙමත් නැත්නම් සියලුම බටහිර සංවර්ධිත රටවල් ඇතුළත් "සංවර්ධිත කලාපය" සෙසු ලෝකයෙන් වෙන් වී තමන්ගේ ආර්ථිකයන් සංවෘතව පවත්නා ගත්තේනම් මීට බොහෝ කලකට පෙර ශ්‍රමයේ පිරිවැය අවශ්‍ය තීරණාත්මක සීමාව පසු කර ගොස් මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ වෙනවා. එහෙත්, මෙම සංවර්ධිත කලාපයට බාහිරව වූ ලෝකයෙන් දිගින් දිගටම සෘජුව හෝ වක්‍රව ලාබ ශ්‍රමය පොම්ප වූ නිසා, ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂව, ස්වයංකරණය වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජන සිදුවුනේ අඩු වේගයකින්. 

උදාහරණයක් විදිහට ලංකාව වැනි රටවල ඇඟලුම් කම්හල් හරහා ඇඳුම් නිපදවා ගැනීමේ විකල්පය ඇමරිකාව සතු නොවූයේනම් ඇමරිකානුවන් ඇඳුම් නොඇඳ ඉන්නේ නැහැ. එසේනම් ඒ ඇඳුම් ඇමරිකාව තුළම නිපදවෙනවා. නමුත් මෙහිදී ලංකාව වැනි රටකින් ලබා ගන්නා තරම් අඩුවට ශ්‍රමය මිල දී ගැනීමට හැකි නොවන නිසා පිරිවැය ඉහළ යනවා. එයින් සිදුවන්නේ ස්වයංකරණය දිරිගැන්වීමයි. අවසාන වශයෙන් ඇමරිකන් ශ්‍රමිකයා මේ කර්මාන්තයෙන් ඉවත් වන නමුත් එවැනි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයකදී ඇමරිකන් ශ්‍රමිකයා වෙනුවට වෙනත් රටක ශ්‍රමිකයෙකු ආදේශ වන්නේ නැහැ. ඒ තැන ගන්නේ යන්ත්‍රයක් විසින්. 

ජාත්‍යන්තරකරණය තුළ ඉහත ස්වයංකරණ ක්‍රියාවලියේ වේගය සීමා වුනත්, තවත් තීරණාත්මක සීමාවකින් පසුව ස්වයංකරණයට ජාත්‍යන්තරකරණ අභියෝගය නොසලකා හැරිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙය සංස්කෘතීන් අතර ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන සීමාවක්.

වත්මන් ලෝකයේ සංවර්ධනය සේ හඳුනාගන්නා දේවල් බොහොමයක තිඹිරිගෙය බටහිර සංස්කෘතියයි. මෙය බටහිර සංස්කෘතික ආධිපත්‍යයක් සේ යම් අයෙකුට විස්තර කළ හැකි වුවත්, එවැනි ආධිපත්‍යයක් ඇත්නම් එය ඇති වී තිබෙන්නේ පරිණාමික තරඟය ජයගැනීම තුළයි. මෙම ප්‍රමුඛ සංස්කෘතිය නියෝජනය කරන රටවලට මෙහි නිසග වාසිය ලැබෙන අතර එම සංස්කෘතිය හා අනුගත වන තරමට වෙනත් රටවලටද එම වාසිය වඩා වැඩියෙන් ලැබෙනවා. 

මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, සංවර්ධනය හඹා යද්දී තමන්ගේ සංස්කෘතියේ තිබෙන එයට උපකාරී නොවන අංග අතහැර දමන්නට බටහිර නොවන රටකට සිදු වෙනවා. එසේ නැත්නම්, පරිණාමික වාසියක් නොමැති එවැනි අංග තවදුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. වේගයෙන් ස්වයංකරණය සිදුවන වත්මන් යුගයේදී මෙසේ ගෙවන්නට සිදුවන මිල විශාල මිලක්. 

ජාත්‍යන්තරකරණ රැල්ල ආපසු හැරවුණේ ඔය පරිවර්තනය ඔය ආකාරයෙන් සිදු නොවූ නිසයි. බොහෝ දෙනෙක් තමන්ගේ සංස්කෘතියේ අංග වෙනස් වනු දැකීමට දක්වන ප්‍රතිරෝධය විසින් අවසාන වශයෙන් සිදුවන්නේ ප්‍රමුඛ සංස්කෘතිය හා අනෙකුත් සංස්කෘතීන් අතර ආදායම් පරතරය පුළුල් කිරීමයි. ස්වයංකරණ පෙරහැර එද්දී යම් අවස්ථාවක මේ පරතරය වේගයෙන් ඉහළ ගොස් සංවර්ධිත රටවල් හා අනෙකුත් රටවල් අතර කවදාවත් නොතිබුණු ආකාරයේ උස තාප්පයක් හැදෙන්න පුළුවන්. 

එක උදාහරණයක් විදිහට ඇමරිකාවේ කෘෂිකර්මය ගත්තොත් මහා පරිමාණ වගාබිම් කලකට පෙර සිටම මුළුමනින්ම මෙන් කාර්මීකරණය වී ඇතත් වෙනත් ඇතැම් කෘෂිකාර්මික කටයුතු සඳහා තව දුරටත් මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා.  මෙම ශ්‍රමයෙන් සැලකිය යුතු කොටසක් සංක්‍රමණිකයින් විසින් සැපයූවා. ලංකාවේ සන්දර්භයෙන් උදාහරණයක් ගත්තොත්, තේ දළු කැඩීම සඳහා යොදවන මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ කිරීම අපහසු නැහැ. නමුත්, යාන්ත්‍රික ශ්‍රමය යොදාගෙන ගහක අඹ කඩන එක ඒ තරම් පහසු නැහැ. අමු අඹ ඉතිරි කර ඉදුණු අඹ පමණක් කඩන එක යන්ත්‍රයකට පහසුවෙන් කළ නොහැකි දෙයක්. එහෙත් දැන් මේ වගේ සංකීර්ණ කටයුතු පවා තාක්ෂනය යොදාගෙන කළ හැකියි. කැමරා මගින් ගහේ ඇපල් ගෙඩියෙන් ගෙඩිය නිරීක්ෂණය කර අවශ්‍ය පමණ පැසුණු ඇපල් ගෙඩි පමණක් කඩා එකතු කර ගැනීම සඳහා ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගත හැකියි. 

අනෙක් අතින් මෙතෙක් වෘත්තිකයින් විසින් කළ කටයුතු බොහොමයක් ඉතා ඉක්මණින් කෘතීම බුද්ධි යන්ත්‍ර විසින් අත්පත් කර ගැනීමට නියමිතයි. එහිදී පහළ යන ශ්‍රම අවශ්‍යතාවය හේතුවෙන් මුලින්ම සිදු වනු ඇත්තේ සංවර්ධිත ලෝකය හා බාහිර ලෝකය අතර තාප්පය තවත් උස් වී සංක්‍රමණයට තිබෙන ඉඩප්‍රස්තා සීමා වීමයි.

ස්වයංකරණය නිසා මිනිස්සුන්ට රස්සා නැති වෙයිද?

රස්සා නැති වෙනවානම් එහි බලපෑම වැඩියෙන්ම දැනෙනු ඇත්තේ සංවර්ධිත ලෝකයට පිටත රටවලටයි. මොකද වැඩි වැඩියෙන් ස්වයංකරණය වෙනවා කියන්නේ රට ඇතුළේ තිබෙන ශ්‍රමය ප්‍රමාණවත් වෙනවා කියන එක. ඒ නිසා රටක් ස්වයංකරණය  වී ගෙන යද්දී වැඩි වශයෙන් ප්‍රතිස්ථාපනය වෙන්නේ රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය වීමටයි වැඩි ඉඩක් තිබෙන්නේ. 

හැබැයි ඔය විදිහට රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය ප්‍රතිස්ථාපනය කළත් යම් වෙලාවට රට ඇතුළේ තිබෙන ශ්‍රමය වුනත් අවශ්‍ය නැති වෙලා ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නයට රටකට මුහුණ දෙන්න වෙනවා නේද?

අනිවාර්යයෙන්ම ප්‍රශ්නය මතු වෙනවා. නමුත්, ප්‍රශ්නය මතු වෙන්නේ ප්‍රශ්නයට විසඳුම්ද එක්ක. විසඳුම ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබෙනවා. අවසාන වශයෙන් කොයි පැත්තට යනවද කියන එක තීරණය කරන්නේ දේශපාලනය.

