Wednesday, May 25, 2016
ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟය නොවේ!
මාතෘකාව වෙනස් වුවද මේ ලිපියද පෙර ලිපි වලට සම්බන්ධය.
ලංකාවට වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ඇති බාධාව ප්‍රාග්ධන හිඟය බව මෙම ලිපිය කියවන ඇතැම් අය සිතනවා විය හැකිය. මෙය නිවැරදි අදහසක් නොවේ. ප්‍රාග්ධනය වැඩි කර ගැනීම මඟින් ආර්ථිකයක් ඉදිරියට තල්ලු කළ හැකි වුවත් ඒ යම් පටු සීමාවක් ඇතුළත පමණි. ප්‍රාග්ධනය නිසා ආර්ථිකයන් වර්ධනය වේනම් වැඩිම ආර්ථික වර්ධනයක් පැවතිය යුත්තේ ඇමරිකාව හා ජපානය වැනි රටවලය. එහෙත්, එය එසේ සිදු නොවන්නේ ප්‍රාග්ධනය විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වයෙහි ඇති නෛසර්ගික සීමාවන් නිසාය.
මෙය තේරුම් ගැනීම සඳහා අපි ඉතා සරල මූලික ආර්ථික විද්‍යා ආකෘතියකට යමු. මා මෙවැනි තැනකින් පටන් ගන්නේ මේ ලිපි කියවන වැඩි දෙනෙකු ආර්ථික විද්‍යාව විධිමත් ලෙස හදාරා නැති නිසාය.
මේ ආකෘතිය අනුව, ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකකි. ඒ, ශ්‍රමය හා ප්‍රාග්ධනයයි. කිසියම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා මේ නිෂ්පාදන සාධක දෙකම අවශ්‍ය වේ. එයට අමතරව මේ නිෂ්පාදන සාධක කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ හැකි (එසේ නැත්නම් අනාගත පරිභෝජනය සඳහා ගබඩා කර හෝ ආයෝජනය කර තබා ගත හැකි) භාණ්ඩ හා සේවාවන් බවට පරිවර්තනය කිරීමට තාක්ෂණයද අවශ්‍ය වේ.
ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකෙන් කවර එකක් වැඩි කළද නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මේ නිෂ්පාදන සාධක වැඩි කරගෙන යනවිට එසේ වැඩි වන නිෂ්පාදිත ප්‍රමාණය එන්න එන්නම අඩුවේ.
උදාහරණයක් ලෙස ප්‍රාග්ධනය ලෙස එකතු කරන පළමු රුපියල් දහසෙන් කිසියම් නිෂ්පාදනයක (උදාහරණයක් ලෙස බිත්තර) ඒකක සියයක් නිපදවිය හැකිනම්, මෙසේ යොදවන දෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක සියයකට අඩු ගණනකි (උදාහරණයක් ලෙස අසූවක්). තෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක හැට පහක් වැනි දෙවන රුපියල් දහසෙන් නිපදවූ ගණනට වඩා අඩු ඒකක ගණනකි. මෙය මෙසේ දිගටම සිදුවන බැවින් යම් සීමාවක් ඉක්මවූ පසු තවදුරටත් ප්‍රාග්ධනය යෙදවීම වාසිදායක නොවී යයි.
මේ කරුණ අනෙක් නිෂ්පාදන සාධකය වන ශ්‍රමයටද අදාළය. පරිගණක ක්‍රමලේඛණ ලියන සමාගමක් ගැන සිතූ විට මෙය තේරුම් ගත හැකිය. ක්‍රමලේඛකයින් වැඩි නොකර පරිගණක ප්‍රමාණය වැඩි කිරීමෙන් මෙන්ම, පරිගණක නොමැතිව ක්‍රමලේඛකයින් වැඩි කිරීමෙන්ද නිෂ්පාදනය වැඩි කර ගත නොහැකිය. කිසියම් කර්මාන්තයක් හා අදාළව ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත අනුපාතයක් තිබේ.
දැන් අපි ලෝකයට විවෘත නොවූ ආර්ථිකයක් ඇති මනඃකල්පිත රටකට යමු. මේ රටේ ජනගහණය වර්ධනය වීම හා දැනට සිටින ශ්‍රමිකයන්ගේ මානව සම්පත් (කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගතහැකි දැනුම හා පුහුණුව) වර්ධනය වීම හේතුවෙන් ශ්‍රම සම්පත් ඉහළ යයි. දැනට සිදු කරන නිෂ්පාදනයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර නැවත ආයෝජනය කිරීම නිසා ප්‍රාග්ධන සම්පත්ද වැඩි වේ.
රටේ ඉතිරිකිරීම් අනුපාතය හා ඒ නිසාම ආයෝජන අනුපාතය මුළු නිෂ්පාදනයෙන් 20% යැයි අපි සිතමු. දැන් මේ රටේ ප්‍රාග්ධන සංචිත වාර්ෂිකව මේ අනුපාතයෙන් වැඩි විය යුතුය. එහෙත්, එය එසේම සිදු නොවේ. ඒ ප්‍රාග්ධනය නිරන්තරයෙන් ක්ෂය වී යන බැවිනි. පෙර කී පරිගණක උදාහරණය ගතහොත් සෑම වසර හතරකට පමණ වරක් පැරණි පරිගණක ඉවත් කර අළුත් ඒවා ගන්නට සිදුවේ. වෙනත් යන්ත්‍ර සූත්‍ර, වාහන ආදියේ කොටස් ගෙවේ. මෙසේ ප්‍රාග්ධන සම්පත් ක්ෂයවීම සිදුවන්නේ පවතින සම්පත් තොගයට අනුපාතිකවය. මේ අනුපාතය අපි 5% ලෙස සලකමු.
වසරක් තුළ යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කෙරේනම් හා ප්‍රාග්ධන සම්පත් වලින් 5%ක් ක්ෂය වේනම් වසර අවසානය වන විට එම රටේ ප්‍රාග්ධන සම්පත් 15% කින් වැඩි විය යුතුය. මෙසේ වසර ගණනක් ප්‍රාග්ධන සම්පත් වැඩි වී ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය දළ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සිවු ගුණයක් දක්වා වැඩි වුනේයැයි සිතමු. ඒ සමඟම වසරකට ක්ෂයවන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද සිවු ගුණයකින්, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි වේ. දැන් සිදුවන්නේ කුමක්ද?
රටේ ඉතිරි කිරීම් (හා ආයෝජන) දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කි. මේ ප්‍රමාණය රටේ ප්‍රාග්ධන සම්පත් තොගයට එකතු වෙද්දී එයට සමාන ප්‍රමාණයක් ක්ෂය වේ. ඒ නිසා ප්‍රාග්ධන සංචිත තවදුරටත් වර්ධනය නොවේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වලින් ආර්ථික වර්ධනයට තව දුරටත් උත්තේජනයන් ලබාගත නොහැකිය.
යම් හෙයකින් රටේ ඉතිරි කිරීම් අනුපාතය එක් වරම 30% දක්වා වැඩි වුනොත් හෝ කිසියම් ස්වභාවික සම්පතක් සොයාගනු ලැබුණොත් ප්‍රාග්ධන සම්පත්ද වැඩි වනු ඇත. ඒ නිසා ආර්ථික වර්ධනයද වැඩි වනු ඇත. එහෙත්, මේ අයුරින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගත හැක්කේ සීමිත කාලයකට පමණි. රටේ ප්‍රාග්ධන සම්පත් වැඩි වන තරමටම එම සම්පත් ක්ෂය වන සීමාවට පැමිණි වහාම මෙසේ ප්‍රාග්ධනය නිසා සිදුවූ ආර්ථික වර්ධනය නවතිනු ඇත.
යම් රටක ප්‍රාග්ධන සම්පත් තොගය වැඩි වන තරමට වාර්ෂිකව එම සම්පත් ක්ෂය වන ප්‍රමාණයද වැඩි වේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වැඩි කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික වාසියක් පමණි. වැඩි වූ සම්පත් ඒ මට්ටමේම පවත්වා ගැනීමට දීර්ඝකාලීනව දිගටම මහන්සි වීමට සිදුවූවත් ඒ හේතුවෙන් ආර්ථික වර්ධනයට ලැබෙන විශේෂ වාසියක් නැත. වෙනත් අයුරකින් කිවහොත් සමස්ත නිෂ්පාදිතයෙන් 40%ක් ඉතිරි කරන රටකට දීර්ඝකාලීනව වර්ධනය විය හැක්කේද සමස්ත නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කරන රටක් වර්ධනය වන වේගයෙන්මය. එහෙත්, අඩුවෙන් ඉතිරි කරන රටේ වැසියෝ වැඩියෙන් පරිභෝජනය කරති. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත්ය.
එසේනම්, ඉතිරි කිරීම් අඩු කිරීම ප්‍රශ්නයක් නොවේද? උතුරේ යුදමය තත්ත්වය පැවති වසර 26 තුළද ලංකාවේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පැවතීම මඟින් පෙනෙන්නේ මේ කරුණයි. මා ඉදිරිපත් කළ සරල ආකෘතිය තුළ යුදමය වාතාවරණය ලංකාවේ ආර්ථිකයට දෙයාකාරයක බලපෑමක් කළේය. පළමුව, රටේ ඉතිරි කිරීම් වලින් කොටසක් ආයෝජන වෙනුවෙන් නොයොදවා යුද වියදම් වෙනුවෙන් යෙදෙවීමට සිදුවීම හේතුවෙන් ප්‍රාග්ධන තොගයට වාර්ෂිකව සිදුවන එකතු වීම් සීමා විය. දෙවනුව, ප්‍රාග්ධන සම්පත් ක්ෂය වන වේගය වැඩි විය.
