Tuesday, January 11, 2022

අපනයන ඇත්තටම වැඩි වෙලාද?

පසුගිය ඔක්තෝබර් මාසයේදී ලංකාවේ අපනයන ආදායමෙහි වාර්තාගත වැඩි වීමක් දකින්නට ලැබෙනවා. මාසය තුළ වාර්තා වී තිබෙන අපනයන ආදායම ඔක්තෝබර් මාසයකදී වාර්තා වී තිබෙන ඉහළම අගයයි. ඒ කියන්නේ ලංකාව ගොඩද? මේ පෙනෙන්නේ සුබ අනාගතයක පෙර මග ලකුණුද?

මෙය හොඳ තත්ත්වයක්. එහෙත් විශිෂ්ඨ තත්ත්වයක් හෝ ලංකාවේ පැත්තෙන් සිදු වී තිබෙන සුවිශේෂී වර්ධනයක් නෙමෙයි.

Chart 1: World merchandise trade volume and value, 2015Q1 - 2021Q3
(Index, 2019 = 100)


Source: WTO and UNCTAD.
Note: World trade refers to average of world exports and imports.

ලෝක වෙළඳ සංවිධානයට අනුව, 2021 තෙවන කාර්තුවේදී ලෝක වෙළඳාමේ ඩොලර් අගය වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මෙය පෙර වසරේ තෙවන කාර්තුවට සාපේක්ෂව 24%ක වැඩි වීමක්. ලෝක වෙළඳ පරිමාව වසංගතයට පෙර මට්ටම ඉක්මවා වර්ධනය වීම හා මිල මට්ටම් විශාල ලෙස ඉහළ ගොස් තිබීම මේ වර්ධනයට හේතු වී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළදීද මේ ප්‍රවණතාව දැකිය හැකි අතර ලෝක වෙළඳ සංවිධානයේ ඇස්තමේන්තු අනුව වසරේ අවසන් මාස දෙක තුළද ජාත්‍යන්තර වෙළඳාම විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.

මෙසේ ලෝක ආනයන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල අපනයන ආදායම් විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. එම සංවිධානය විසින්ම සකස් කර ප්‍රසිද්ධ කර ඇති පහත ප්‍රස්ථාරය අනුව, 2021 ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ අපනයන ආදායම පහළ ගොස් තිබෙන්නේ රටවල් හතක පමණයි. අපනයන ආදායම ඉහළ ගිය රටවල් අතරින් පහළින්ම සිටින රට ලංකාවයි. ඇත්තටම සිදු වී තිබෙන්නේ ලෝක වෙළඳාමෙහි ලංකාවේ අපනයන ආදායමේ භාගය සැලකිය යුතු ලෙස පහළ වැටීමයි. 

Chart 2: Merchandise export growth of selected economies, January-October 2021
(% change over same period in 2019)

a January-November.
b January-September.
Source: National statistics accessed through Trade Data Monitor (TDM).

අසුබවාදී පුවත් වාර්තා කිරීම අපේ අරමුණ නොවූවත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දිය යුතුයි.

5 comments:

  1. ඉකොනොමැට්ටා,

    ඇමරිකා එක්සත් ජනපදයේ අපනයන වර්ධනය වී තියෙන්නේ 5% කින් පමණයි නේද? චීනය 32% කින් එනම් තුනෙන් එකක් පමණ වැඩි කරගෙන තියෙනවා. මේ නිසා ඉතා ඉක්මණින්ම චීනය ලෝක ආර්ථික බලවතා වීමත් ඉනික්බිති ඉක්මණින් එරට ජී ඩී පී එක යූ එස් වගේ දෙගුණ තෙගුණ වීමත් ඇමරිකන් ජී ඩී පී එක ක්‍රමයෙන් අඩුවීමත් දැක ගන්න පුළුවන් වෙයි, නමුත් මෙයින් ලංකාවට විය හැකි බලපෑම කුමක්ද? බොහෝ දුරට ඇමරිකන් ගැති නූතන පවුල් පාලනය පෙරළා දමා චීන හිතවාදී සජිත්/ ජා.ජ.බ ආණ්ඩුවක් ලංකවේ පත් කරන්න කටයුතු කරයි චීන රජය තායිවානය ඇන්ඳා ගැනීමට සමගාමීව, ඉන්දියාවටත් ලෙසි වෙන එකක් නෑ, ගොඩක් වෙලාවට මෝදි එලවා චීනය සමග හිතවත් කොන්ග්‍රස් ආණ්ඩුවක් පත්වෙයි වගේ.

