Wednesday, December 31, 2025

යහපත් ආර්ථිකයක් සමඟ සුබ නව වසරක්!

මේ වියුණුව පටන් අරගෙන හෙටට වසර දහයක් වෙනවා. මෙය වෙනම වියුණුවක් සේ පටන් ගත්තේ අප ලියන ආර්ථිකය සම්බන්ධ කරුණු පමණක් කියවන්න කැමති අය වෙනුවෙන් එවැනි ලිපි ලියන්නයි. නමුත් මේ වෙද්දී මුල් වියුණුවේ බොහෝ විට ලියන්නේත් ආර්ථිකය සම්බන්ධ කරුණු පමණක් නිසා මෙහි ලිපි පළ කිරීම සඳහා විශේෂ අවශ්‍යතාවයක් නැහැ.

කෙසේ වුවත්, මේ දක්වා සෑම වසරකදීම මෙහි අඩු වශයෙන් එක් ලිපියක් හෝ පළ කර තිබෙන නිසා, වසර අවසන් වීම‍ට පෙර එක් ලිපියක් හෝ පළ කරන්න හිතුණා.

වසරක් අවසන් වෙද්දී ඒ වසරේ රටේ ආර්ථිකය ගැන පසු විපරමක් කරන කෙනෙකුට මුහුණ දෙන්න සිදු වන එක් ප්‍රශ්නයක් වන්නේ ආර්ථිකය හා අදාළ සියලු දර්ශක වසර අවසාන වන වහාම ප්‍රසිද්ධ වී නොතිබීමයි. සාමාන්‍යයෙන් ඒ සඳහා මාස තුනක් පමණ දක්වා වන කාලයක් යනවා. ඒ නිසා, මේ වෙද්දී බොහොමයක් දර්ශක ගැන අප දන්නේ සැප්තැම්බර් අවසානය දක්වා තත්ත්වය පමණයි.

කෙසේ වෙතත්, දෙසැම්බර් 31 කියා කියන්නේ තවත් එක් දවසක් පමණයි. අපට අවශ්‍යනම් සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස දොළහක කාලය ඊට පෙර මාස දොළහක කාලය සමඟ සංසන්දනය කරන්න පුළුවන්. පහත වගුව පිළියෙල කර තිබෙන්නේ ඒ පදනම අනුවයි. මා මෙහි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාලේඛණ විග්‍රහ කරන්න යන්නේ නැහැ.

ඔබ සැමට සුබ නව වසරක්!