මේ කරුණු දෙකේ සමස්ත ප්‍රතිඵලය වූයේ රටේ ප්‍රාග්ධන සම්පත් තොගය ක්‍රමයෙන් ක්ෂය වීම හා ඒ හේතුවෙන් ආර්ථික වර්ධනය සීමා වීමයි. ජයවර්ධන පාලනයේ පළමු වසර හය තුළදී පවත්වාගත් ආර්ථික වර්ධන වේගය ඉන්පසු වසර වලදී පවත්වා ගත නොහැකි විය. කෙසේ වුවද, ප්‍රාග්ධන සම්පත් තොගය මෙසේ ක්‍රමයෙන් පහත වැටීමට සමාන්තරව වාර්ෂිකව ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ක්ෂය වන නිසා වසර කිහිපයකින් පසු තව දුරටත් ප්‍රාග්ධන සම්පත් ක්ෂය නොවේ. ඒ නිසා, යුද්ධය ඇරඹී වසර කිහිපයකයට පසු පැවති යුදමය තත්ත්වය නිසා ප්‍රාග්ධන සම්පත් විනාශය හේතුවෙන් සිදුවූ අවාසියද ක්‍රමයෙන් ක්ෂය වී ගියේය. එම කාලය තුළ ආර්ථික වර්ධනය විශාල ලෙස අඩුවුණේ ජවිපෙ විසින් විශාල සම්පත් හානියක් සිදු කළ 1987-89 කාලයේ සහ එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දුන් 2001දී පමණි.
මේ අයුරින්ම 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු නැවතත් වාර්ෂිකව ප්‍රාග්ධන සම්පත් එකතු වන ප්‍රමාණය වැඩි වීම නිසා තාවකාලිකව ආර්ථික වර්ධනය වැඩි වුවත්, සෛද්ධාන්තිකව මෙන්ම අනුභාවික දත්ත අනුව පෙනෙන පරිදි එවැනි වාසියක් වැඩි කල් නොපවතී.
දැන් අපට අපේ මුල් ආකෘතියෙන් බැහැර වී විවෘත ආර්ථිකයක් ගැන සිතන්නට පුළුවන. විවෘත ආර්ථිකයක් තුළට දේශීය ඉතිරි කිරීම් වලට අමතරව සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ආදී ලෙසද ප්‍රාග්ධනය පැමිණිය හැකිය. මෙසේ පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ නිසාද රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යයි. ඒ සමඟම වාර්ෂිකව ක්ෂය වී යන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ඉහළ යයි. අවසාන අවසාන වශයෙන් ආර්ථිකය පවතින මට්ටමේම තබාගන්නට වුවද සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ප්‍රවාහ නිශ්චිත ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළට පැමිණීම අවශ්‍ය වේ.
ප්‍රාග්ධනය වැඩි කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමටනම් වසරින් වසර මෙසේ රට තුළට පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ වැඩි විය යුතුය. එවැන්නක් ප්‍රායෝගිකව සිදු විය නොහැකිය. ඒ නිසා සෘජු විදෙස් ආයෝජන හෝ විදෙස් ණය මඟින් ලබා ගන්නා ප්‍රාග්ධනය යොදාගෙන ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, මා පෙර ලිපියක සඳහන් කළ විසරණය වීම් (spillover effects) නිසා ඇති වන වාසිය ගැන මා මෙහි කතා කර නැත. එමෙන්ම, සම්පත් ක්ෂයවීම තුලනය කිරීමට හා වරින් වර අහඹු ලෙස සිදුවන ස්වභාවික හානි ආදියෙන් පසු සිදුවන ප්‍රාග්ධන සම්පත් හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා කිසියම් අවම ඉතුරුම් අනුපාතයක් පවත්වා ගැනීමද අවශ්‍ය වන බැවින් ඉතුරුම් අසීමිත ලෙස අඩු කිරීමේ හැකියාවක්ද රටකට නැත.
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
(Image: )
Labels:
ආර්ථික වර්ධනය,
ප්‍රාග්ධනය,
විදේශ ණය,
ශ්‍රමය,
සෘජු විදෙස් ආයෝජන
Tuesday, May 24, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පස්වන කොටස)
පෙර කොටසින් සාකච්ඡා කළ පරිදි, වෙනත් මාර්ග වලින් ලැබෙන ප්‍රාග්ධනය හා විදෙස් විණිමය ප්‍රවාහ සමඟ සැසඳූ විට සෘජු විදෙස් ආයෝජන වලින් රට තුළට විශාල ප්‍රාග්ධනයක් හෝ විදේශ විණිමය ප්‍රවාහ ගලාඑන්නේ නැත. කිසියම් ආයෝජකයෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ සිය ප්‍රාග්ධනයට වැඩි ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් මිස ලංකාවට යහපතක් කිරීමේ අරමුණින් නොවේ. ඒ නිසා, එවැනි ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ නැවත රටින් පිටතට ගෙනයනු ඇත. එසේනම්, සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?
සෘජු විදෙස් ආයෝජන හරහා රටකට වාසි ලැබෙන ප්‍රධාන නාලිකා දෙකක් තිබේ. පළමුව, එමඟින් රටේ සේවා වියුක්තව ඇති හෝ අඩු කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනෙන ශ්‍රමයට වටිනාකමක් ලැබේ. දෙවනුව, එමඟින් රට තුළට නවීන තාක්ෂනය පොම්ප කරයි (spillover effect). එහෙත්, හැම විටම මේ දේවල් මේ අයුරින්ම සිදුවේද?
සෘජු විදෙස් ආයෝජන වලින් ලැබෙන වාසි තීරණය වන්නේ එම ආයෝජන සිදුවන කර්මාන්තය කුමක්ද යන්න මතය. කර්මාන්තය ශ්‍රමමූලික වූ තරමට හා ලැබෙන තාක්ෂනය අවශෝෂණය කරගත හැකි වූ තරමට මේ වාසි වැඩිය. ජයවර්ධන රජයේ ජනප්‍රිය තෝරාගැනීම වූ ඇඟළුම් කර්මාන්තය මේ කරුණු දෙකම අනුව ඉතා හොඳ තෝරාගැනීමක් විය.
ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා වලට ගිය බොහෝ කාන්තාවන් එවකට වෙනත් රැකියාවක් නොකළ, සාපේක්ෂව අඩු අධ්‍යාපනයක් ලබා තිබූ කණ්ඩායමකි. ඇඟළුම් කර්මාන්තය දියුණු වෙද්දී ඔවුන්ගේ ශ්‍රම සම්පත් ඵලදායී ලෙස ආයෝජනය කෙරුණු අතර ඒ ශ්‍රම සම්පත් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ රට තුළ ඉතිරි විය. එමෙන්ම, ඇඟළුම් තාක්ෂනය ලංකාවට අවශෝෂණය කරගැනීමට අසීරු තාක්ෂණයක් නොවූ බැවින් වැඩි කල් නොයා දේශීය ආයෝජකයින්ටද ඇඟළුම් කම්හල් ඇරඹීමට හැකි විය.
ඉතා කෙටි කාලයකින් එවකට ලංකාවේ සම්ප්‍රදායික අපනයන වූ තේ, රබර්, පොල් සහ කුළුබඩු ආදිය අභිබවමින් ඇඟළුම් නිෂ්පාදන ලංකාවේ ප්‍රධානම අපනයන භාණ්ඩය බවට පත් විය. මේ තත්ත්වය තවමත් එසේම පවතී. පසුගිය 2015 වසර තුළදී ඇඟළුම් නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලංකාව ඩොලර් මිලියන 4,820 ක් ඉපැයූ අතර එය රටේ මුළු අපනයන ආදායමෙන් 45.9% කි.
ඇඟළුම් ක්ෂේත්‍රයේ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් මෙවැනි වාසියක් ලැබුණත් වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක සිදුවන ආයෝජන වලින් එවැනි වාසියක් ලබා ගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන සේවා සපයන සමාගමක් බොහෝ දුරට පදනම් වන්නේ ප්‍රාග්ධනය මතය. ඒ නිසා එවැනි සමාගමකට විශාල පිරිසකට රැකියා සැපයීමට අවශ්‍ය නොවන අතර ඒ නිසා ලාභ වලින් ශ්‍රමය වෙනුවෙන් වෙන්වන ප්‍රතිලාභද විශාල නැත. ඇතැම් විට විදෙස් ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙසද ලාභ වලින් කොටසක් රටින් පිටතට ආපසු යා හැකිය. එමෙන්ම, මෙවැනි සමාගම් සිය ගණනකට රට තුළ ඉඩක් නැති නිසා තාක්ෂනය රටතුළට ගලා ඒමේ වාසියද විශාල නැත.
වෙනත් උදාහරණයක් ලෙස සංචාරක හෝටලයක් වැනි ආයෝජනයක් සැලකුවහොත් මෙය සැලකිය යුතු ලෙස විශාලනය කළ හැකි (scalable) කර්මාන්තයක් වුවත් එම කර්මාන්තයේ අමුතුවෙන් පිටතින් ලබාගන්නට තරම් විශාල තාක්ෂණ පරතරයක් නැත. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන හඹා යාමේදී රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන කර්මාන්ත ක්ෂේත්‍ර තෝරාගැනීම වැදගත්ය. එසේ නොකළහොත් අවසාන වශයෙන් එවැනි කර්මාන්ත වලට ලබා දෙන බදුසහන ආදියෙන් සැලසෙන්නේ අවාසියක් විය හැකිය.
අවාසනාවකට ජයවර්ධන රජය විසින් සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගනිමින් රට තුළ ඇඟළුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් පසු ගතවූ දශක හතර තුළ තවමත් ලංකාවට එවැනි වෙනත් වාසිදායක කර්මාන්තයක් සොයා ගැනීමට හැකි වී නැත.
පසුගිය වසර තුළ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් 55% ක්ම සිදුවී ඇත්තේ දේපල සංවර්ධන, සංචාරක හා විදුලි සංදේශ ක්ෂේත්‍ර වලය. බොහෝදුරට මේ ආයෝජන වලින් සිදුවන අයහපතක් නැතත් එම කර්මාන්ත වල සිදුවන ආයෝජන වලින් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලිකව ලැබෙන සුළු වාසිය හැරුණු විට දිගුකාලීනව ඇති ආර්ථික වාසියක් ඇත්නම් එය එතරම් විශාල විය නොහැකිය.