    උඩ තියෙන රටවල් නම් ගොඩක් දුරට තෙල් සහ ගෑස්/ ගල් අඟුරු අපනයනය කරන රටවල්, ලෝක තෙල් මිල හා ගෑස් මිල අධික ලෙස ඉහළ යාමත් ඔස්ට්‍රේලියා/ එක්සත් ජනපදය වැනි රටවල් ගල් අඟුරු නිෂ්පාදනය සීමා කිරීමත් නිසා දකුණු අප්‍රිකාව සහ ඉන්දුනීසියාව වගේ රටවල් ගොඩ යන්නට ඇති.

    ලංකාවේ රට වහල තිබ්බ එකේ වොලියුම් එක 2019 වඩා වැඩි කරගෙන මිල වැඩිවීමෙන් ආදායම් තවත් වැඩිවෙලා. අනෙක් පැත්තෙන් ආනයන වලත් මිල අම්බානක් වැඩිවෙලා තියෙද්දී ලංකාව ඒත් ආනයන වාර්ශිකව ඩොලර් බිලියන් 18 කට සීමා කරගෙන අපනයන ඩොලර් බිලියන් 15 - 16 කර ගන්න එක සහ ඉදිරීයේදී සංචාරක ව්‍යාපාරය හොඳින් සාර්ථ්ක වුණොත් සහ ලෝක වෙළඳපොළේ මිල ගණන් මෙහෙම තියෙන එක සහ ඩොලර් එක තව දුරටත් අවප්‍රමාණය වීමත් සමග ලංකාවේ ණය ප්‍රශ්නය පැත්තෙන් බලද්දී ලංකාවට වාසියක් තිබෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. //චීනය 32% කින් එනම් තුනෙන් එකක් පමණ වැඩි කරගෙන තියෙනවා. මේ නිසා ඉතා ඉක්මණින්ම චීනය ලෝක ආර්ථික බලවතා වීමත් ඉනික්බිති ඉක්මණින් එරට ජී ඩී පී එක යූ එස් වගේ දෙගුණ තෙගුණ වීමත් ඇමරිකන් ජී ඩී පී එක ක්‍රමයෙන් අඩුවීමත් දැක ගන්න පුළුවන් වෙයි.//

      චීනයේ ජී ඩී පී එක යූ එස් වගේ දෙගුණ තෙගුණ වීමත් ඇමරිකන් ජී ඩී පී එක ක්‍රමයෙන් අඩුවීමත් සිදු වෙද්දී චීනය අපනයනය කරන්නේ කාටද?

      Delete
    2. චීනයට නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා චීනයේ වේගයෙන් වර්ධනය වන දේශීය වෙළඳ පොළ වගේම අපනයනය කිරීමටත් ඕන තරම් රටවල් තියෙනවා ලෝකයේ රටවල් 200 ක් විතර තියෙනවා නේ. යන්තම් මිලියන 300. ක් වගේ කුඩා ජනගහනයක් ඉන්න ජනගහණ වර්ධනය ඉතා අඩු ඉතාමත් හෙමින් වර්ධනය වන ක්‍රමයෙන් බංකොලොත් වෙමින් පවතින බව ඉතාමත් පැහැදිලිව පේන ඇමරිකානු එක්සත් ජනපදය මත පදනම් වීම චීනය කෙමෙන් කෙමෙන් නවත්වන බව පේනවා. එක්සත් ජනපදයේ ඇති එකම වාසිය මේ සුළු ජනගහනයක් අතර විශාල මුදලක් කැරකෙන එකයි. එනමුත් මේක වෙනස් වෙමින් පවතින බවත් ඒ වගේම ආසියාවේ චීනය ජපානය හා ඉන්දියාව අත හැරියාත් තව බිලියන එක හමාරක් විතර ජනගහනයක් ඉන්නවා. අප්‍රිකාවේ ජනගහනය බිලියන එක හමාරක් විතර. දකුණු ඇමරිකානු රටවල් වලින් බ්‍රසීලය ඇතුළු රටවල් ගොඩක් වේගයෙන් දියුණු වෙනවා. 2035 විතර වෙනකොට චීනයේ GDP එක ඩොලර් ට්‍රිලියන 57 ක් ඉක්මවා ඩොලර් ට්‍රිලියන හැටකට කිට්ටු වෙයි කියලා සමහරු කියන විදිහට හිතන්න පුළුවන්. ඒ වෙනකොට ඉන්දීය GDP එකත් ඩොලර් ට්‍රිලියන 45 ක් විතර වෙන බවත් ඉන්දුනීසියානු GDP එක ඩොලර් ට්‍රිලියන 12 ක් විතර වෙන බවත් අප්‍රිකාවේ දැනට පවතින ඉතා කුඩා 1.2 trillion US dollar ආර්ථිකය සමස්ත අප්‍රිකාවේ සංවර්ධන වැඩසටහන් රැසක් යටතේ 2035 විතර වෙනකොට ඩොලර් ට්‍රිලියන 10 ක් විතර වෙන බවත් predict කරලා තියෙනවා විශේෂයෙන් නැගෙනහිර අප්‍රිකාවේ රටවල් වන කෙන්යා, ඉතියෝපියා ආදී රටවල වේගවත් සංවර්ධනය සහ දකුණු අප්‍රිකාව සමග අවට රටවල් වෙගයෙන් දියුණු වීමත් විදුලි වාහන තාක්ෂණය දියුණු වීමත් සමගම ජපානයේ අපනයන වලින් විශාල ප්‍රමාණයක් චීනය විසින් අත්පත් කරගෙන යනවා. මේ නිසා මම හිතන්නේ මේක බොහෝ දුරට විය හැකි දෙයක් බවයි.

