Wednesday, January 12, 2022

S&P ආයතනය ලංකාව තවත් පහළට දමයි!


ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කර ණයක් පියවන්නට සැරසෙමින් සිටියදී S&P ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබෙනවා. එම ආයතනයට අනුව ලංකාවේ දිගුකාලීන ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතිනවා. මෑතකදී රජය විසින් ලබා දුන් සහන පැකේජය හේතුවෙන්ද රජයේ ණය ගෙවීමේ හැකියාව තවදුරටත් දුර්වල වී ඇති බව ඔවුන්ගේ අදහසයි. මෙම ආයතනයේ ඇස්තමේන්තු අනුව 2022 ආර්ථික වර්ධනය 2.2% මට්ටම දක්වා පහත වැටෙනු ඇති අතර 2022-2025 කාලය තුළ ආර්ථික වර්ධනය 2.7% මට්ටමේ පැවතීමට නියමිතයි.

මේ වන විට ලංකාව වැටී තිබෙන CCC කාණ්ඩයද වැටිය හැකි නරකම තැන නෙමෙයි. S&P ආයතනය විසින් ණය පැහැර හැරීමෙන් පසුව දමන D කාණ්ඩයට ඉහළින් තවත් කාණ්ඩ තුනක් තිබෙනවා. එම කාණ්ඩයකට වැටීමෙන් අදහස් වන්නේ "ණය පැහැර හැරීමක් වහාම සිදු විය හැකි හා එයින් ගැලවී වී සිටීමට ඉතාම කුඩා ඉඩක් පමණක් ඇති" බවයි. 

මූඩිස් ආයතනය විසින් මේ වන විට ලංකාව වර්ග කර තිබෙන්නේ Caa2 කාණ්ඩය යටතේ. එයද S&P ආයතනයේ CCC කාණ්ඩයට සමාන කළ හැකි කාණ්ඩයක්. කෙසේ වුවද, ෆිච් රේටිං සමාගම විසින් සති කිහිපයකට පෙර ලංකාව CC කාණ්ඩය දක්වා පහත හෙළුවා. ණය පැහැර හැරීමට පෙර ඊට පහළින් තිබෙන්නේ තවත් එක් කාණ්ඩයක් පමණයි. ෆිච් රේටිං සමාගමට අනුව මේ වන විටද ලංකාව ඉන්නේ "ණය පැහැර හැරීමක් වහාම සිදු විය හැකි හා එයින් ගැලවී වී සිටීමට ඉතාම කුඩා ඉඩක් පමණක් ඇති" තත්ත්වයකයි.

සුපුරුදු පරිදිම මහ බැංකුව විසින් මේ පහත දැමීම පිළිබඳව විරුද්ධත්වය පළ කර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

3 comments:

  1. ඉකොනොමැට්ටා මේකේ කියන විදිහට ලංකාවේ මහ බැංකුවට ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම කල් දැමීමට, ඩොලර් මිලියන 500 වෙනුවට ඩොලර් මිලියන 400 ක් පමණක් ගෙවීමට සහ නැවත මිලදී ගැනීමට පුළුවන් වෙයි ද?

    https://fb.watch/aBt43Lq7ti/

    තවද ලංකාවේ දිළිඳු ජනයාට අත්‍යවශ්‍ය ආහාර වර්ග වන තිරිඟු පිටි, කිරි පිටි, ටින් මාළු පරිප්පු ආදී දේවල් ආනයනය සඳහා එම මුදල් යොදා ගනිමින් ණය ගෙවීම කල් දැමීමට පුළුවන් වෙයි ද? පකිස්ථානය එසේ කළ බවත් මෙහි සඳහන් එය ඇත්තද?

    https://fb.watch/aBt43Lq7ti/

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර ගැන මූලික දැනුමක්වත් නැතිව කරන කතාවක්!

      Delete
  2. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

    මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

    -මහේෂ් වලතර(Scurvy)

    මෙතනින් බලන්න

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.