සරල පැහැදිලි කිරීමක් විදිහට ස්වයංකරණයේ අනාගතය කියා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම මෙන් යන්ත්‍ර මගින් හදන තත්ත්වයක්. ඒ නිසා, මිනිස් ශ්‍රමය අවශ්‍ය නැතුව යනවා. හැබැයි යන්ත්‍ර විසින් භාණ්ඩ හා සේවා කොයි තරම් හැදුවත් ඒ භාණ්ඩ හා සේවා වලට වටිනාකම් දෙන්නේ මිනිස්සු. වටිනාකම ලැබෙන්නේ එම භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේදී. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී ගන්නනම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. මිනිස්සු අතේ සල්ලි නැත්නම් භාණ්ඩ හා සේවා වල වටිනාකමක් නැතිව යනවා. වටිනාකමක් නැත්නම් හදන එකේ තේරුමක් නැහැ. 

දැන් ප්‍රශ්නය යන්ත්‍ර මගින් හදන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද කියන එක. එක ක්‍රමයක්නම් හැමෝම වගේ ප්‍රාග්ධනයේ අයිතිකරුවන් වීම. යන විදිහට එහෙම දෙයක් වෙන්න ඉඩකඩ අඩුයි. හැමෝම ප්‍රාග්ධනයේ අයිතිකරුවන් විය හැකි වුවත් ප්‍රාග්ධනය සමානව බෙදී යාමේ ඉඩක් නැහැ. ඒ නිසා, වැඩි ප්‍රාග්ධනයක් තිබෙන පිරිස "ලොක්කෝ" වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ඒ වගේ ක්‍රමයක් පවතින්නනම් ඔය "ලොක්කෝ" ටික තමන්ගේ ආදායමෙන් කොටසක් අනෙක් අයටත් බෙදලා දෙන්න වෙනවා. විශ්වීය මූලික ආදායම් සංකල්පය (UPI) වගේ දේවල් වලින් වෙන්නේ ඔය වගේ දෙයක්. ඔය ක්‍රමයට ගියොත්නම් යම් පිරිසක් වහල්ලු තමයි. 

ඕක වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකුත් තිබෙනවා. භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ කාලය ඉතිරි වෙනවා කියන එක. මේ ඉතිරි වන කාලය යොදවන්නේ මොන වගේ දේවල් වලටද? 

කාලය ඉතුරු වන තරමට මිනිස්සු තමන් සතුටු වන දේවල් වෙනුවෙන් ඒ කාලය යොදවනවා. ක්‍රීඩා කරන්න, චිත්‍රපට නාට්‍ය බලන්න, සිංදු අහන්න වගේ දේවල්. තව අවන්හලකට ගිහින් කාලා බීලා සතුටු වෙන්න. වැඩි වැඩියෙන් කාලය ඉතුරු වෙනවා කියන්නේ ඔය වගේ දේවල් වලට ඉල්ලුම විශාල ලෙස වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ අනෙක් මිනිසුන් සතුටු වන දේවල් කරලා සල්ලි හොයන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවා කියන එකයි. "ලොක්කෝ" ටිකක් එකතු වෙලා "පොඩ්ඩන්ට" නිකම් සල්ලි බෙදුවොත් නොවිය හැකි වුනත්, එහෙම සල්ලි නිකම් ලැබෙන්නේ නැත්නම් මිනිස්සුන්ට සල්ලි හොයන්න මොනවා හෝ කරන්න වෙනවා. යන්ත්‍ර වලින් හැදුවත් භාණ්ඩ හා සේවා වලට වටිනාකමක් දෙන්නේ මිනිසුන්ම නිසා අවසාන වශයෙන් වෙන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මිනිස් ශ්‍රමයේ මිල ඉහළ යන එක.

විනෝදාස්වාද කටයුතු හා අදාළ නිෂ්පාදන වගේ දේවල් වුනත් මිනිස් ශ්‍රමය නැතුව යන්ත්‍ර වලින්ම කරන්න පුළුවන් වෙයි. නමුත් මිනිස් ශ්‍රමය යොදාගෙන කරන දේවල් වලට වෙනම ප්‍රීමියම් මාකට් එකක් හැදෙයි. නිකම් බිත්තර වලට වඩා ඕගනික් බිත්තර මිල වැඩියි වගේ. උදාහරණයක් විදිහට මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකින් කෑම ගන්න එක මිල අධික, සුඛෝපභෝගී දෙයක් වෙන්න පුළුවන්. එතකොට කවුරු හෝ කියන්න පුළුවන් "අපේ දහවෙනි විවාහ සංවත්සරයට අපි මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකට ගිහිං මිනිස් කෝකියෝ හදපු කෑම වේලක් කමු!" වගේ කතාවක්. 

ඔය විදිහට ශ්‍රම වෙළඳපොළ නැවත සකස් විය හැකි නිසා ශ්‍රමය පමණක් තිබෙන කෙනෙකුට වුවත් මහන්සි වෙලා උඩට ගිහින් ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමේ අවස්ථාව තවදුරටත් ඉතිරි වෙයි. නමුත්, විශ්වීය මූලික ආදායම් ක්‍රමය වගේ දේවල් පුළුල් වන තරමට ඕකේ අනෙක් පැත්ත වීමේ අවදානම ඉහළ යනවා. ප්‍රායෝගිකව සිදු විය හැක්කේ, දැන් වගේම, ඔය අන්ත දෙකේ අතරමැදි තත්ත්වයක්. 

පසුගිය සතියේ (මැයි 16) ඇමරිකාවේ සිදු වුනු තවත් වැදගත් දෙයක්නම් සෙනෙට් කමිටුවක් විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කිරීම පිළිබඳව මෙහි නියැලෙන ප්‍රධාන සමාගම් වලින් අදහස් විමසීමයි. මේ හා අදාළ නීති මාලාවක් මේ වෙද්දීත් හැදෙමින් තිබෙනවා. මෙම අවස්ථාවේදී චැට්ජීපීටී හඳුවාදුන් ඕපන්ඒඅයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පළ කළ අදහස තරමක් අනපේක්ෂිත එකක්. ඔහු විසින් ඉල්ලා සිටියේ සිදුවිය හැකි වැරදි වලක්වා ගැනීම සඳහා රජය විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කළ යුතු බවයි. කෘතීම බුද්ධිය භාවිතය වර්ධනය වීම මෙන්ම ඒ හරහා රාජ්‍ය මැදිහත්වීම් ඉහළ යාමද පැහැදිලිව පෙනෙන්නට තිබෙන ප්‍රවණතාවක්. 

Sunday, July 15, 2018

මා ඉතින් යන්න යනවා...මේ සැලූන් දොරෙන්...


වඩා උචිත පරිසරයක් සොයා සංක්‍රමණය වීම මිනිසුන් මෙන්ම වෙනත් බොහෝ සතුන් විසින්ද කරන දෙයකි. මිනිසුන්ගේ ඉතිහාසය කියන්නේම අඩු වැඩි වශයෙන් සංක්‍රමණය පිළිබඳ කතාවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ලෝක ජනගහනයෙන් 3.3%ක් හෙවත් මිලියන 124.6ක් සංක්‍රමණිකයෝය. වෙනත් අයුරකින් කියනවානම් ලෝකයේ ජීවත්වන සෑම 30 දෙනෙකුගෙන්ම එක් අයෙක් සංක්‍රමණිකයෙකි.

සංක්‍රමණිකයින් වැඩිම පිරිසක් ජීවත්වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. එම ප්‍රමාණය මිලියන 25.6කි. ජර්මනියේ මිලියන 6.1ක්ද, රුසියාවේ මිලියන 5.9ක්ද,  එක්සත් රාජධානියේ මිලියන 4.6 ක්ද, කැනඩාවේ හා ප්‍රංශයේ මිලියන 4.1ක් බැගින්ද සංක්‍රමණිකයෝ වෙසෙති.

රටේ ජනගහණයට සාපේක්ෂව වැඩිම සංක්‍රමනිකයින් ප්‍රමාණයක් සිටින රටවල් අතර මැදපෙරදිග කලාපයේ රටවල් ඉදිරියෙන්ම සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනගහණයෙන් 81.2%ක්ම සංක්‍රමනිකයෝ වෙති. කුවේට් ජනගහනයෙන් 56.8%ක්ද, කටාර් ජනගහනයෙන් 42.1%ක්ද, බහරේන් ජනගහනයෙන් 36.0%ක්ද සංක්‍රමනිකයෝය. මැදපෙරදිග කලාපයෙන් පිටත සිංගප්පූරුවේ වෙසෙන්නන්ගෙන්ද අඩකටත් වඩා සංක්‍රමනිකයෝ වෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම (2017) සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට සංක්‍රමණය වී සිටින ජනගහණය 1,726,900 කි. මෙහිදී සංක්‍රමණිකයෙකු ලෙස ගැනෙන්නේ තමන් දැනට ස්ථිරව ජීවත්වන රටේ නොඉපදුණු හා/හෝ වෙනත් රටක පුරවැසියෙකු වන අයෙකි. සංක්‍රමණිකයෙකුගෙන් පැවැත එන්නෝ සංක්‍රමනිකයෝ නොවෙති. ඒ නිසා ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් සියලුම දෙනා සංක්‍රමණිකයින් ලෙස සැලකෙන්නේ නැත. මේ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් 8.1%කට පමණ සමාන ජනගහණයකි.