(Image: ctmil.com)
Labels:
අපනයන,
ජයවර්ධන රජය,
ශ්‍රම වෙළඳපොළ,
ශ්‍රමය,
සෘජු විදෙස් ආයෝජන
Monday, May 23, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (සිවුවන කොටස)
ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන කරන කතිකාවකදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්ති මඟ හැර යා නොහැකිය. එක් අතෙකින්, නිදහසින් පසු ආර්ථික ප්‍රතිපත්තියේ දැනෙන වෙනසක් කළේ ජයවර්ධන රජයයි. අනෙක් අතින්, එතැන් සිට අද දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් මේ ආර්ථික ආකෘතියෙන් බැහැර වී නැත. සිදු වී ඇත්තේ සුළු අපගමනයන් පමණි.
ජයවර්ධන රජය විසින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය යන්න ජනප්‍රිය අදහසකි. ඇත්තටම ඉතිහාසය පුරා ලංකාවේ තිබුණේ විවෘත ආර්ථිකයකි. මේ විවෘත ආර්ථිකය සංවෘත ආර්ථිකයක් බවට පත් කිරීමට නිදහසින් පසු ලංකාව පාලනය කළ ඇතැම් පාලකයින් කටයුතු කර තිබුණේය. එමෙන්ම, ජේආර් ජයවර්ධනට රාජ්‍ය බලය ලැබෙන විට රටේ ජනතාවට හොඳ දෙය ඒ ජනතාවට වඩා හොඳින් දන්නේයැයි සිතා සිටි ටික දෙනෙකු විසින් මධ්‍යගත ලෙස සැලසුම් කිරීම කරාද රට යොමු වෙමින් පැවතුණේය.
ජේආර් ජයවර්ධන විසින් ආනයන හා අපනයන සීමාවන් බොහෝ දුරට ඉවත් කරමින් හා ප්‍රාග්ධන ගලායෑම් සඳහා පැවති සීමාවන්ද තරමක් දුරට ඉවත් කරමින් ආර්ථිකය ලෝකයට විවෘත කළේය. මේ කටයුත්ත ඉතා කෙටි කලක් තුළ කිරීම නිසා දේශීය නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම ලෙස නිපදවුණු විදෙස් නිපැයුම් සමඟ තරඟ කිරීමට පහසු වන පරිදි විණිමය අනුපාතිකයද අවප්‍රමාණය කෙරුණි.
අපේක්ෂිත පරිදිම ආනයන සඳහා දේශීය වෙළඳපොල විවෘත කෙරුණු වහාම, විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුන තුළ, ආනයනික භාණ්ඩ වලින් වෙළඳසැල් පිරුණේය. වෙළඳ ශේෂය තව දුරටත් පුළුල් වුණේය. එහෙත්, මෙයට හේතුව වූයේ වෙළඳපොළ විවෘත කිරීම නොවේ. පෙර දශක කිහිපය තුල ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දේශීය නිෂ්පාදකයින්ගේ තරඟකාරී නිෂ්පාදන හැකියාවන් බිඳ දමනු ලැබ තිබීමයි.
රට තුළට ආනයන ගලා එද්දී අකාර්යක්ෂම කර්මාන්ත බිඳ වැටුණු අතර එම කර්මාන්ත සඳහා යොදාගැනුණු නිෂ්පාදන සාධක, විශේෂයන්ම ශ්‍රම සම්පත්, වඩා කාර්යක්ෂම කර්මාන්ත වෙත විතැන් විය. 1982 පමණ සිට 1998 පමණ දක්වා කාලය තුළ දේශීය නිපැයුම් වල තරඟකාරීත්වය යලි වර්ධනය වීමට සමාන්තරව වෙළඳ හිඟය ක්‍රමයෙන් අඩු වන්නට විය. කෙසේවුවද, මේ කාලය තුළද වෙළඳ ශේෂය දිගටම පැවතුණේ හිඟයක් වශයෙනි.
පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදි ලංකාව ගොඩ යන්නට අමාරු පරිදි ණය උගුලක පැටළුනේද ජයවර්ධන යුගයේදීය. මෙයට හේතුව ජයවර්ධන රජයේ නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තිය බව සිතන අය සිටින්නට පුළුවන. එහෙත්, ඇත්තටම ලංකාව මෙසේ ණය උගුලක පැටලීමට හේතුව ජයවර්ධන රජයේ විවෘත නොවූ, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්තීන්ය.
ජයවර්ධන පාලනය බොහෝ භාණ්ඩ හා සේවාවන් විවෘත වෙළඳපොළ තරඟයට (නැවතත්) නිරාවරණය කළ බව ඇත්තකි. එහෙත්, ඒ අතරම එම පාලනය පෙර රජයයන් විසින් අනුගමනය කළ මධ්‍යගත සැලසුම් සහිත රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයද තවදුරටත් පවත්වා ගත්තේය. වඩා නිවැරදිව කියනවානම්, ජයවර්ධන පාලන කාලය තුල රාජ්‍යය තව දුරටත් විශාල විය. පෞද්ගලීකරණය කිරීම් ඇරඹුණේ එජාප පාලනය යටතේ වුවත් ජයවර්ධන යුගයෙන් පසුවය. සමඟි පෙරමුණු පාලනය මෙන්ම ජයවර්ධන පාලනයද සිතුවේ රටේ සියල්ලන්ටම හොඳ දේ දන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් බවයි.
අද දක්වාත්, රාජ්‍ය බලය වරින් වර මාරු වුණත්, මේ මධ්‍යගත ආකෘතිය සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. එක් අතකින් එය එසේ වන්නේ එය රටේ ජනතාවගේ ඉල්ලීම බැවිනි. තමන්ට හොඳ දෙය තමන්ගේ නියෝජිතයින් තමන්ට වඩා හොඳින් දන්නේයැයි සිතන ජනතාවක් සිටින තාක් මේ තත්ත්වය වෙනස් නොවනු ඇත. මෙසේ යම් නියෝජිත පිරිසක් කෙරෙහි විශ්වාසය තබා එම විශ්වාසය බිඳුණු පසු ලංකාවේ ජනතාව මෙතෙක් කර ඇත්තේ එම නියෝජිත පිරිස මාරු කිරීමයි.
සමඟි පෙරමුණු රජය රටේ පොදු ජනතාවගේ මුදලින් මහවැලි ව්‍යාපෘතිය වසර තිහක් තුළ නිම කිරීමට සැලසුම් කළේය. ඔවුන් සිතා සිටි පරිදි රටේ ජනතාවට එයින් යහපතක් සැලසිය හැකිව තිබුණි. ජයවර්ධන රජයේ සැලසුම්කරුවන් සිතුවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සමඟි පෙරමුණු සැලසුම්කරුවන්ට වඩා හොඳින් ඔවුන් දන්නා බවයි. ඒ අනුව, වසර හයක කාලයකට සීමා වූ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආදේශ විය.
මේ තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ වෙළඳපොළ සංකල්පය හෝ ධනවාදය නොවේ. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ආකාරයේ, සීමිත පිරිසක් විසින් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කිරීමකි. රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ එවැනි සැලසුම් ක්‍රියාත්මක වන විට දූෂණයට හා නාස්තියට ඉඩකඩ විවර වීම වැළැක්වීම අසීරු කරුණකි.
මේ ව්‍යාපෘති හරහා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ වී සිටි පිරිසකට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබුණේය. මෙහිදී මා මතු කරන කරුණ මේ ව්‍යාපෘති නොකළ යුතුව තිබුණු ව්‍යාපෘති බව නොවේ. කවර ආකාරයේ හෝ ඒකාධිකාරයන් විසින් නාස්තියට හා දූෂණයට ඉඩ සලස්වන බවයි.
එහෙත්, බොහෝ දෙනෙකු විසින් තවමත් කරන්නේ නාස්තියට හා දූෂණයට එරෙහිව කෑගසන අතරම රාජ්‍යය තවතවත් විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. මේ නාස්ති හා දූෂණ වැළැක්වීමට කොමිෂන් සභා සහ කොමසාරිස්වරුන් පත් කරමින් රාජ්‍යය තවදුරටත් අකාර්යක්ෂම කළ හැකිය. අන්තිමේදී අල්ලස් කොමසාරිස්වරුත් අල්ලස් ගනිති. ඒ අයව අල්ලන්නට තවත් අය අවශ්‍ය වේ.
ජයවර්ධන යුගයේ ආනයන වියදම් වැඩි වීමට මහවැලි ව්‍යාපෘතිය ආදී මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් සිදුකළ ප්‍රාග්ධන ආයෝජනද හේතු විය. මහවැලි ව්‍යාපෘතියේ ශුද්ධ ප්‍රතිලාභ ගණනය කිරීමේදී මේ හේතුවෙන් වෙළඳ ශේෂයට සිදුවූ බලපෑම සහ රාජ්‍ය ණය ඉහළ යාම නිසා සිදුවූ අවාසියද සැලකිල්ලට ගත යුතුය.
කෙසේ වුවද, මේ අයුරින් ජයවර්ධන රජය විසින් රාජ්‍ය ආයෝජන වලට බර තබන අතර සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහාද සැලකිය යුතු බරක් තැබුවේය. ජයවර්ධන රජයේ මේ සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමේ උත්සාහය ගැන තවදුරටත් කතා කළ යුත්තේ එදා මෙදාතුර ලංකාවේ සියළු රජයයන් සිය ආර්ථික ප්‍රතිපත්ති තුළ සෘජු විදේශ ආයෝජන වලට විශාල බරක් තැබූ බැවිනි. පවතින රජය උත්සාහ කරන්නේද සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමටය.