      අනෙක් පැත්තෙන් චීනයේ ඉතා මැනවින් සැලසුම් සහගතව සකස් කර ඇති අඩු මිල නිවාස සංවර්ධන ව්‍යාපෘති, ඉතා ලාභ දායි විශාල විදුලි දුම්රිය මාර්ග සහ අතිශය කාර්යක්ෂම දුම්රිය සේවා, විදුලි බස්රථ ඇතුළු විදුලි කුලී රථ ආදී පොදු ප්‍රවාහන සේවා වල උසස් තත්ත්වය, ආහාර පාන ඉතා ලාබෙට සුලබ ලෙස පැවතීම, ලාභ විදුලි හා විද්යුත් උපකරණ, ලාභ පුනර්ජනනීය විදුලි බල ශක්තිය නිසා විදුලි හා ජල බිල් අඩුවීම, විවිධාකාර සුබසාධන ව්‍යාපාර, ඉතා බලසම්පන්න කාර්යක්ෂම අන්තර්ජාල වෙළඳ පොළ හා දියුණු ප්‍රවාහන සහ සැපයුම් දාම transport & logistics සේවා වගේ දේවල් නිසා චීන ජනතාවගේ ජීවන තත්වය පොදුවේ ගත්තාම දැනටමත් ඇමරිකන් එක්සත් ජනපදයේ අයට වඩා ගොඩාක් හොඳයි. ඒ නිසා ඉදිරියේදී චීනය මීටත් වඩා ජීවත් වීමට ඉතාමත් සුදුසු රටක් වශයෙන් ලංකාවේ අයට සංක්‍රමණය වීමට ඉතා ආකර්ෂණීය රටක් වේවි. දැනටමත් ලංකාවේ ගොඩක් දෙනෙක් චීන භාෂාව හදාරන අතර ඉකොනොමැට්ටාත් චීන භාෂාව හදාරා චීනයට සංක්‍රමණය වෙනවා නම් අනාගතය ඉතාමත් පැහැබර වේවි නේද?

      ලංකාවත් වහාම චීන, ඉන්දීය, රුසියානු ඉන්දුනීසියා, බ්‍රසීල, අප්‍රිකා ආදී වේගයෙන් දියුණු වෙන බලවත් රටවල් වලට අපනයන වැඩි කර ගැනීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කළ යුතුයි නැතුව මේ දවස් වල වගේ දුර්වල ආර්ථික ඇති ඇමරිකානු සහ යුරෝපීය මාකට් එක පමණක්ම focus කරන එකෙන් අපේ අපනයන ආදායම් වැඩි කර ගැනීමට කිසිදු අයුරකින් අවස්ථාවක් නෑ. මේ ගැන ලංකාවේ ආණ්ඩුවේ සහ පුද්ගලික අංශයේ අවධානය යොමු කරන්න අත්‍යවශ්‍යයි.