ඉහත කී, ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වූවන්ගෙන් වැඩිම පිරිසක් වෙසෙන්නේ සවුදි අරාබියේය. අනෙකුත් ජනප්‍රිය ගමනාන්ත අතර මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල්, යාබද ඉන්දියාව හා බටහිර රටවල් ඉදිරියෙන්ම සිටී.


සංක්‍රමණයට ශ්‍රී ලාංකිකයින්ගේ ඇති ලැදියාව මෙසේ වුවත්, ශ්‍රී ලංකාව සංක්‍රමණිකයන්ට විශාල ප්‍රතිරෝධයක් දක්වන රටකි. ශ්‍රී ලංකාවේ වෙසෙන සංක්‍රමණික ජනගහණය රටේ ජනගහණයෙන් 0.2%ක් පමණක් වන අතර මෙය දකුණු ආසියා කලාපයේ රටවල් අතරින් වුවද අඩුම ප්‍රතිශතයයි.

(image: http://srilankabrief.org/2015/02/un-sri-lanka-protect-migrants-abuse/)

Saturday, November 4, 2017

සමාන වැටුප් සමානද?



වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සියලුම ශ්‍රමිකයින්ට සමාන වැටුප් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට, කිසියම් ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප තීරණය වන්නේ අදාළ ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය මතය. එහෙත්, මෙය ස්වභාවික ලෙසම සිදුවන දෙයක් මිස කිසිවකුගේ සැලසුමක් අනුව සිදුවන්නක් නොවේ.

එසේනම්, ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය තීරණය වන්නේ කෙසේද? ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය යනු අදාළ ශ්‍රමිකයා කිසියම් නිෂ්පාදන කාර්යයකට සම්බන්ධ වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ශ්‍රමිකයා විසින් තමන් විසින් ලබා දෙන ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නා තාක්ෂනය හා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය අනුව මේ ශ්‍රමිකයා විසින් එකතු කළ ශ්‍රමය හේතුවෙන් ඉහළ යන නිෂ්පාදිතය තීරණය වෙයි. පාරිභෝගිකයෝ නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම තීරණය කරති.

වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගම් කටයුතු කරන්නේ තමන්ගේ ලාභ හැකිතාක් වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමිනි. එවැනි සමාගමකට කිසියම් ශ්‍රමිකයෙකුගේ ශ්‍රමයේ ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ශ්‍රමිකයෙකුට ගෙවිය නොහැකිය. ඒ නිසා, ලබා ගන්නා වැටුපට ප්‍රමාණවත් තරම් නිෂ්පාදන දායකත්වයක් ලබා නොදෙන ශ්‍රමිකයින්ගේ වැටුප් අඩු කිරීමට හෝ ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සමාගමකට සිදු වේ. එබැවින්, නිදහස් වෙළඳපොළක අකාර්යක්ෂම සේවකයෙකුට දිගුකාලීන පැවැත්මක් නැත.

නිදහස් වෙළඳපොළක නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගමකට සිය ශ්‍රමිකයින්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් නොගෙවා සිය ලාභ ඉහළ නංවා ගත හැකිද? මෙයද දිගුකාලීනව සිදු නොවිය හැක්කකි.

සමාගම් ලාභ වැඩි කර ගැනීමට උත්සාහ කරනවාක් මෙන්ම ශ්‍රමිකයෝ හැකිතාක් සිය වැටුප් වැඩි කර ගැනීමට උත්සාහ දරති. ඒ නිසා, දැනට සේවය කරන සමාගමෙන් සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබෙන විට වැඩි වැටුප් ගෙවන වෙනත් තරඟකාරී සමාගමක් වෙත යාමට ශ්‍රමිකයෝ පෙළඹෙති. අදාළ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැත්නම් තමන්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් හිමිවන තුරු ශ්‍රමිකයෙකුට සමාගම් අතර මාරු විය හැකිය. මේ නිසා කිසියම් ශ්‍රමිකයෙකුට සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබී යන්නේද නැත.

ශ්‍රමිකයින් වැඩි වැටුප් සෙවීමේත්, සමාගම් විසින් වැඩි ලාබ සෙවීමේත් ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් සියලුම ශ්‍රමිකයන්ගේ වැටුප් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවයට සමාන වෙයි.

ඇතැම් විට කිසියම් ශ්‍රමිකයෙකු වෙනත් ආයතනයක් තුළ දැන් සේවය සපයන ආයතනයේදීට වඩා ඵලදායී වන්නට පුළුවන. වෙනත් අයුරකින් කියනවානම් දැන් සපයන ශ්‍රමයම වෙනත් ආයතනකට ලබාදී වැඩි නිෂ්පාදිත වටිනාකමක් එකතු කරන්නටත්, වැඩි වැටුපක් ලබන්නටත් ශ්‍රමිකයෙකුට හැකි වන්නට පුළුවන. ඒ, නිෂ්පාදන තාක්ෂනය සමාගමෙන් සමාගමට වෙනස් විය හැකි නිසාය. මෙවැනි හැකියාවක් ඇති විටද ශ්‍රමිකයෝ රැකියා මාරු කරති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ කිසිවෙකුගේ මධ්‍යගත සැලසුමකින් තොරවම, එක් එක් ශ්‍රමිකයා තමන්ට වඩාත්ම කාර්යක්ෂම විය හැකි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමයි.

භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින් නිසා සමාගමකට හිතුමතේ මිල වැඩි කර ලාභ වැඩි කරගත නොහැකිය. එසේ කළහොත්, පාරිභෝගිකයින් වෙනත් තරඟකාරී සමාගමක් වෙත යොමු වන්නට ඉඩ ඇති නිසා දැනට ලැබෙන ආදායමත් අඩු වී පාඩු විඳින්නට විය හැකිය. එමෙන්ම, කිසියම් ශ්‍රමිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුප් නොගෙවා ලාබ ලැබීමේ හැකියාවක්ද නැත. එසේ කළහොත්, ඔවුන් සමාගමෙන් ඉවත් වී වෙනත් තරඟකාරී සමාගමකට සේවය සපයන්නට ඉඩ තිබේ. 

නිදහස් වෙළඳපොළක කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන තරඟකාරී සමාගමකට සාමාන්‍යයෙන් උපයාගත හැක්කේ සිය ප්‍රාග්ධන ආයෝජනයට සරිලන ලාභයක් පමණි. මේ නිසි ලාභයනම් කිසියම් අයෙකු විසින් එකතු කළ ප්‍රාග්ධනය හේතුවෙන් ඉහළ ගිය නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ප්‍රාග්ධනය සපයාගෙන තිබෙන්නේ බැංකු ණයක් වැනි ක්‍රමයකින්නම් මේ කොටස ණය පොලී ලෙස වැයවේ. එසේ නැත්නම් කොටස් හිමියන්ගේ ලාභ ලෙස ඉතිරි වේ. ඊට වඩා වැඩි ලාභයක් ලබා ගත හැක්කේ තමන්ගේ ව්‍යවසායකත්වය තුළින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමෙන් පමණි. සමාගමක සැබෑ ලාභ ලෙස සැලකිය හැක්කේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වෙන් කිරීමෙන් පසුවද තවත් ලාභ ඉතිරි වන්නේනම් එවැනි අතිරික්ත ඉතිරියක් පමණි.

වෙළඳපොළ ආර්ථිකයක වඩාත්ම වැදගත් පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ පාරිභෝගිකයාය. පළමුව භාණ්ඩයක හෝ සේවාවක මිලත්, දෙවනුව සමාගම් වල ලාභත්, තෙවනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභත් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසිනි. ඒ නිසා වෙළදපොළ තරඟය යනු පාරිභෝගිකයා සතුටෙන් තැබීමට කරන තරඟයකි. වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ සමාජයේ සියලු දෙනා විසින්ම අනෙකාව සතුටෙන් තබන්නට මහන්සි වෙන, අනෙකාගේ රුචිඅරුචිකම් ගැන සොයා බලන්නට උනන්දු කරවන සමාජ සැකසුමකි. එසේ නැතුව, තමන් තනියෙන් ගොඩ යන්නට හදන ක්‍රමයක් නොවේ.