නිදහසින් පසු හැත්තෑ හත දක්වා කාලය තුළ සමස්තයක් වශයෙන් සිදු වූයේ රට තුළ පැවති ප්‍රාග්ධනය රටින් පිටතට ඇදී යාමයි. මෙය පහත රූප සටහන දෙස බැලූ විට පැහැදිලි විය යුතුය. පෙර රජයන්හි පෞද්ගලික දේපල රජය සතු කිරීමේ ප්‍රතිපත්තිය මෙයට හේතුවිය.
තීරණාත්මක ලෙස ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට ජයවර්ධන පාලනය සමත්වූ බව 1979 පමණ සිට සෘජු විදෙස් ආයෝජන ලංකාවට ගලා ඒම ඇරඹීමෙන් පෙනීයයි. එතැන් සිට අද දක්වාම සෑම වසරකදීම ලංකාවට යම් සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් පැමිණේ.
කෙසේ වුවද, ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස හෝ වෙළඳ හිඟය ආවරණය කර ගත හැකි මෙවලමක් ලෙස සෘජු විදෙස් ආයෝජන කිසි විටෙකත් විශාල කාර්ය භාරයක් ඉටුකළේ නැත. සෘජු විදෙස් ආයෝජන ලෙස පැමිණි ප්‍රාග්ධන ප්‍රවාහ සංඛ්‍යාත්මකව ආනයන වියදමෙන් 5% ඉක්මවූයේ 1997 වසරේදී පමණි. (එම වසරේ මේ වැඩි වීම සිදු වුණේ එන්ටීටී සමාගම විසින් ටෙලිකොම්හි කළ විශාල ආයෝජනය නිසායැයි සිතමි.) මෑත වසර වලදී වසරක් තුළ විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හරහා ලැබුණු අරමුදල් සෘජු විදෙස් ආයෝජන වලින් ලැබුණු මුදල මෙන් දහ ගුණයකටත් වඩා වැඩිය.
සෘජු විදෙස් ආයෝජන රටට ලැබෙන්නේ රට තුළ ඇති සමාගම් වල අයිතියද විදේශිකයන්ට හිමි කර දෙමිනි. ඒ නිසා, මේ සමාගම් ලාභ ලබන විට එම ලාභයන්හි හිමිකරුවන් වන්නේද ඔවුන්ය. වෙනත් විදිහකින් කිවහොත්, රට තුළට සෘජු විදෙස් ආයෝජන නිසා ගලා එන ප්‍රාග්ධනය හේතුවෙන් අළුතෙන් නිර්මාණය වන සම්පත් වලින් සැලකිය යුතු කොටසක් නැවතත් රටින් පිටතට ප්‍රාග්ධනය ලෙස ගලා යයි. මෙසේ එකතුවන අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නමුත් ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය නොවේ. ඒ නිසා එවැනි ආයෝජන හරහා සිදුවන ආර්ථික වර්ධනය රටවැසියන්ගේ 'ඇඟට නොදැනෙන්නට' පුළුවන.
මා මෙහිදී කියන්නේ සෘජු විදෙස් ආයෝජන නොවැදගත් බව නොවේ. ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස සෘජු විදෙස් ආයෝජන මත වැඩිපුර විශ්වාසය තැබීම නුවණට හුරු නැති බවයි. සෘජු විදෙස් ආයෝජන නිසා රටකට ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ රැසක් තිබේ.
මේ වන විට ලෝකයේ බොහෝ ආර්ථිකයන් වර්ධනය වන්නේ ප්‍රාග්ධනය හේතුවෙන් නොවේ. ප්‍රාග්ධනය හේතුවෙන් ආර්ථිකයක් එක දිගට වර්ධනය වීමටනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය ගලා ආ යුතුය. එය ප්‍රායෝගිකව සිදුවිය හැක්කක් නොවේ. දිගුකාලීනව ස්ථාවර ලෙස ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත හැක්කේ ඵලදායීතාව ඉහළ නැංවීම මඟිනි. මෙය කළ හැක්කේ දිගින් දිගටම තාක්ෂනය අළුත් කිරීමෙනි. ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කළ යුතුය.
කෙසේ වුවද, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින, තාක්ෂනය අතින් පිටුපසින් සිටින රටකට ඇමරිකාවට හෝ ජපානය වැනි රටකට නැති වාසියක් තිබේ. ඒ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩි වියදමක් නොදරා සංවර්ධිත රටවල් සතු තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකි වීමයි. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදන සාධක දෙක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය එක් රටකින් තවත් රටකට ගලා යන විට මුල් රටෙහි එම සාධක අඩුවන නමුත් තාක්ෂනය හා අදාලව එවැන්නක් සිදු නොවේ. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටකට තාක්ෂනය ලබා ගැනීම ශ්‍රමය හා ප්‍රාග්ධනය ලබා ගැනීම තරම් අසීරු කටයුත්තක් නොවේ.
කෙසේ වුවද, සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා නවීන තාක්ෂනය පියඹා එන්නේ නැත. ඒ සඳහා තාක්ෂණ ඥානය සම්ප්‍රේෂණය විය හැකි යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. සෘජු විදේශ ආයෝජන සමඟ පහසුවෙන් නවීන තාක්ෂනය සම්ප්‍රේෂණය වේ.
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
(Image: flickriver.com)
Saturday, May 21, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (තෙවන කොටස)
ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ මූලික ස්වරූපය ගැන අපි පෙර ලිපියෙන් කතා කළෙමු. එක් පසෙකින් දිගින් දිගටම නොපියවී ඉදිරියට යන රාජ්‍ය අයවැය හිඟයයි. අනෙක් පසෙන් ගෙවුම් ශේෂ හිඟයයි. රෝග දෙකටම දිගින් දිගටම ගන්නා විදේශ ණය බෙහෙත් වට්ටෝරුව නිසා ලෙඩා මැරෙන්නේ නැත. එහෙත්, රෝගය දිනෙන් දින උග්‍ර වේ.
රෝගයකට බෙහෙත් සොයන්නට පෙර රෝග නිධාන හඳුනාගත යුතුය. රෝග නිධාන ගැන අවබෝධයක් ලබාගත හැක්කේ රෝග ඉතිහාසය හැදෑරීමෙනි. නිදහසින් පසු රාජ්‍ය ණය වැඩි වූ ආකාරය අපි පෙර කතා කළෙමු. අද ලිපියෙන් සාකච්ඡා කරන්නේ නිදහසින් පසු ආනයන අපනයන පරතරය හෙවත් වෙළඳ හිඟය වෙනස් වූ ආකාරයයි.
ඉංග්‍රීසීන් විසින් රට භාර දී යන විට රාජ්‍ය ණය කන්දක් හෝ රාජ්‍ය අයවැය පරතරයක් නොතිබුණා සේම, වෙළඳ හිඟයක්ද නොතිබුණේය. ඇත්තටම තිබුණේ සැලකිය යුතු අතිරික්තයකි. එවකට රටේ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වූ අතර වසරකට ආසන්න කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වන තරමේ විදෙස් සංචිත තොගයක් ලංකාව සතු විය. පහත රූප සටහනෙන් පෙනෙන්නේ 1956-1980 කාලය තුළ මේ යහපත් ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහුණු ආකාරයයි.
යුරෝපීයයන් විසින් යටත් කරගන්නා විට ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට සංවෘත ආර්ථිකයක් විය. ඉංග්‍රීසීන් විසින් මේ සංවෘත ආර්ථිකය ලෝකයට විවෘත වූ, ආනයන-අපනයන මත පදනම් වූ ආර්ථිකයක් බවට පරිවර්තනය කළේය.
ජාත්‍යන්තර වෙළඳාම ඉතාම අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් වෙළඳාමෙහි යෙදෙන සියළු පාර්ශ්වයන්ට වාසි ගෙනදේ. එහෙත්, රටක් සමස්තයක් ලෙස වාසි ලබද්දී ඒ රටේ ඇතැම් කණ්ඩායම් වලට අවාසි සිදු විය හැකිය. එමෙන්ම, මේ වාසි වෙළඳාමෙහි පාර්ශ්වකරුවන් අතර හැමවිටම සම ලෙස නොබෙදෙන්නට පුළුවන. එමෙන්ම, ආර්ථික නොවන වෙනත් අවාසි තිබිය හැකිය. කෙසේ වුවද, ආර්ථික වශයෙන්නම් හැම විටම සිදුවන්නේ වාසියකි. මේ ගැන වැඩිපුර හැදෑරීමට අවශ්‍යනම් පහත ලිපි කියවන්න.
ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...
ඔබ විසින් ඔබ සතු සම්පත් කිසියම් නිෂ්පාදන කාර්යයක් සඳහා යොදා ගන්නා විට එය කරන්නේ වඩාත්ම කාර්යක්ෂම අයුරිනි. අමරා දේවිය බත්, කැඳ සහ කැවුම් පිසින්නට සහල් වෙන් කළ අයුරිනි. ඔබේ වත්තේ දිය සීරාව ඇති කොටසේ කුඹුරක් අස්වද්දනු හෝ කන්කුන් සිටවනු මිස අන්නාසි සිටවන්නේ නැත. අන්නාසි සිටවන්නේ වත්තේ වියලි, උස් තැනකය.
ඉංග්‍රීසි අධිරාජ්‍යයට අයත් භුමි ප්‍රදේශ තුළ නිෂ්පාදන කාර්යයන් සිදුවුණේද ඉහතාකාරයෙනි. ලංකාවේ දේශගුණය යටතේ වැඩි නිෂ්පාදනයක් කළ හැකි තේ හා රබර් ඔවුහු මෙහි වැවූහ. ලංකාවට අවශ්‍ය වූ, වෙනත් රටවල වඩා අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි වූ, සහල් ආනයනය කෙරුණේය. වඩා ලාභ ශ්‍රමය ඉන්දියාවෙන් ගෙන එනු ලැබිණි. ඉංග්‍රීසීන්ගේ මේ ස්ථානගත කිරීම් වල පාරිසරික අවාසි හා දේශපාලනික නොගැලපීම් තිබෙන්නට පුළුවන. එහෙත්, මේ වෙනස්කම් නිසා රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි විය.