      Delete
    3. //ඇමරිකානු එක්සත් ජනපදය මත පදනම් වීම චීනය කෙමෙන් කෙමෙන් නවත්වන බව පේනවා.//

      ඔව්. මේක ඇත්ත. මොකද ඇමරිකාවේ එල්ලිලා අපනයන වර්ධනය කර ගැනීමෙන් මෙතෙක් චීනය ආර්ථිකය වර්ධනය කර ගත්තත් දැන් චීනය එහි සීමාවට ළඟා වෙමින් සිටිනවා. තවමත් චීන අපනයන වලින් 20%ක් පමණ (හොංකොං අතහැර) පරිභෝජනය කරන ඇමරිකාවට එම අපනයන ප්‍රමාණය තවත් කාලයක් යැවෙනු ඇති වුවත්, ඇමරිකාව සමඟ තිබෙන වෙළඳ අතිරික්තය ක්‍රමයෙන් අඩු කර ගන්න වීම නොවැලැක්විය හැකියි. ඒ සමඟම චීන ආර්ථික වර්ධනයද ක්‍රමයෙන් අඩාල වීමේ අවදානමට චීනයට මුහුණ දෙන්න වෙනවා.

      //එනමුත් මේක වෙනස් වෙමින් පවතින බවත් ඒ වගේම ආසියාවේ චීනය ජපානය හා ඉන්දියාව අත හැරියාත් තව බිලියන එක හමාරක් විතර ජනගහනයක් ඉන්නවා. අප්‍රිකාවේ ජනගහනය බිලියන එක හමාරක් විතර. දකුණු ඇමරිකානු රටවල් වලින් බ්‍රසීලය ඇතුළු රටවල් ගොඩක් වේගයෙන් දියුණු වෙනවා.//

      ඇමරිකාව වැනි රටවල් වල එල්ලී දියුණු වීමේ උපරිම සීමාවට ළඟා වෙද්දී ආනයන මත පදනම්ව ආර්ථික වර්ධනය දිගටම පවත්වා ගන්නනම් චීනයට ඔබ කියන මේ අනෙකුත් වෙළඳපොළවල් අල්ලා ගන්න වෙනවා. චීනය උපක්‍රමික ලෙස එය කරමින් ඉන්නවා. මේ ලැයිස්තුවට ලංකාවත් ඇතුළත්. (ලංකාවේ වත්මන් ආණ්ඩුව හා මහ බැංකුවත් මේ සඳහා චීනයට උදවු කරමින් සිටිනවා.)

      //චීන ජනතාවගේ ජීවන තත්වය පොදුවේ ගත්තාම දැනටමත් ඇමරිකන් එක්සත් ජනපදයේ අයට වඩා ගොඩාක් හොඳයි.//

      මේකනම් පදනමක් නැති කතාවක්. දැනටත් චීනය ඇමරිකාවට වැඩිම සංක්‍රමණිකයන් ප්‍රමාණයක් පැමිණෙන රටක්. ඒ වගේම, ඇමරිකාවෙන් චීනයට යැවෙන ශ්‍රමික ප්‍රේෂණද ඉතාම විශාලයි.

      //ඒ නිසා ඉදිරියේදී චීනය මීටත් වඩා ජීවත් වීමට ඉතාමත් සුදුසු රටක් වශයෙන් ලංකාවේ අයට සංක්‍රමණය වීමට ඉතා ආකර්ෂණීය රටක් වේවි.//

      ඔව්. ඒකනම් වෙන්න පුළුවන්! ලෝකයේ තවත් බොහෝ රටවල් ලංකාවේ අයට සංක්‍රමණය වීමට ඉතා ආකර්ෂණීය රටවල් විය හැකියි.

      //ලංකාවත් වහාම චීන, ඉන්දීය, රුසියානු ඉන්දුනීසියා, බ්‍රසීල, අප්‍රිකා ආදී වේගයෙන් දියුණු වෙන බලවත් රටවල් වලට අපනයන වැඩි කර ගැනීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කළ යුතුයි.//

      එකඟයි. හැබැයි දැන් සිදු වෙන්නේ හරියටම ඒකේ අනෙක් පැත්ත.

      Delete
  2. පහුගිය මහින්ද ආන්ඩු කාලෙ සහ යහපාලන කාලෙ අපනයන කොටස වෙන්ස උනේ කොහොමද?

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.