වෙළඳපොළ ආර්ථිකයක් තුළ ඕනෑම නිෂ්පාදන කාර්යයක යෙදෙන අයෙකුට තමන්ගේ ශ්‍රමය, ප්‍රාග්ධනය හෝ ව්‍යවසායකත්වය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ යන්නේ අනෙකා ධනවත් වූ තරමටය. ඒ නිසා, කවුරු හෝ ධනවත් වන විට ධනවාදියෙකු සතුටු වේ. වැඩි දෙනෙකු ධනවත් වන විට වැඩියෙන් සතුටු වේ.

ධනවාදය තුළ සියලු මිනිසුන්ගේ රුචිඅරුචිකම් සමාන නොවන බව පිළිගැනේ. ඒ නිසා, එකම භාණ්ඩයට හෝ සේවාවට විවිධ පුද්ගලයින් විසින් වෙනස් වටිනාකම් දීම ධනවාදියෙකුට ප්‍රශ්නයක් නොවේ. 

එහෙත්, ඉහත තත්ත්වය භෞතිකවාදියෙකු විසින් දකින්නේ විඥානවාදී අදහසක් ලෙසිනි. භෞතිකවාදියෙකු වූ කාල් මාක්ස්ටද පුද්ගලයින්ගේ රුචිඅරුචිකම් වල වෙනස්වීම් මත භාණ්ඩයක වටිනාකම (හා මිල) තීරණය වීම පිළිගත නොහැකි කරුණක් විය. ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය ඇතැම් දේවල් මුදලට නොවිකිණෙන අතර එතරම් විශාල ප්‍රයෝජ්‍ය අගයක් නැති දේවල් සැලකිය යුතු මිලකට විකිණෙන්නේ ඇයිද යන්න ඔහුට ගැටලුවක් විය. ඒ නිසා, භාණ්ඩයක සැබෑ මිල සඳහා පුද්ගලයින් මත තීරණය නොවන නිරපේක්ෂ අර්ථදැක්වීමක් සොයන්නට ඔහු උත්සාහ කළේය.

කාල් මාක්ස්ගේ උත්සාහය ගොන්පාර්ට් එකක් නොවේ. ඔහු එතෙක් මේ හා අදාළව සියවස් ගණනක් පුරා සිදු කෙරුණු අධ්‍යයනයන් හදාරා සිටි, තමන් ජීවත්ව සිටි කාලයේ නිෂ්පාදන බලවේග හැසිරුණු ආකාරය ගැන පැහැදිලි දැනීමක් තිබූ විද්වතෙකි. එහෙත්, ඔහු පළමුව භෞතිකවාදයේත් වඩා සීමිත අවස්ථාවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යවාදය තුළත්, දෙවනුව "සියලුම මිනිසුන් සමානය" යන දාර්ශනික (හෝ ආගමික) විශ්වාසය තුළත් හිර වී සිටියේය. ඒ නිසා, ඔහුගේ සම්පූර්ණ ප්‍රවාදයම ගොඩ නැඟුණේ මේ සීමාවන් ඇතුළේය. මාක්ස්වාදයේ මූලික උපකල්පන සමඟ එකඟ විය හැකි අයෙකුට එහි අනෙකුත් ගොඩනැඟුම් සමඟ එකඟ වීම අපහසු කරුණක් නොවේ.

මාක්ස්ගේ ප්‍රවාදය අනුව ස්වභාව ධර්මයේ ඇති දෙයක ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබුණත් ආර්ථික වටිනාකමක් නැත. එවැනි භාණ්ඩයකට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ වෙනුවෙන් වැය කරන මිනිස් ශ්‍රමයේ ප්‍රමාණයටය. උදාහරණයක් ලෙස පැත්තක තිබෙන ලොකු කළුගලක ආර්ථික වටිනාකමක් නැති අතර කිසියම් අයෙකු කුළුගෙඩි පහර යොදා ඒ ලොකු ගල කුඩා සක්ක කැබලි බවට පරිවර්තනය කළ විට සක්ක කැබලි වලට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ ඒ වෙනුවෙන් වැය කළ ශ්‍රමය නිසාය. මේ වටිනාකම ගල් කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රමයට, එනම් ශ්‍රමිකයෙකු හෝ ශ්‍රමිකයින් විසින් ශ්‍රමය යෙදවූ පැය ගණනට සමානුපාතිකය.

සියලුම මිනිසුන් සමානනම් සියලුම මිනිසුන්ගේ පැයක ශ්‍රමයේ වටිනාකමද සමාන විය යුතුය. මේ පදනම මත, මාක්ස්වාදියෙකුට ඕනෑම භාණ්ඩයක ආර්ථික වටිනාකම එම භාණ්ඩය නිපදවීම සඳහා වැය කළ මිනිස් පැය ගණන අනුව තීරණය කළ හැකිය. එමෙන්ම, වෙනස් භාණ්ඩ වල එකිනෙකට සාපේක්ෂ වටිනාකම්ද තීරණය කළ හැකිය.

කෙසේ වුවද, මේ ප්‍රවාදය සමඟ ඉදිරියට යන මාක්ස්ට මුහුණ දෙන්නට වන පළමු ප්‍රශ්නය සියලුම මිනිසුන් එක තරමට කාර්යක්ෂම නොවීමයි. එක් ශ්‍රමිකයෙකු පැයකට ගල් පෙට්ටියක් කඩන විට දෙවැන්නෙකු ඒ සඳහා පැය දෙකක් ගත කරයි. ඉහත මූලික ප්‍රවාදය අනුව, දෙවැන්නා විසින් කඩන ගල් දෙගුණයක් වටින්නේ විය යුතුය. එහෙත්, එය එසේ විය නොහැකිය. 

මෙයට විසඳුමක් ලෙස කාල් මාක්ස් විසින් නිෂ්පාදනය සඳහා යෙදවිය යුතු සාමාන්‍ය ශ්‍රමය යන අදහස ඉදිරිපත් කරයි. මේ අනුව, පළමුවැන්නා හා දෙවැන්නා විසින් කඩන ගල් ආර්ථික වටිනාකම අනුව වෙනස් ලෙස නොසැලකේ. දෙදෙනා විසින් එකතුව පැයක් තුළ ගල්පෙට්ටි 1.5ක් කඩන නිසා ගල් පෙට්ටියක වටිනාකම ශ්‍රම ඒකක 1.33ක් (=2/1.5) ලෙස සැලකීම විසඳුමකි. ඒ අනුව, මේ දෙදෙනාටම ඔවුන්ගේ පැයක ශ්‍රමය වෙනුවෙන් ගල් පෙට්ටි 1.33ක වටිනාකමට සමාන මුදලක් ගෙවීම මාක්ස්වාදීන්ගේ ක්‍රමයයි. එහෙත්, ධනවාදී ආර්ථිකයකනම් සිදුවන්නේ දෙවැන්නාට පළමුවැන්නා මෙන් දෙගුණයක ආදායමක් ලැබීමයි.

දෙවනුව මතු වන ප්‍රශ්නය වන්නේ කිසිවකුට වැඩක් නැති කාර්යයක් සඳහා යොදවන ශ්‍රමය වෙනුවෙන්ද මුදල් ගෙවිය යුතුද යන්නයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාක්ස්වාදය තුළ "ඵලදායී නිෂ්පාදන කාර්යයක් සඳහා වැය කෙරෙන ශ්‍රමය" යනුවෙන් විශේෂණයක් යෙදේ. මේ අනුව, මාක්ස්වාදී ආර්ථිකයක් යටතේ ශ්‍රමිකයින්ට තමන් විසින් ලබා දෙන නිෂ්පාදන දායකත්වය මත නොව ශ්‍රමය වැය කරන කාලය අනුව වැටුප් හිමිවේ. එහෙත්, ඒ සඳහා ඵලදායී නිෂ්පාදන කාර්යයක යෙදීමද අවශ්‍ය වේ.

මේ "ඵලදායී නිෂ්පාදන කාර්යයක්" යන්න තවත් අතුරු ප්‍රශ්නයක් මතු කරයි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදුකෙරෙන කිසියම් නිෂ්පාදන කාර්යයක ඵලදායීත්වය වෙළඳපොළ යාන්ත්‍රණය තුළම පරීක්ෂාවට ලක් වේ. ධනවාදී ආර්ථිකයක විකිණිය නොහැකි භාණ්ඩයක් නිපදවීමට යොදන ශ්‍රමය ඵලදායී නොවන ශ්‍රමයකි. එහෙත්, සමාජවාදී ආර්ථිකයක මෙවැනි පරීක්ෂාවක් සිදුවිය හැකි ස්වභාවික යාන්ත්‍රණයක් නැති නිසා රටේ නිෂ්පාදන සැලසුම මධ්‍යගත ලෙස සැලසුම් කරන අයෙකුට මෙය තීරණය කරන්නට සිදුවේ.