නිදහස ලැබූ ලංකාවට රටේ නිෂ්පාදන තරඟකාරී එහෙත් ඉතා ලාභදායී මිලකට ජාත්‍යන්තර වෙළඳපොළෙහි අළෙවි කළ හැකි විය. ඒ, එවකට ලංකාවේ නිපදවා අපනයනය කළ තේ හා රබර් වැනි නිෂ්පාදන හා අදාළව ලංකාවට පරිපූර්ණ වාසිදායක තත්ත්වයක් පැවති බැවිනි. එවැනි වාසියක් නොතිබුණු සහල් වැනි දේ රටේ නිපදවීමට යන වියදමට වඩා අඩුවෙන් ආනයනය කළ හැකි විය. ඒ නිසා, අපනයන ආදායම ආනයන වියදම පියවා ගැනීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය.
කෙසේ වුවද, නිදහසින් පසු, විශේෂයෙන්ම 1956න් පසු ලංකාව ආරක්ෂණවාදී ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා යොමු විය. විදෙස් අයිතිය තිබූ සමාගම් ජනසතු කිරීමේ ලේබලය යටතේ රජය සතු කෙරුණේය. රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් නැති නිෂ්පාදනද ඇතුළුව රටේ අවශ්‍යතා රට තුළින්ම සපුරාගැනීම ඉලක්ක කරගත් ක්‍රමවේදයක් වෙත ආර්ථික ප්‍රත්පත්තිය විතැන් විය.
ලංකාවට තුලනාත්මක වාසියක් නොමැති භාණ්ඩයක් රට තුළ නිපදවන විට එහි පිරිවැය එම භාණ්ඩයේ ආනයනික මිලට වඩා වැඩිය. ඒ නිසා, දේශීය නිෂ්පාදන වලට ආනයනික නිෂ්පාදන සමඟ තරඟ කළ නොහැකිය. ඒ නිසා, එවැනි දේශීය කර්මාන්ත රැක ගැනීමට කෘතීම ලෙස ආනයන සීමා කිරීමට සිදුවේ. කෙසේ වුවද, අවසාන වශයෙන් සිදුවන්නේ රටේ පාරිභෝගිකයින්ට ආනයනික නිෂ්පාදනයකට වඩා තත්ත්වයෙන් අඩු භාණ්ඩයකට වැඩි මිලක් ගෙවන්නට සිදුවීමයි. ආනයන සෘජුව සීමා නොකෙරෙන්නේනම්, ආනයන බදු හරහා හෝ දේශීය නිෂ්පාදන සඳහා මහජන මුදලින් ලබා දෙන සහනාධාර හරහා වක්‍රව සීමා කරන්නට සිදුවේ. ඒ අතරම, තරඟකාරී මිලකට අපනයනය කළ හැකි, තුලනාත්මක වාසියක් ඇති කර්මාන්ත කෙරෙන් සම්පත් විතැන් වීම නිසා රටට ලැබෙන අපනයන ආදායම ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී. එහෙත්, ඇතැම් භාණ්ඩ කෙසේවත් රට තුළ නිපදවා ගැනීමේ හැකියාවක් නොමැති බැවින් එවැනි භාණ්ඩ, උදාහරණයක් වශයෙන් ඉන්ධන, ආනයනය කිරීම සඳහා විදේශ විණිමය උපයාගන්නට වෙන්නේ අපනයන මඟිනි. 1956 පමණ සිට මෙසේ ක්‍රමයෙන් අපනයන ආදායම දුර්වල වීම නිසා වෙළඳ හිඟය වැඩි වූ අයුරු ඉහත රූප සටහනෙන් පෙනේ.
මේ අයුරින් වෙළඳ හිඟය ක්‍රමයෙන් වර්ධනය වී, සමඟි පෙරමුණු යුගයේදී එය ගොඩ එන්නට නොහැකි ගෙවුම් ශේෂ අර්බුදයක් බවට පත් විය. මේ අර්බුදය හමුවේ රජයේ ප්‍රතිචාරය වූයේ දැඩි ලෙස ආනයන සීමා කිරීමයි. එසේ ආනයන සීමා කිරීමෙන් 1977දී වෙළඳ හිඟය අතිරික්තයක් බවට පත් කරගත හැකි වුවත්, ඒ වෙනුවෙන් රටේ ජනතාවට මෙන්ම රජයටද ගෙවන්නට සිදුවූ මිල අමුතුවෙන් මතක් කළ යුතු නැතැයි සිතමි.
සමඟි පෙරමුණු රජය බිඳ වැටී ජයවර්ධන පාලනය ඇරඹුනේය. ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වාදුන් ආර්ථිකය ධනවාදී ආර්ථිකයක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. එහෙත්, ඒ ධනවාදය කුමක්දැයි නොදන්නා අයයි. සමඟි පෙරමුණු යුගයේ හා ඊටත් පෙර හඳුන්වා දී තිබුණු සීමාවන් ඉවත් කර ආර්ථිකය පැවති තත්ත්වයට වඩා නිදහස් කළත් ජයවර්ධන රජයද විශාල මධ්‍යගත පාලනයක් තවදුරටත් නඩත්තු කළේය. රාජ්‍ය ආයෝජන වලට විශාල බරක් තැබුණු මධ්‍යගත සැලසුම් බොහොමයක් තවදුරටත් එසේම ක්‍රියාත්මක විය. කෙසේ වුවද, ආනයන සඳහා පැවති සීමාවන් බොහෝ දුරට ඉවත් විය.
ජේ ආර් ජයවර්ධන විසින් තරඟකාරී වෙළඳපොළකට එක් වරම නිරාවරණය කළ දේශීය නිෂ්පාදකයා ලංකාව නිදහස ලබන විට සිටියාක් වැනි තරඟකාරී නිෂ්පාදකයෙකු නොවේ. අඩු වශයෙන් දශක දෙකක පමණ කාලයක් ආරක්ෂණවාදී බුර්කාවේ සැඟවී සිටි ඇගේ සියුමැලි සම ඉර එළියට ඔරොත්තු දුන්නේ නැත. දෙනෝදාහක් බලා සිටිද්දී බුර්කාව ගලවා වේදිකාවට තල්ලු කෙරුණු මේ ගෑනු ළමයාට සබකෝලය මැඬගෙන රඟපෑමට ධෛර්යය උපදවා ගැනීම විශාල අභියෝගයක් විය. එහෙත්, ඔබ පීනන්නට දැන නොසිටියත්, වතුරට ඇද දමනු ලැබූ විට කෙසේ හෝ පීනිය යුතුය. නැත්නම් දියේ ගිලී මිය යා යුතුය!
ජේ ආර් ජයවර්ධන විසින් කළේ කළ යුතුව තිබුණු, නිවැරදි දෙයයි. නළු නිලියන් පෙර පුහුණුවීම් අවසන් කර, හැඩ වැඩ වී වේදිකාවට පැමිණෙන තුරු තිරය විවෘත කරගෙන බලා සිටියානම් එය මේ සම්මජාතියේ සිදු නොවන්නට ඉඩ තිබුණි. බුර්කාව ගලවා ඉර එළියට නිරාවරණය කළ ගැහැණු දරුවාට එක් වරම ඉර එළිය දරා ගැනීම අපහසු වුවද, මෙසේ ක්ෂණිකව නිරාවරණය කළ විට ඉතා ඉක්මණින් අළුත් තත්ත්වයට හැඩ ගැසී තරඟකාරීත්වය නැවත ගොඩ නංවා ගැනීමට හැකි වේ. සමඟි පෙරමුණු යුගයේ භාණ්ඩ හිඟයෙන් හෙම්බත් වී සිටි සමාජය මෙවැනි ක්ෂණික විපර්යාසයකට ලක් කිරීමට ජයවර්ධන රජය විසින් ලබාගෙන තිබුණු විශාල පාර්ලිමේන්තු නියෝජනය උදවු විය. රජයේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පෙර, ක්ෂණිකව ජේ ආර් ජයවර්ධන විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. ඒ සඳහා ඔහුට පූර්ව සැලසුමක් විය. ඒ නිසා හිත හිතා ඉන්නට මෙන්ම කාගෙන්වත් අහ අහා ඉන්නටද ඔහුට අවශ්‍ය නොවීය. (කෙසේ වුවද, පසුකාලීනව සිය ජනප්‍රියත්වය ගිලිහීමෙන් පසුවද මේ අයුරින්ම තමන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වග විභාගයකින් තොරව ගෙන එන්නට ගොස් ජයවර්ධන රජය ඇණ ගත්තේය.)

ආනයන,
ආර්ථික අර්බුදය,
තුලනාත්මක වාසිය,
පරිපූර්ණ වාසිය,
වෙළඳ ශේෂය
Friday, May 20, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)
මෙම ලිපියේ පළමු කොටස අවසානයේ මා පළ කළ රූප සටහන් දෙකෙන් පෙන්වා දුන්නේ පසුගිය වසර පහළොවක කාලය තුළ ලංකාවේ ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය, එනම් වෙළඳ ශේෂය, ඉතා වේගයෙන් පුළුල් වූ ආකාරයයි. පසුගිය 2015 වසර තුළ ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 18,935 ක් වූ අතර අපනයන ආදායම ලෙස ලැබුණේ ඩොලර් මිලියන 10,505 ක් පමණි. මේ අනුව, වෙළඳ හිඟය ඩොලර් මිලියන 8,430 ක් විය.
