Showing posts with label ඉතාලිය. Show all posts
Showing posts with label ඉතාලිය. Show all posts

Sunday, February 7, 2016

රාම රාජ්‍යය සහ රෝම රාජ්‍යය

නීතිවිරෝධී ලෙස හෝ යුරෝපා රටකට පැනගැනීම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිහිනයකි. ඉතාලිය එවැන්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයකි.

නීති විරෝධී ලෙස මෙන්ම නීත්යානුකූලවද බොහෝ ශ්‍රී ලාංකිකයෝ වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඒ සඳහා මුල් වන හේතු විවිධාකාර විය හැකිවුණත් ඒ අතරින් ආර්ථික හේතු ප්‍රධාන වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය වැනි යුරෝපා රටකදී ලංකාවේදී ඔවුන් කරන රැකියාවට සමාන රැකියාවක් කර ඊට වඩා බෙහෙවින්ම වැඩි වැටුපක් ලබා ගැනීමට පුළුවන්කම තිබේ.

ඉතාලියේදී වැඩි වැටුපක් ලැබූ පමණින්ම යමෙකුගේ ආර්ථික තත්ත්වය ලංකාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වයට වඩා යහපත් වන්නේ නැත. ඒ, යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ඉතාලියේදී ගෙවිය යුතු මිල ලංකාවේදී එයට සමාන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා යන වියදමට වඩා වැඩි නිසාය.

වැටුප් හා බඩුමිල යන දෙකම එකම අනුපාතයකින් වැඩිනම්, ලංකාවේදී යම් වැටුපක් ලබා ඒ මුළු මුදලම සාමාන්‍යයෙන් වියදම් කරන අයෙකුට ඉතාලි යාමෙන් විශේෂ වාසියක් නොසැලසේ. එහෙත්, ඉතාලියේ වැටුප් හා ලංකාවේ වැටුප් අතර අනුපාතය බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අනුපාතයට වඩා වැඩිය. ඒ නිසා, ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියට ගොස් ඔහු හෝ ඇය ලංකාවේදී කරනවාට සමාන රැකියාවක් කිරීමෙන්, සමාන හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමෙන් පසුවද මුදලක් ඉතිරි කර ගත හැකිය.

පහත වගුවේ ඇත්තේ 2016 පෙබරවාරි මාසය දක්වා මාස 18ක කාලය තුල ලංකාවේත්, ඉතාලියේත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ගෙවිය යුතු සාමාන්ය මිලගණන් සහ ලැබිය හැකි ආදායම් සැසඳීමකි.


ඉන්දියානු ශ්‍රමිකයෙකුට ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ආකර්ෂණීය වීමට හෝ නොවීමටද මෙයට සමාන කරුණු හේතුවේ. පහත වගුවේ ඇත්තේ ඉහත දත්ත ලබාගත් මූලාශ්‍රය (http://www.numbeo.com/) ඇසුරින්ම ඉන්දියාවේ සහ ලංකාවේ ආදායම් සහ වියදම් සැසඳීමකි. කෙසේ වුවද, මේ මූලාශ්‍රයේ ඇති සාමාන්‍ය ආදායම එතරම් නිවැරදි නොවිය හැකි බව මගේ අදහසයි.

යුරෝවක් රුපියල් 161ක් සහ ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකා රුපියල් 2.13ක් ලෙස සලකා ඇත.