ඉහත උදාහරණයේ ගල් කඩන්නන් දෙදෙනා මෙන් සමාජවාදී රටක පැයක් තුළ ගල් පෙට්ටියක් කඩන අයෙකුටත්, ගල් පෙට්ටි දෙකක් කඩන අයකුටත් ලැබෙන්නේ සමාන වැටුපකි. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙවැන්නා අධෛර්යමත් වී ඔහුත් පළමුවැන්නා මෙන් අඩුවෙන් ගල් කඩන්නට පෙළඹීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සිදුවිය හැකිව තිබුණු නිෂ්පාදනයක් සිදු නොවීමයි. සමාජවාදී ආර්ථිකයන් අකාර්යක්ෂම වන්නේ මේ හේතුව නිසාය.

වෙළඳපොළ යාන්ත්‍රණයක් යටතේ සමාගම් විසින් නිෂ්පාදන කාර්යයෙහි නියැලෙන විට හැම විටම ලාබ වැඩි කරගැනීමට උත්සාහ කළත්, රජය විසින් මධ්‍යගත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන විට එවැන්නක් සිදු නොවේ. එහෙත්, එසේ වූ පමණින් ශ්‍රමිකයින් වැඩි වාසි හොයන්නට උත්සාහ කිරීම නවත්වන්නේ නැත. සමාජ ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් ස්වඅභිමතාර්ථය පිණිස කටයුතු කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.

ධනවාදී රටකදී මෙන් සමාජවාදී රටකදී ශ්‍රමිකයෙකුට රැකියා ස්ථානය මාරු කර වැටුප් වැඩි කර ගත නොහැකිය. සමාජවාදී රටවල පමණක් නොව ධනවාදී රටවල පවා රජයේ රැකියා කරන්නන්ට ලැබෙන්නේ නිශ්චිත වැටුපකි. එය ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය අනුව වෙනස් වන්නේ නැත. එසේ නැත්නම්, වෙනස් වන්නේ ඉතා අඩුවෙනි. මෙවැනි තත්ත්වයක ශ්‍රමිකයින් රැකියා තෝරාගන්නේ කවර පදනමකින්ද? ආර්ථික සාධක මෙහිදී වැදගත් වන්නේ නැද්ද?

පැරණි සෝවියට් දේශයේ ශ්‍රමිකයින්ගේ හැසිරීම අධ්‍යයනය කරමින් සිදු කර ඇති පර්යේෂණ අනුව පෙනී යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථික සාධක වෙනත් ආකාර වලින් ක්‍රියාත්මක වී ඇති බවයි. ලංකාවේ වත්මන් රාජ්‍ය සේවය දෙස බැලූ විටද මේ තත්ත්වයන් හඳුනාගත හැකිය. සමාන වැටුප් ලැබෙන සමාජ ආකෘතියක් යටතේ වැඩි ආදායම් ඉපැයීම සඳහා ශ්‍රමිකයින් ක්‍රියාකර ඇති ආකාර තුනක් මෙසේය.

1. අඩු පැය ගණනක් වැඩ කිරීම: මෙසේ කිරීමෙන් පැයක ශ්‍රමයේ වටිනාකම ඉහළ යයි.
2. වෙනත් නීත්‍යානුකූල නොවන ආදායම් ඉපැයීම: අල්ලස් ආදිය 
3. පොදු දේපොළ හොරකම් කිරීම 

මෙහිදී සිදු වී ඇත්තේ ශ්‍රමිකයින්ට වැඩි වැටුප් ගෙවන තැන් සෙවීම තේරීමක්ව නොතිබුණු පසුබිමක ඔවුන් විසින් අඩුවෙන් වැඩ කළ හැකි, වෙනත් ආදායම් හෙවිය හැකි හා පොදු දේපොළ හොරකම් කරන්නට ඉඩ සැලසෙන රැකියා හොයන්නට උත්සුක වීමයි. මේ කටයුතු වලදී කාර්යක්ෂම වූ අය සමාන වැටුප් ලබන්නන් අතරින් "වඩා සමාන වැටුප්" ලබා තිබේ.

Monday, July 31, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන රටවලින්ද?

ලංකාවේ රජයේ සරසවි වල ප්‍රධාන වෛද්‍ය පීඨ අටෙන් එකකින් හෝ කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ගන්නා අයෙකුට වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීම සාපේක්ෂව පහසු කටයුත්තකි. එහෙත්, විදේශ වෛද්‍ය උපාධියක් ගන්නා අයෙකු ඒ සඳහා පළමුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) විසින් පවත්වන විභාගයක් (ERPM- Examination for Registration to Practice Medicine) සමත් විය යුතුය. මෙය Act 16 Examination ලෙසද හැඳින්වුණේය.

ලෝකයේ පිළිගත් බටහිර වෛද්‍ය පීඨ වල උගන්වන න්‍යායාත්මක කරුණු වල විශාල වෙනස්කම් නැතත්, සාර්ථක ලෙස කිසියම් රටක වෛද්‍ය වෘත්තියේ යෙදීමට එම රටේ සෞඛ්‍ය සේවය පිළිබඳවත්, ලෙඩරෝග හා සංස්කෘතික කරුණු පිළිබඳවත් දැනුමක් වෛද්‍යවරයෙකුට අවශ්‍ය වේ. ඒ නිසා, බොහෝ විට කිසියම් රටක වෛද්‍ය උපාධියක් ලබාගත් අයෙකුට, වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය කොතරම් ඉහළ වුවත්, වෙනත් රටක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නට අවසර ලැබෙන්නේ එම රටට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බොහෝ දෙනෙකු මුදල් ගෙවා හෝ ඇතැම් විට ශිෂ්‍යත්ව මත විදෙස් වෛද්‍ය උපාධි ලබාගනිති. ඔවුන් අතරින් ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචි විය හැක්කේ ඉහත විභාගය සමත් වන අයට පමණි.



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛණ අනුව, 2005 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා වසර හයක කාලය තුළ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් 1078 දෙනෙකුට ඉහත විභාගයට පෙනී සිටීම අනුමත වී ඇති අතර ඔවුන්ගෙන් 1015 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ. විභාගයට පෙනී සිටි අයගෙන් හරි අඩක් එනම් 508 දෙනෙකු විභාගය සමත් වී තිබේ.

අයදුම්කරුවන්ගෙන් 51%ක් පමණම උපාධි ලබා ඇත්තේ රුසියාවෙනි. තවත් 8%ක් පමණ පැරණි සෝවියට් දේශයේ අනෙකුත් රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති අතර 33%ක් උපාධි ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලා දේශයෙන් හා නේපාලයෙනි. බටහිර රටවලින් (එංගලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන්) වෛද්‍ය උපාධි ලබාගෙන ඇත්තේ 2.6%ක් පමණි. තවත්, 2.4%ක් අප්‍රිකානු හා මැදපෙරදිග රටවලින්ද, 2.3%ක් චීනයෙන්ද වෛද්‍ය උපාධි ලබාගෙන තිබේ.

ඉහත කාලය තුළ වසරකට විභාගයට පෙනී සිට ඇති සාමාන්‍ය ගණන 169 දෙනෙකු වුවත්, මේ වසරේදී (2017) මෙම විභාගයට 598 දෙනෙකු පෙනී සිට ඇත. මෙයින් පෙනෙන්නේ විදෙස් වෛද්‍ය උපාධි ලබා ලංකාවට ආපසු පැමිණෙන ගණන පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස වැඩි වී ඇති බවයි. විභාගය අසමත්ව නැවත පෙනී සිටින්නන් විශාල පිරිසක්ද මේ අතර සිටින බව සිතිය හැකිය.

උපාධිය ලබාගත් රට මෙම විභාගය සමත් වීමට ඇති හැකියාව පිළිබඳ නිර්ණායකයක් බව පෙනෙන්නට නැත.



Sunday, June 4, 2017

ශ්‍රම වෙළඳපොළ සමතුලිතතාවය හා අවම වැටුප්


පුහුණු හෝ නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළද මූලික ආකෘතිය අතින් වෙනත් භාණ්ඩ හෝ සේවා වෙළඳපොලකින් වෙනස් නොවේ. රජයේ ඇඟිලිගැසීමක් නැත්නම් මේ වෙළදපොලේ මිල හෙවත් වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතය.

මෙය පැහැදිලි කිරීම සඳහා අපි ලංකාවේ පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීමේ වෙළඳපොල වෙත හැරෙමු. උස අයට වගේම මිටි අයට පවා තමන් කැමතිනම් කම්කරු රස්සාවක් වෙනුවට සිකියුරිටි රස්සාවක් හොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. වැටුප් එතරම් ඉහළ නොවූවත් සිකියුරිටි රස්සා සඳහා ලංකාවේ පුරප්පාඩු අඩුවක් නැතුව තිබේ.