අයවැය හිඟය ගැන කතා කරන විට අප කතා කරන්නේ රජයේ ආදායම් හා වියදම් අතර පරතරය ගැනය. රජය දේශීය හෝ විදේශීය ණය ලබා ගන්නේ මේ පරතරය පියවීමටය. රාජ්‍ය ණය තොගය වසරින් වසර ඉහළ යන්නේ නිදහස ලැබූ මුල් කාලයෙන් පසුව සෑම වසරකම ලංකාවේ රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායම් ඉක්මවූ බැවිනි. අවසන් වරට රජයේ ආදායම වියදම ඉක්මවා අයවැය අතිරික්තයක් පෙන්වූයේ 1955දීය.
සිංගප්පූරුව වැනි රටවල බොහෝ විට ඇත්තේ අයවැය අතිරික්තයකි. එසේ සාමාන්‍යයෙන් අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා රටකට ආර්ථිකය කිසියම් අයුරකින් දුර්වල වන 'වැහි කාලයට' පායන කාලයේ සිංදු කියමින් සිටි පලඟැටියාට මෙන් අනුන්ගෙන් කෑම හිඟමනේ යන්නට අවශ්‍ය නොවන්නේ තමන්ගේම ඉතිරි කිරීම් ප්‍රමාණවත් තරම් තිබෙන නිසාය.
වෙළඳ හිඟය යනු අයවැය හිඟය මෙන් රජයේ ආදායම් හා වියදම් වලට පමණක් අදාළ දෙයක් නොවේ. එය පදනම් වන්නේ මුළු රටේම අපනයන ආදායම් හා ආනයන වියදම් මතය. අයවැය හිඟය හා වෙළඳ හිඟය අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයක් නොවූවත් ලංකාවේ වෙළඳ හිඟය පිලිබඳ කතාවද අයවැය හිඟය පිලිබඳ කතාවට වඩා ලොකුවට වෙනස් නැත. දැඩි ලෙස ආනයන සීමා කළ 1977දී හැරුණු විට 1967 සිටම ලංකාවේ වාර්ෂික ආනයන වියදම අපනයන ආදායම ඉක්මවීය.
ආනයන වියදම දිගින් දිගටම අපනයන වියදම ඉක්මවනවානම් මේ හිඟය පියවෙන යාන්ත්‍රණයක්ද තිබිය යුතුය. පෙර කී පරිදි, රජයට රුපියල් 'මුද්‍රණය කිරීමට' හෝ බදු මඟින් උපයා ගැනීමට හැකි වුවත් ඒ තරම් පහසුවෙන් විදෙස් විණිමය හිඟය පියවා ගත නොහැකිය. මේ රජය මෙන්ම, පසුගිය රජයයන්ද සෘජු විදෙස් ආයෝජන ගැන කතා කරන්නට කැමතිය. එහෙත්, කතා කළ පලියට සෘජු විදෙස් ආයෝජන එන්නේ නැත. මහජන මුදල් යොදවා ප්‍රවර්ධන වැඩසටහන් කළ පළියට ආයෝජන සිදුවන්නේත් නැත. සාමාන්‍යයෙන් වසරක් තුළ ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වෙළඳ හිඟයට සාපේක්ෂව සොච්චමකි. උදාහරණයක් ලෙස පසුගිය 2015 වසර තුළ ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 681ක් පමණි. මෙය එම වසරේ වෙළඳ හිඟයෙන් 8%ක් පමණි.
උපාය මාර්ගයක් ලෙස සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා කළ යුත්තේ ආයෝජන සඳහා ගැලපෙන, ආයෝජකයින්ට වැඩිපුර ලාභ ලැබිය හැකි, ආර්ථික වටපිටාවක් සකස් කිරීමයි. එවිට, කිසිදු ප්‍රවර්ධනය කිරීමකින් තොරවම වුවද ආයෝජකයින් පැමිණෙනු ඇත.
සෘජු විදෙස් ආයෝජන ලැබී නැත්නම්, ලංකාවේ වෙළද හිඟය ආවරණය වන්නේ කෙසේද? වෙළඳ හිඟය මඟින් පෙන්වන්නේ භාණ්ඩ වෙළඳපොළේ අසමතුලිතතාවයයි. මෙයට අමතරව ලංකාව සහ විදෙස් රටවල් අතර සේවා වෙළඳාමක්ද සිදුවේ. පසුගිය වසරේ ලැබුණු ශුද්ධ සේවා ආදායම ඩොලර් මිලියන 228කි. කෙසේවුවද, ලංකාවේ සේවා වෙළඳපොළ එතරම් විශාල නැතිවා පමණක් නොව බොහෝ විට පෙර වසරේ පැවතියාක් මෙන් අතිරික්තයක් පෙන්වන්නේද නැත.
ලංකාවේ වෙළඳ හිඟය ප්‍රධාන වශයෙන්ම පියවෙන්නේ මැද පෙරදිග ප්‍රධාන විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වලිනි. පසුගිය වසර තුළ මෙසේ ලැබුණු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 6,193කි. මේ මුදල ඉතා විශාල මුදලක් බව නොකිවමනාය. ලංකාවේ බොහෝ දෙනෙකු භුක්ති විඳින සෞභාග්‍යය ගොඩ නැඟී ඇත්තේ මේ ශ්‍රමිකයින් හිස් ගැසුම් අවදානම් දරමින් උපයන විදෙස් විණිමය මත බව මම පසුව කරුණු සහිතව පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි. සිතන්න! අපේ සමස්ත අපනයන ආදායමම ඩොලර් මිලියන 10,505 ක් පමණක් වන විට විදෙස් ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 6,193ක් ලංකාවට ලැබේ. අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය. එහෙත්, ප්‍රේෂණ යනු තනිකරම ලංකාවට රටේ ආර්ථිකයෙන් බාහිරව ලැබෙන මුදලකි. ඒ නිසා ගෙවුම් ශේෂයට ඇති බලපෑම සමාන වුවත් මේ ඩොලර් දෙවර්ගය සමාන නැත.
කෙසේවුවද, මෙසේ ලැබෙන ප්‍රේෂණ වලින් අනතුරුවද වෙළඳ ශේෂයේ හිඟය සම්පූර්ණයෙන් පියවෙන්නේ නැත. වෙළඳ ශේෂය, ශුද්ධ සේවා ආදායම හා ශුද්ධ ප්‍රේෂණ වල එකතුව ජංගම ගිණුමේ ශේෂයයි. පසුගිය වසරේදී මේ ශේෂය ඩොලර් මිලියන 2,008 ක හිඟයක් විය. පෙර කී පරිදි, සෘජු විදෙස් ආයෝජන මඟින් පියවුණේ එම හිඟයෙන් ඩොලර් මිලියන 681ක් පමණි.
ඉහත තත්ත්වය පසුගිය වසරට පමණක් අදාළ සුවිශේෂී තත්ත්වයක් නොවේ. කලක සිටම ලංකාව මේ විදෙස් විණිමය හිඟයෙන් බැටකයි. එක් පසෙකින් අයවැය හිඟයයි. අනෙක් පසෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි.
ඉහත ප්‍රශ්න දෙකටම ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට 'එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු බාවන' විසඳුමක් තිබේ. ඒ අයවැය හිඟය පියවීමට විදේශ ණය ගැනීමයි. රජයට මුදල්ද රටට ඩොලර්ද ලැබේ. වැඩේ ගොඩය! හැබැයි අදටය. හෙට ප්‍රශ්නය තවත් උග්‍ර වේ.
විදේශ ණය පියවීමට විදේශ විණිමය අවශ්‍යය. ඒ නිසා, බදු වැඩි කිරීම වැනි ක්‍රමයකින් රජයේ ආදායම් වැඩි කරගැනීම පමණක් ප්‍රමාණවත් නැත. විදේශ විණිමය සොයා ගැනීමටද අවශ්‍යය. දැන් රටට විදේශ විණිමය අවශ්‍ය වන්නේ ආනයන සඳහා පමණක් නොවේ. රජයේ ණය ගෙවීම සඳහාත් විදේශ විණිමය අවශ්‍යය. මෙය චක්‍රීයව සිදුවෙද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නය මෙන්ම ණය ප්‍රශ්නයද තවතවත් උග්‍ර වේ.
"එකක් කඩතොළු මකා ගන්නට ගිහින් මට වුනු කාරියා
දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"
මගේ පියා නිතර කියන ඔන්න ඔහොම කතාවක් අසා ඇතත් ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැත.
ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට විදෙස් විණිමය හොයා ගැනීම පහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට අවශ්‍ය වන්නේ එවිටය. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්නේ ණය දීමක්ම නොවේ. විදෙස් විණිමය ලබා දීමකි.
ඔබ බදු වැඩි කර අරමුදල් සොයාගන්න. අපි ඔබට එසේ සොයාගන්නා රුපියල් ඩොලර් කර ගැනීමට උදවු කරන්නම්. හැබැයි තාවකාලිකව!

Wednesday, May 18, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පළමු කොටස)
පසුගිය ලිපියෙන් මා පෙන්වා දුන්නේ ලංකාවේ ණය අර්බුදය නිදහස ලැබූ කාලයේ සිටම ක්‍රමයෙන් වර්ධනය වූවක් බවයි. ජයවර්ධන යුගයේදී ප්‍රථම වරට ලංකාවේ රාජ්‍ය ණය තොගය රටේ දළ දේශීය නිෂ්පාදිතයද ඉක්මවූ අතර 2004 වසර වන විටත් ණය තොගය ජාතික ආදායමට ඉහළින් පැවතුණේය.
රටක ණය තොගය ජාතික ආදායම ඉක්මවූ පමණින් ආර්ථිකයක් ක්ෂණික කඩාවැටීමකට ලක්වන්නේ නැත. ජපානයේ රාජ්‍ය ණය තොගය රටේ ජාතික ආදායම මෙන් දෙගුණයකටත් වැඩිය. ඇමරිකාව හා සිංගප්පූරුව වැනි රට වල රාජ්‍ය ණය තොගයද එම රටවල ජාතික ආදායමට වඩා වැඩිය. මෙවැනි තත්ත්වයක සිට පසුව ණය ප්‍රමාණය බරක් නොවන මට්ටමට අඩු කරගත් රටවල් ඕනෑ තරම් තිබේ.
රටක් හෝ පුද්ගලයෙකු ණය ගැනීම හැම විටම නරක දෙයක් නොවේ. කිසියම් ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළනම් ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාගෙන මුල් මුදල හා පොලිය ගෙවීමන් අනතුරුවද ලාභයක් ලැබිය හැකිය. පසුගිය දශකයක පමණ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය අඩුවීම මඟින් වුවද පෙනෙන්නේ ජාතික ආදායම වැඩි වේගයකින් වර්ධනය වේනම් ණය ආපසු ගෙවීම නොකළ හැකි දෙයක් නොවන බවයි.
පසුගිය 2004-14 කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය නිදහසින් පසු එක දිගට පැවති ඉහළම ආර්ථික වර්ධනයයි. ඒ කාලය තුළ රටේ ණය ඉහළ ගොස් ඇතත් එය සිදු වී ඇත්තේ වෙනත් කාල වලදී සිදු වූවාට වඩා වැඩි වේගයකින් නොවේ. මේ කාලය තුල උද්ධමනය අඩු මට්ටමක පැවති අතර, විණිමය අනුපාතිකයද ස්ථාවරව පැවතුණේය. රටේ විදෙස් සංචිත ඉහළ ගියේය. විරැකියා අනුපාතිකය හා දරිද්‍රතාව අඩු විය. එසේනම්, මේ ආර්ථික අර්බුදයක් ගැන කියන කතාව බොරුවක්ද?
ජෙන්ගා නම් වූ ක්‍රීඩාවක් තිබේ. මේ ක්‍රීඩාවේදී පළමුව දිගටි ලී කැබලි එක මත එක තබමින් කුළුණක් සාදනු ලබයි. ඉන් පසුව ක්‍රීඩාව ඇරඹේ. තමන්ගේ වාරය පැමිණි විට ක්‍රීඩකයෙකු කළ යුත්තේ මේ කුළුණින් එක් ලී කැබැල්ලක් ඉවත් කිරීමයි. කුළුණ කඩා වැටුනහොත් ක්‍රීඩකයා පරාජයට පත් වේ. ලී කැබලි එකින් එක ඉවත් වෙද්දී කුළුන බිඳ නොවැටී ලී කැබැල්ලක් ඉවත් කිරීම එන්න එන්නම අමාරු වෙයි.
රටක ආර්ථිකය මෙහෙයවීමද ජෙන්ගා ක්‍රීඩාවකි. එහෙත්, මේ ක්‍රීඩාවේ නීති වඩා සංකීර්ණය. මේ වෙනස් ජෙන්ගා ක්‍රීඩාවේදී ක්‍රීඩකයෙකුට එක දිගට වාර ගණනක්ම ක්‍රීඩා කිරීමට ලැබේ. එසේ ක්‍රීඩා කරද්දී ක්‍රීඩා කිරීමේ වාරය ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු විසින් ලබා ගැනීම වැලැක්වීම සඳහා ඉවත් කර ගන්නා ලී කැබලි යොදා ගෙන කුළුණ තවත් උස් කළ යුතුය. ඒ අතරම ලී කුළුණ ස්ථාවරව පවතින බවටද වග බලාගන්නට සිදු වේ.
මේ ක්‍රීඩාවේදී ලකුණු ලැබෙන්නේ ක්‍රීඩා කරන වාර ගණනටය. එය කඩා වැටෙන්නට එන බව පෙනේනම් විනිශ්චයකරු විසින් අනෙක් ක්‍රීඩකයාට වාරය ලබා දෙනු ඇත. එමෙන්ම, කුළුණ ගොඩ නංවන බවක් නොපෙනේනම් එවිටද විනිශ්චයකරු විසින් අනෙක් ක්‍රීඩකයාට වාරය ලබා දෙනු ඇත.
කෙසේ වුවද, මේ ක්‍රීඩාවේදී කුළුන සාදන්නේ දැඩි සුළං ඇති තැනකය. ඒ නිසා සමබරතාවය බිඳුනොත් සුළඟට කුළුණ කඩා වැටෙන්නට පුළුවන. එසේ කඩා වැටෙන්නට යන විට ක්‍රීඩකයෙකුට කලින් ඉවත් කළ ලී කැබලි නැවත ඒවා පැවති තැන් වලට එකතු කරන්නටද පුළුවන. සුළං දැඩි විට කුළුණ කඩා නොවැටී තබා ගැනීම එහි උස වැඩි කරනවාට වඩා වැදගත්ය.
පසුගිය කාලයේ ඉහළ ආර්ථික වර්ධනයක් ලැබූ ලංකාවේ ආර්ථිකයද මෙසේ උසට හැදූ ජෙන්ගා කුළුණක් විය. කුළුණ උස ගියේ එහි පැවති අසමතුලිතාවයන් බොහොමයක් පිටතට නොපෙන්වමිනි. ඒ නිසා, මේ දුර්වලතා හඳුනා ගැනීම අපහසු වුවත් එය අමාරුවෙන් හෝ කිරීම ඉතා වැදගත් කරුණකි.
රජයකට ණය ආපසු ගෙවීමට විවිධ ක්‍රම තිබේ. පළමු හා පහසුම ක්‍රමය ජනතාවගෙන් බදු අය කර ගැනීමයි. බදු ආදායම ප්‍රමාණවත් නැත්නම් බදු වැඩි කළ හැකිය. එහෙත්, යම් මට්ටමක් දක්වා බදු වැඩි කිරීමෙන් පසු තව දුරටත් බදු ඉහළ දමා ආදායම වැඩි කර ගත නොහැකි වේ. (කියවන්න: වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද? ) එවිට, දෙවන විකල්පය වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීමයි. ඒ මඟින් රටේ ජනතාව හා සමාගම් අත ඇති මුදල් ණයට ගන්නට පුළුවන.
මෙයටද සීමාවක් තිබේ. රටේ පෞද්ගලික ඉතිරි කිරීම් අඩුවනවිට පෞද්ගලික ආයෝජන අඩුවී ආර්ථික වර්ධනය අඩුවීම නිසා රජයේ බදු ආදායම්ද අඩු වන්නට පටන් ගනී. එමෙන්ම, වාණිජ බැංකු වලටද භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැකිය. එසේ කළ විටද, රටේ බැංකු පද්ධතියේ අරමුදල් ක්ෂය වී පෞද්ගලික අංශයට ණය ලබා දීම සීමා වීම නිසා ආර්ථික වර්ධනය අඩාල වී රජයේ බදු ආදායම් අඩුවීමේ අනතුර තිබේ.
අවසාන වශයෙන්, වෙනත් විකල්පයක් නැති වන විට රජයේ සුරැකුම්පත් මහ බැංකුවට විකුණන්නට පුළුවන. මෙහි අවසාන ප්‍රතිඵලය පළමුව උද්ධමනය හා පසුව අධි-උද්ධමනයයි. මෙවැනි සීමාවන් පවතින නමුත්, අධි-උද්ධමනයට මුහුණ දීමට සිදුවීමේ අවදානම පෙනෙන තුරු රජයකට ණය ආපසු ගෙවන්නට විවිධ ක්‍රම ගණනක් තිබේ.
පෙර කී පරිදි ඇමරිකාවේ, ජපානයේ මෙන්ම සිංගප්පූරුවේද රාජ්‍ය ණය තොගය එම රට වල ජාතික ආදායමට වඩා වැඩිය. ජපානයේ එය දෙගුණයකටත් වැඩිය. එහෙත්, මේ රටවල් වල ණය අර්බුද ගැන එතරම් ලොකු කතාබහක් සිදු නොවේ. ඒ කියන්නේ ලංකාවේ ඔය කියන විදිහේ ණය අර්බුදයක් නැද්ද?
ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තනි අංකයකින් විස්තර කළ හැකි තරමට සරල එකක් නොවේ. රටක රාජ්‍ය ණය කිසියම් හේතුවකින් ඉහළ ගිය විට (කිසියම් පැහැදිලි සීමාවක් තුළ වුවත්) බදු ඉහළ නැංවීමේ සිට අළුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම (එනම් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම) දක්වා විවිධ ක්‍රම වලින් අරමුදල් රැස් කරගෙන ඒ ණය කෙසේ හෝ ගෙවා දැමීමේ හැකියාව තිබේ. (එසේ කිරීමේ අහිතකර ප්‍රතිඵල වලට පසුව මුහුණ දෙන්නට වීම වෙනම කරුණකි.) මේ මොහොතේ වත්මන් රජය කරමින් සිටින්නේද එයයි.
කෙසේ වුවද, ඉහත ආකාරයෙන් බදු මුදල් හෝ අළුතින් සංසරණයට එකතු කළ මුදල් යොදාගෙන පියවීමේ හැකියාව ඇත්තේ රුපියල් වලින් ගෙවන්නට ඇති දේශීය ණය පමණි. විදේශ ණය ගෙවීමේදී මේ රුපියල් ඩොලර් වලට (හෝ වෙනත් පිළිගත් ව්‍යවහාර මුදලකට) මාරු කළ යුතුය. රජයට බදු ලෙස ඩොලර් අය කර ගැනීමේ හෝ ඩොලර් මුද්‍රණය කිරීමේ හැකියාවක් නැත!
රජය සතුව ණය ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් තිබියදී වුවත්, රට තුළ ප්‍රමාණවත් විදෙස් සංචිත නැත්නම් විදෙස් ණය පියවීමේ හැකියාවක් නැති වේ. ගෙවුම් ශේෂ අර්බුදයක් යනු මෙයයි.