සිකියුරිටි රස්සාවක් කිරීමේ හැකියාව තිබුණු පමණින්ම බොහෝ දෙනෙක් එවැනි රස්සාවකට අයදුම් කිරීම ගැන හිතන්නේ නැත. මේ අයගෙන් කොටසක් එසේ අයදුම් නොකරන්නේ ඒ රස්සාවට කැමති නැති නිසාය. තවත් බොහෝ දෙනෙකුට රස්සාවේ අවුලක් නැතත් වැටුප ගැන සෑහීමකට පත් නොවන නිසා අයදුම් නොකරති. සිකියුරිටි රැකියාවක් සඳහා වඩා වැඩි වැටුපක් ලැබෙනවානම් මේ දෙවන කාණ්ඩයේ අය එවැනි රැකියා සඳහා අයදුම් කරන්නට පැකිලෙන්නේ නැත. ඒ වගේම, යම් හෙයකින් මේ වැටුප් ඉතාම විශාල ලෙස ඉහළ ගියහොත් පළමු කාණ්ඩයේ අය වුවද සිකියුරිටි රස්සාවකට කැමති වෙන්නට ඉඩ තිබේ.

පුද්ගලයින් හත් දෙනෙකු විසින් සිකියුරිටි රස්සාවක් භාර ගැනීමට කැමති වන අවම මාසික වැටුප් පහත පරිදියැයි සිතමු.

අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500
ඊශ්වරන් -රුපියල් 15,000
උතුම් -රුපියල් 25,000

මුදල් ඉපයිය හැකි වෙනත් විකල්ප අවස්ථාවක් ඇති කෙනෙක් සිකියුරිටි රැකියාවකට එන්නේ වඩා වැඩි වැටුපක් ලැබේනම් පමණි. තමන්ට ඇති විකල්ප රැකියා අවස්ථා අනුව, එක් එක් පුද්ගලයා අපේක්ෂා කරන අවම වැටුප වෙනස් වේ. අඩු වැටුපකට රැකියාවට එන්නට කැමැත්තෙන් සිටින්නේ, වෙනත් විකල්ප අවස්ථා නැති, රැකියාවක් වැඩියෙන්ම අවශ්‍ය අයයි. වැඩි වැටුප් ඉල්ලන්නේ, වෙනත් රැකියා අවස්ථා ඇති, ඒ නිසා සිකියුරිටි රැකියාව "තිබුණත් එකයි නැතත් එකයි" අයයි.

ඉහත තොරතුරු අනුව අපට සිකියුරිටි සේවා සඳහා වන සැපයුම් වක්‍රය හෙවත් වැටුප් ඉහළ යද්දී සේවයට එන්නට කැමති පුද්ගලයින් ගණන වැඩිවන ආකාරය හදාගන්නට පුළුවන. එය පහත පරිදි වේ.

රුපියල් 7,999 දක්වා - 0
රුපියල් 8,000-9,999- 1
රුපියල් 10,000-10,999- 2
රුපියල් 11,000-11,999- 3
රුපියල් 12,000-12,499- 4
රුපියල් 12,500-14,999- 5
රුපියල් 15,000-24,999- 6
රුපියල් 25,000ට වැඩි - 7

අනෙක් අතට කිසියම් ආයතනයක් විසින් සිකියුරිටි කෙනෙක් තබා ගැනීමට තීරණය කරන්නේ ආයතනයේ වියදම ඕනෑවට වඩා වැඩි නොවනවානම් පමණි. ආයතන කිහිපයක් සිකියුරිටි කෙනෙක් වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිල පහත පරිදියයි සිතමු. (අපේ පහසුවට අතරමැදි සිකියුරිටි සමාගමක් නැතැයි සිතමු.)

අබාන්ස් - රුපියල් 15,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500
ඇන්සල් - රුපියල් 12,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000
ඉක්බාල් බ්‍රදර්ස්- රුපියල් 10,000
ඊරියගම ස්ටෝර්ස්- රුපියල් 9,000
උදාර ට්‍රේඩර්ස්- රුපියල් 8,000

දැන් අපට සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම් වක්‍රයද හදාගන්නට පුළුවන.

රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 1
රුපියල් 12,001-12,500- 2
රුපියල් 11,001-12,000- 3
රුපියල් 10,001-11,000- 4
රුපියල් 9,001-10,000- 5
රුපියල් 8,001-9,000- 6
රුපියල් 8,000ට අඩු - 7

සේවා සපයන්නට හා සේවා ලබාගන්නා ආයතන වලට නිදහසේ ගිවිසුම් වලට එළැඹීමට ඉඩ ඇත්නම් ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. එසේ සමතුලිත වන "නියම" මිල රුපියල් 11,001-11,999 අතර මිලකි. මේ මිල රුපියල් 11,500ක් යැයි අපි හිතමු. නිදහස් ශ්‍රම වෙළඳපොළක් ඇති විට මෙසේ තීරණය වන මිල සමස්තයක් ලෙස සියලු පාර්ශ්වයන් විට හොඳම මිලයි. මේ මිල යටතේ තිදෙනෙකුට රැකියාව ලැබේ. අනිත් අයට නොලැබේ.

රැකියා ලැබෙන්නේ රැකියා වඩාත්ම අවශ්‍ය තිදෙනා වන අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ටය. ඒ තිදෙනාටම, තමන් අපේක්ෂා කරන අවම වැටුපට වඩා වැටුපක් ලැබේ. එය ඔවුන් ලබන අතිරික්ත ලාබයකි. අදාළ ලාබ මෙසේය.

අජිත් - රුපියල් 11,500- 8,000 = රුපියල් 3,500
ආනන්ද - රුපියල් 11,500- 10,000 = රුපියල් 1,500
ඇන්ටන් - රුපියල් 11,500- 11,000 = රුපියල් 500
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 5,500

මෙහිදී ඉතිරි හතර දෙනාට රැකියා නොලැබී යයි. එහෙත්, ඒ සිකියුරිටි රැකියාවක් සඳහා ගෙවන රුපියල් 11,500 වැටුපට සේවය කරන්නට ඔවුන් කැමති නැති බැවිනි. ඔවුන් එසේ අකැමැති වන්නේ ඔවුන්ට වඩා හොඳ විකල්ප අවස්ථාවන් ඇති බැවිනි. එසේ නොවීනම් ඔවුන් රුපියල් 11,500ක වැටුපට සිකියුරිටි රැකියාවක් භාර ගැනීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා, සිකියුරිටි රැකියාවකට නොපැමිණීමෙන් ඔවුන්ටද වෙන්නේ යහපතකි. මෙහිදී කිසිවකුගේ ශ්‍රමය "සූරාකෑමක්" සිදුවී නැත.

අනෙක් අතට, ආරක්ෂක සේවා ලබාගැනීමට බලාපොරොත්තු වූ ආයතන අතරින් ඒ අවස්ථාව ලැබෙන්නේ ආයතන තුනකට පමණි. ඒ, වැඩිම වැටුප් ගෙවන්නට සූදානමින් සිටි අබාන්ස්, ආරාධනා ටෙක්ස්ටයිල්ස් හා ඇන්සල් යන ආයතන තුනටය. ඔවුන් රුපියල් 11,500 ඉක්මවන වැඩි වැටුප් ගෙවීමට සූදානම්ව ඉන්නේ ගෙවන මුදලට සරිලන සේවයක් ඔවුන්ට ලැබෙන නිසාය. දැන්, මේ ආයතන තුනටම ඔවුන් ගෙවන්නට බලාපොරොත්තු වූ මිලට වඩා අඩුවෙන් සිකියුරිටිවරුන් සේවයට බඳවාගන්නට ලැබීම නිසා ඔවුන්ටද සිදුවන්නේ ලාභයකි. එය මෙසේය.

අබාන්ස් - රුපියල් 15,000 - 11,500 = රුපියල් 3,500
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,500 = රුපියල් 1,000
ඇන්සල් - රුපියල් 12,000 - 11,500 = රුපියල් 500
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 5,000

අවසාන වශයෙන් ආයතන වලට රුපියල් 5,000ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 5,500ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 10,500කි.

ආයතන හතරකට සිකියුරිටිවරුන් බඳවා ගැනීමට නොලැබෙන්නේ එම ආයතන විසින් ගෙවන්නට කැමැත්තෙන් සිටින වැටුප් රුපියල් 11,500ට වඩා අඩු නිසාය. එසේ ගෙවන්නන්ට කැමතිනම් ඔවුන්ට සිකියුරිටි කෙනෙකු බඳවා ගැනීමේ හැකියාව තිබේ. එහෙත්, ඔවුන් ඊට වඩා වැඩිපුර ගෙවන්නට අකැමැති වන්නේ ඔවුන්ට සිකියුරිටි කෙනෙකු සපයන සේවාවේ වටිනාකම රුපියල් 11,500ට වඩා අඩු බැවිනි. ඒ නිසා, මෙහිදී ඒ ආයතන වලටද අසාධාරණයක් වී නැත.

දැන් අබාන්ස් ආයතනය අලුත් ශාඛාවක් විවෘත කිරීම නිසා ඔවුන්ට තවත් සිකියුරිටි කෙනෙක් අවශ්‍ය වුනායයි සිතමු. එම සමාගම ඔහු වෙනුවෙන්ද රුපියල් 15,000 නොඉක්මවන මුදලක් ගෙවන්නට කැමැත්තෙන් සිටී. මේ අනුව, සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම පහත පරිදි ඉහළ යයි.

රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 2
රුපියල් 12,001-12,500- 3
රුපියල් 11,001-12,000- 4
රුපියල් 10,001-11,000- 5
රුපියල් 9,001-10,000- 6
රුපියල් 8,001-9,000- 7
රුපියල් 8,000ට අඩු - 8

දැන් වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 12,000 දක්වා ඉහළ යයි. කලින් රැකියා විරහිතව (හෝ අඩු වැටුපකට වෙනත් රැකියාවක් කරමින්) සිටි ඈෂ්ලිටද දැන් රැකියාවක් හිමිවේ. එය සමස්ත අතිරික්තය කෙරෙහි බලපාන්නේ පහත අයුරිනි.

අජිත් - රුපියල් 12,000- 8,000 = රුපියල් 4,000
ආනන්ද - රුපියල් 12,000- 10,000 = රුපියල් 2,000
ඇන්ටන් - රුපියල් 12,000- 11,000 = රුපියල් 1,000
ඈෂ්ලි - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 7,000

අබාන්ස් 1- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 12,000 = රුපියල් 500
ඇන්සල් - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 6,500

මෙහි පෙනෙන පරිදි, එක් ආයතනයක් තවදුරටත් ව්‍යාප්ත වීම නිසා සමස්තයක් ලෙස ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය මෙන්ම ආයතන වල ලාභද වැඩිවී තිබේ. දැන් ආයතන වලට රුපියල් 6,500ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 7,000ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500කි.

දැන් අලුතින් පත්වුනු කම්කරු ඇමතිවරයෙකු පෞද්ගලික ආරක්ෂක සේවා සපයන්නන්ව සමාගම් විසින් "සූරාකන බව"  කියා එය වැළැක්වීමට රුපියල් 13,000ක අවම වැටුපක් නියම කරයි. දැන් සිදුවන්නේ කුමක්ද?

මේ වැටුපට සේවය කරන්නට කැමැත්තෙන් සිටින පස් දෙනෙක් සිටිති. ඒ අය හා ඔවුන් බලාපොරොත්තු වන අවම වැටුප් මෙසේය.

අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500

රුපියල් 13,000ක අවම වැටුප ගෙවන්නට සූදානම්ව සිටින්නේ අබාන්ස් සමාගම පමණි. එම සමාගම රුපියල් 15,000 දක්වා වන වැටුපකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බඳවා ගැනීමට සූදානම්ව සිටියත් වෙනත් කිසිදු සමාගමක් දැන් අවම වැටුප වන රුපියල් 13,000ක් ගෙවා ආරක්ෂක නිලධාරියෙකු නඩත්තු කිරීමට සූදානම් නැත. මේ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වේ. පුරප්පාඩු දෙකක් වෙනුවෙන් තරඟකරුවන් පස්දෙනෙකි. රජය අවම වැටුපක් නියම නොකළානම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ.

කම්කරු ඇමතිවරයාගේ ලියුමක් රැගෙන එන ඉරාජ්ට හා ඈශ්ලිට අබාන්ස් සමාගමේ රැකියා දෙක හිමිවේ. කවුරු ගත්තත් ගෙවන්නට වෙන්නේ අවම වැටුප වන රුපියල් 13,000 නිසා අබාන්ස් සමාගමට ඒ දෙදෙනාව රැකියා සඳහා තෝරාගැනීම ප්‍රශ්නයක් නොවේ.

කෙසේ වුවද,  ඉරාජ් හා ඈශ්ලි වෙනත් රැකියා අවස්ථාද ඇති අයයි. රැකියාවක් වැඩිපුරම අවශ්‍ය කරන අජිත්ට හා ආනන්දට දැන් රැකියා නැත. සමස්ත අතිරික්තය දැන් මෙසේය.

ඉරාජ් - රුපියල් 13,000- 12,500 = රුපියල් 500
ඈෂ්ලි - රුපියල් 13,000 - 12,000 = රුපියල් 1,000
එකතුව = රුපියල් 1,500

අබාන්ස් 1- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
එකතුව = 4,000

දැන් ආයතන වල ලාබය රුපියල් 6,500 සිට 4,000 දක්වාද. ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය රුපියල් 7,000 සිට 1,500 දක්වාද අඩුවී තිබේ. සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500 සිට 5,500 දක්වා රුපියල් 8,000කින් අඩුවී තිබේ. ඊට අමතරව රැකියා හිමි වී ඇත්තේ අවශ්‍යම පුද්ගලයින්ටද නොවේ.

දැන් රැකියා විරහිතව සිටින අජිත්, ආනන්ද හා ඇන්ටන් සිටින්නේ අසතුටෙනි. ඔවුන් තිදෙනා රුපියල් 11,000ක වැටුපකට සේවය කරන්නට කැමැත්තෙන් සිටි අතර එසේ කිරීමෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකුටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.

අජිත් - රුපියල් 11,000- 8,000 = රුපියල් 3,000
ආනන්ද - රුපියල් 11,000- 10,000 = රුපියල් 1,000
ඇන්ටන් - රුපියල් 11,000 - 11,000 = රුපියල් 0

ඔවුන්ව රුපියල් 11,000ක වැටුපකට සේවයට බඳවා ගැනීමට සූදානම්ව සිටි ආයතන තුනක්ද
තිබුණි. එසේ කිරීමෙන් මේ ආයතන තුනෙන් දෙකකටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.

ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,000 = රුපියල් 1,500
ඇන්සල් - රුපියල් 12,000 - 11,000 = රුපියල් 1,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000 -11,000 = රුපියල් 0

එහෙත්, සිතින් මවාගත් හෝ තමන්වත් විශ්වාස නොකරන "සූරාකෑමක්" ගැන කියමින් කම්කරු ඇමතිවරයා විසින් අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ට රැකියා කිරීමට ඇති අවස්ථා නැති කර ඔවුන්ගේ ජීවිත අඳුරට ඇද දමා ඇති අතර රටේ සමාගම් තුනකට අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමේ අවස්ථාවද නැති වී තිබේ.


වාසනාවට ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැති නිසා වෙනත් රැකියාවක් නැති අයෙකුට අඩු ගානේ පෞද්ගලික අංශයේ සිකියුරිටි රැකියාවක් හෝ කරන්නට හැකියාවක් තවමත් තිබේ. 

එහෙත්, ආණ්ඩුවේ රැකියා හා අදාළවනම් තිබෙන්නේ වෙනස් තත්ත්වයකි. පොදු අරමුදල් වලින් නඩත්තු වන ආයතනයක කාකාස තනතුරකට යන්නට වුවත් තල්ලුවක් අවශ්‍ය වීමෙන් පෙනෙන්නේ එවැනි තනතුරු භාර ගන්නට කැමැත්තෙන් සිටින පිරිස පවතින තනතුරු ගණනට වඩා වැඩි බවයි. එයින් අදහස් වන්නේ එවැනි අය කරන සේවයට වඩා ලබාගන්නා වැටුප් බොහෝ වැඩි බවයි.

Tuesday, May 24, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පස්වන කොටස)


පෙර කොටසින් සාකච්ඡා කළ පරිදි, වෙනත් මාර්ග වලින් ලැබෙන ප්‍රාග්ධනය හා විදෙස් විණිමය ප්‍රවාහ සමඟ සැසඳූ විට සෘජු විදෙස් ආයෝජන වලින් රට තුළට විශාල ප්‍රාග්ධනයක් හෝ විදේශ විණිමය ප්‍රවාහ ගලාඑන්නේ නැත. කිසියම් ආයෝජකයෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ සිය ප්‍රාග්ධනයට වැඩි ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් මිස ලංකාවට යහපතක් කිරීමේ අරමුණින් නොවේ. ඒ නිසා, එවැනි ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ නැවත රටින් පිටතට ගෙනයනු ඇත. එසේනම්, සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?

සෘජු විදෙස් ආයෝජන හරහා රටකට වාසි ලැබෙන ප්‍රධාන නාලිකා දෙකක් තිබේ. පළමුව, එමඟින් රටේ සේවා වියුක්තව ඇති හෝ අඩු කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනෙන ශ්‍රමයට වටිනාකමක් ලැබේ. දෙවනුව, එමඟින් රට තුළට නවීන තාක්ෂනය පොම්ප කරයි (spillover effect). එහෙත්, හැම විටම මේ දේවල් මේ අයුරින්
සිදුවේද?

සෘජු විදෙස් ආයෝජන වලින් ලැබෙන වාසි තීරණය වන්නේ එම ආයෝජන සිදුවන කර්මාන්තය කුමක්ද යන්න මතය. කර්මාන්තය ශ්‍රමමූලික වූ තරමට හා ලැබෙන තාක්ෂනය අවශෝෂණය කරගත හැකි වූ තරමට මේ වාසි වැඩිය. ජයවර්ධන රජයේ ජනප්‍රිය තෝරාගැනීම වූ ඇඟළුම් කර්මාන්තය මේ කරුණු දෙකම අනුව ඉතා හොඳ තෝරාගැනීමක් විය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා වලට ගිය බොහෝ කාන්තාවන් එවකට වෙනත් රැකියාවක් නොකළ, සාපේක්ෂව අඩු අධ්‍යාපනයක් ලබා තිබූ කණ්ඩායමකි. ඇඟළුම් කර්මාන්තය දියුණු වෙද්දී ඔවුන්ගේ ශ්‍රම සම්පත් ඵලදායී ලෙස ආයෝජනය කෙරුණු අතර ඒ ශ්‍රම සම්පත් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ රට තුළ ඉතිරි විය. එමෙන්ම, ඇඟළුම් තාක්ෂනය ලංකාවට අවශෝෂණය කරගැනීමට අසීරු තාක්ෂණයක් නොවූ බැවින් වැඩි කල් නොයා දේශීය ආයෝජකයින්ටද ඇඟළුම් කම්හල් ඇරඹීමට හැකි විය.

ඉතා කෙටි කාලයකින් එවකට ලංකාවේ සම්ප්‍රදායික අපනයන වූ තේ, රබර්, පොල් සහ කුළුබඩු ආදිය අභිබවමින් ඇඟළුම් නිෂ්පාදන ලංකාවේ ප්‍රධානම අපනයන භාණ්ඩය බවට පත් විය. මේ තත්ත්වය තවමත් එසේම පවතී. පසුගිය 2015 වසර තුළදී ඇඟළුම් නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලංකාව ඩොලර් මිලියන 4,820 ක් ඉපැයූ අතර එය රටේ මුළු අපනයන ආදායමෙන් 45.9% කි.


ඇඟළුම් ක්ෂේත්‍රයේ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් මෙවැනි වාසියක් ලැබුණත් වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක සිදුවන ආයෝජන වලින් එවැනි වාසියක් ලබා ගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන සේවා සපයන සමාගමක් බොහෝ දුරට පදනම් වන්නේ ප්‍රාග්ධනය මතය. ඒ නිසා එවැනි සමාගමකට විශාල පිරිසකට රැකියා සැපයීමට අවශ්‍ය නොවන අතර ඒ නිසා ලාභ වලින් ශ්‍රමය වෙනුවෙන් වෙන්වන ප්‍රතිලාභද විශාල නැත. ඇතැම් විට විදෙස් ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙසද ලාභ වලින් කොටසක් රටින් පිටතට ආපසු යා හැකිය. එමෙන්ම, මෙවැනි සමාගම් සිය ගණනකට රට තුළ ඉඩක් නැති නිසා තාක්ෂනය රටතුළට ගලා ඒමේ වාසියද විශාල නැත.

වෙනත් උදාහරණයක් ලෙස සංචාරක හෝටලයක් වැනි ආයෝජනයක් සැලකුවහොත් මෙය සැලකිය යුතු ලෙස විශාලනය කළ හැකි (scalable) කර්මාන්තයක් වුවත් එම කර්මාන්තයේ අමුතුවෙන් පිටතින් ලබාගන්නට තරම් විශාල තාක්ෂණ පරතරයක් නැත. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන හඹා යාමේදී රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන කර්මාන්ත ක්ෂේත්‍ර තෝරාගැනීම වැදගත්ය. එසේ නොකළහොත් අවසාන වශයෙන් එවැනි කර්මාන්ත වලට ලබා දෙන බදුසහන ආදියෙන් සැලසෙන්නේ අවාසියක් විය හැකිය.

අවාසනාවකට ජයවර්ධන රජය විසින් සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගනිමින් රට තුළ ඇඟළුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් පසු ගතවූ දශක හතර තුළ තවමත් ලංකාවට එවැනි වෙනත් වාසිදායක කර්මාන්තයක් සොයා ගැනීමට හැකි වී නැත. 


පසුගිය වසර තුළ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් 55% ක්ම සිදුවී ඇත්තේ දේපල සංවර්ධන, සංචාරක හා විදුලි සංදේශ ක්ෂේත්‍ර වලය. බොහෝදුරට මේ ආයෝජන වලින් සිදුවන අයහපතක් නැතත් එම කර්මාන්ත වල සිදුවන ආයෝජන වලින් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලිකව ලැබෙන සුළු වාසිය හැරුණු විට දිගුකාලීනව ඇති ආර්ථික වාසියක් ඇත්නම් එය එතරම් විශාල විය නොහැකිය.

(Image: ctmil.com)

Sunday, February 7, 2016

රාම රාජ්‍යය සහ රෝම රාජ්‍යය

නීතිවිරෝධී ලෙස හෝ යුරෝපා රටකට පැනගැනීම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිහිනයකි. ඉතාලිය එවැන්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයකි.

නීති විරෝධී ලෙස මෙන්ම නීත්යානුකූලවද බොහෝ ශ්‍රී ලාංකිකයෝ වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඒ සඳහා මුල් වන හේතු විවිධාකාර විය හැකිවුණත් ඒ අතරින් ආර්ථික හේතු ප්‍රධාන වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය වැනි යුරෝපා රටකදී ලංකාවේදී ඔවුන් කරන රැකියාවට සමාන රැකියාවක් කර ඊට වඩා බෙහෙවින්ම වැඩි වැටුපක් ලබා ගැනීමට පුළුවන්කම තිබේ.

ඉතාලියේදී වැඩි වැටුපක් ලැබූ පමණින්ම යමෙකුගේ ආර්ථික තත්ත්වය ලංකාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වයට වඩා යහපත් වන්නේ නැත. ඒ, යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ඉතාලියේදී ගෙවිය යුතු මිල ලංකාවේදී එයට සමාන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා යන වියදමට වඩා වැඩි නිසාය.

වැටුප් හා බඩුමිල යන දෙකම එකම අනුපාතයකින් වැඩිනම්, ලංකාවේදී යම් වැටුපක් ලබා ඒ මුළු මුදලම සාමාන්‍යයෙන් වියදම් කරන අයෙකුට ඉතාලි යාමෙන් විශේෂ වාසියක් නොසැලසේ. එහෙත්, ඉතාලියේ වැටුප් හා ලංකාවේ වැටුප් අතර අනුපාතය බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අනුපාතයට වඩා වැඩිය. ඒ නිසා, ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියට ගොස් ඔහු හෝ ඇය ලංකාවේදී කරනවාට සමාන රැකියාවක් කිරීමෙන්, සමාන හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමෙන් පසුවද මුදලක් ඉතිරි කර ගත හැකිය.

පහත වගුවේ ඇත්තේ 2016 පෙබරවාරි මාසය දක්වා මාස 18ක කාලය තුල ලංකාවේත්, ඉතාලියේත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ගෙවිය යුතු සාමාන්ය මිලගණන් සහ ලැබිය හැකි ආදායම් සැසඳීමකි.


ඉන්දියානු ශ්‍රමිකයෙකුට ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ආකර්ෂණීය වීමට හෝ නොවීමටද මෙයට සමාන කරුණු හේතුවේ. පහත වගුවේ ඇත්තේ ඉහත දත්ත ලබාගත් මූලාශ්‍රය (http://www.numbeo.com/) ඇසුරින්ම ඉන්දියාවේ සහ ලංකාවේ ආදායම් සහ වියදම් සැසඳීමකි. කෙසේ වුවද, මේ මූලාශ්‍රයේ ඇති සාමාන්‍ය ආදායම එතරම් නිවැරදි නොවිය හැකි බව මගේ අදහසයි.

යුරෝවක් රුපියල් 161ක් සහ ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකා රුපියල් 2.13ක් ලෙස සලකා ඇත.