ගෙවුම් ශේෂ අර්බුද වලට එකම හේතුව රාජ්‍ය ණය වැඩිවීම නොවේ. කවර හේතුවක් නිසා හෝ කිසියම් රටක ආනයන වියදම් පියවීමට ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වුවහොත් එම රටට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. සමඟි පෙරමුණු යුගයේදී රට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන්නේත්, වෙනිසියුලාවේ අද ඇති ප්‍රශ්නය ඇති වී තිබෙන්නේත් රාජ්‍ය ණය වැඩි වූ නිසාම නොවේ. කෙසේ වුවද, රාජ්‍ය ණය, විශේෂයෙන්ම විදෙස් ව්‍යවහාර මුදලින් ලබාගත් විදෙස් ණය, බොහෝ විට ගෙවුම් ශේෂ අර්බුද වලට හේතු වේ. එවිට, ගෙවුම් ශේෂ අර්බුදය නිසා රාජ්‍ය ණය අර්බුදයත්, රාජ්‍ය ණය අර්බුදය නිසා ගෙවුම් ශේෂ අර්බුදයත් එකිනෙක පෝෂණය කිරීම සාමාන්‍යයෙන් අවසන් වන්නේ විශාල ආර්ථික කඩා වැටීමකිනි.
(මතු සම්බන්ධයි.)
(Image: www.vat19.com)

Friday, May 13, 2016
ලංකාව ණය උගුලක හිර කළේ කවුද?
ලංකාව විශාල ණය උගුලක පැටලී සිටින බව මේ වන විට බොහෝ දෙනෙකු දන්නා සහ පිළිගන්නා කරුණකි. ණය උගුලෙන් ගැලවීමේ උපාය මාර්ග සෙවීමේදී මේ ණය උගුලේ පැටළුණු ආකාරය අවබෝධ කරගැනීම වැදගත් වුවත් එහි වගකීම යම් නිශ්චිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත පැටවීමෙන් ලැබෙන විශේෂ වාසියක් නැත.
ණය මල්ලට සම්මාදම් වූ අය කවුරු වුවත් එයින් ගැලවීමේ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ඇත්තේ මේ වන විට රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන පුද්ගලයින් අතේය. එසේ ගන්නා නිවැරදි ක්‍රියා මාර්ගයකට සහයෝගය දීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි. එමෙන්ම, රටේ පාලනාධිකාරිය එම සහයෝගය ලබා ගත හැකි පරිදි ක්‍රියාකිරීමද වැදගත්ය. කෙසේවුවද, සිදුවන්නේ එවැන්නක්ද යන්න සැක සහිතය.
ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසින් විසින් භාර දී ගියේ ලෝකයටම ගෙවන්නට ඇති ණය ගොඩක් සමඟ හිස් භාණ්ඩාගාරයක් නොවේ. 1950 වන විටද ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණක් වූ අතර එම මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.9%ක් පමණි. එතැන් සිට සියළු රජයයන් යටතේ සිදු වුණේ මේ ණය මල්ල පැටවු ගැසීමයි. 2015 අවසාන වන විට රුපියල් මිලියන 8,503,227ක් දක්වා මේ ණය මල්ල ලොකු වූ ආකාරය පහත වගුවේ පෙන්වා තිබේ.
නිදහසින් පසු කිසිම රජයක් යටතේ ලංකාවේ ණය අඩු වී නැත. එහෙත්, ඇතැම් කාලවලදී වෙනත් කාල වලදීට වඩා අඩුවෙන් ණය ගෙන තිබේ. පහත රූප සටහනේ ඇත්තේ එක් එක් කාල වකවානු තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වූ සාමාන්‍ය වේගයයි.
නිදහසින් පසු පැවති බොහෝ පාලන කාලයන්හිදී අඩු වශයෙන් 13-14% පමණ ප්‍රතිශතයකින් වාර්ෂිකව ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ ප්‍රවණතාව ඇරඹුණේ 1950 දශකයේදීමය.
ඒ කාලයේ ඇරඹුණු සහනාධාර ආර්ථිකයෙන් ගැලවෙන්නට ලංකාවට පහසු වුනේ නැත. කෙසේ වුවද, ණය වැඩි වීමට සමාන්තරව රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීමේ වේගයේ සිදු වූ වෙනස්කම් නිසා රටේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇතැම් කාලාන්තර තුළදී ණය ප්‍රමාණය වැඩි වීමත් තවත් කාලාන්තර වලදී අඩු වීමත් සිදු විය.
නිදහසින් පසු ගතවූ මුල් දශක දෙක තුළදීද පෙර වසරට සාපේක්ෂව ලංකාවේ ණය වර්ධනය සිදු වූයේ පසුකාලීනව එය සිදු වූ වේගයට ආසන්න වේගයකිනි. එහෙත්, ඒ කාලයේදී ණය කන්දක් ගොඩ ගැසී නොතිබුණු නිසා මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුණේ නැත.
සමඟි පෙරමුණු රජය ඇරඹෙන විට ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 62.5%ක් වූ අතර එම පාලන කාලය තුළ ණය ගැනීම සිදුවුනේ අඩුවෙන් නිසා ජයවර්ධන පාලනය ඇරඹෙන විට මේ ප්‍රතිශතය 58.5% දක්වා අඩු විය.
ලංකාව ණය උගුලට පා තැබුවේ නිදහස ලැබූ අළුතම වුවත් ගැලවෙන්නට නොහැකි පරිදි උගුලේ හිර වුනේ ජයවර්ධන පාලන කාලයේදීය. 1977-88 කාලය තුළ වාර්ෂික සාමාන්‍ය ණය වර්ධනය 24% පමණ වූ අතර එම වසර 12 තුල රටේ ණය මල්ල 13 ගුණයකින් වර්ධනය වී දළ ජාතික නිෂ්පාදිතයද ඉක්මවා ගියේය. රට ණයෙන් දුවනවාට අමතරව ණයෙන් දුවන ගෘහස්ථ ආර්ථික සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේද ජයවර්ධන පාලනයයි.
මහ බැංකු වාර්තා පරික්ෂා කර අවශ්‍ය කෙනෙකුට තහවුරු කර ගත හැකි මා ඉහත ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණු පැහැදිලි විය යුතුය. ජයවර්ධන පාලනය අවසන් වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ඉක්මවා තිබුණු අතර 1988/89 කාලයේදී ජවිපෙ විසින් රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීමේ හේතුවෙන් 1989 අවසන් වන විට ලංකාවේ ණය මල්ල රටේ සමස්ත නිෂ්පාදිතයටද වඩා 8.7%කින් වැඩි විය.
ජයවර්ධන යුගයෙන් පසු අද දක්වාම ලංකාව පාලනය කෙරෙන්නේ එදාවේල ක්‍රමයටය. රජයේ ආදායම ණය පොලී හා වාරික සඳහාවත් ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත් වීමෙන් පසු, එක් වර සිදුවිය හැකි විශාල ආර්ථික කඩා වැටීමක් වහා සිදුවීම වලක්වා ගත හැකි එකම ක්‍රමය තව තවත් ණය ගැනීමයි. ජයවර්ධන යුගයෙන් පසු දිගටම සිදු වූයේත්, සිදු වන්නේත් එයයි. ණය නොගෙන සිටියහොත් ආර්ථිකය වහා අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.
කෙසේ වුවද, ණය මල්ල වැඩි වෙද්දී අළුතින් තවත් ණය ගැනීම එන්න එන්නම අමාරු වේ. ණය ආපසු ලැබීමේ අවදානම වැඩි නිසා වැඩි වැඩියෙන් පොලී ගෙවන්නට සිදු වන අතර එයින් ණය බර තවත් වැඩි වේ. ඇතැම් විට අවශ්‍ය ණය අරමුදල් කවර කොන්දේසි යටතේ වුවද සපයා ගැනීම අසීරු වේ. ජයවර්ධන යුගයෙන් පසු රට පාලනය කළ සෑම රජයකටම මේ යථාර්තයට මුහුණ දෙන්නට සිදු විය. ඒ නිසා, ඒ සෑම රජයක්ම රාජ්‍ය අයවැය පරතරය අඩුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තේය. එහෙත්, ඒ සඳහා දැරුණු උත්සාහයන් බොහෝ අවස්ථා වලදී ආර්ථික නොවන දේශපාලනික කරුණු මත ව්‍යවර්ථ විය.
පසුගිය ජනධිපතිවරයාගේ ධුර කාලය තුළද රටේ ණය විශාල ලෙස ඉහළ ගිය නමුත් ඒ කාලයේ වාර්ෂිකව රාජ්‍ය ණය තොගය වර්ධනය වූ 13%ක වේගය නිදහසින් පසු ප්‍රථම අගමැති වරයාගේ ධුර කාලය හැරුණු විට අඩුම වේගයයි. අනෙක් සෑම කාලයකදී රාජ්‍ය ණය වර්ධනය මීට වඩා වේගයෙන් හෝ ආසන්නව මේ වේගයෙන්ම සිදු වී තිබේ. අනෙක් අතට, නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුවූයේ මේ කාලයේදීය. ඒ නිසා, 2014 වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 70.7 දක්වා අඩු කර ගැනීමට හැකි විය. ඒ නිසා රාජ්‍ය ණය බරෙහි වගකීම පසුගිය පාලනය මත පැටවීම තේරුමක් නැති දෙයක් වනවාට අමතරව තර්කානුකූලද නැත.
ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම කවරෙකු භාර ගත්තද මේ වන විට පවතින තත්ත්වය අනුව, ඇත්ත වශයෙන්ම ජයවර්ධන යුගයෙන් පසුව දිගටම පවතින තත්ත්වය අනුව, ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගැනීම සඳහා පමණක් වුවද තව තවත් ණය ගැනීමට සිදුවීම ප්‍රායෝගික යථාර්තයකි. එසේ ගනිද්දී, යම් හෙයකින් ආර්ථිකය කඩා වැටුනොත් සිදුවන අවදානමද එන්න එන්නම වැඩි වේ.
කෙසේවුවද, කළ යුත්තේ අළුතින් ණය ගැනීම හැකිතාක් සීමා කිරීම හා තිබෙන සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ආර්ථික වර්ධනය උදෙසා උපයෝගී කර ගැනීමයි. දැනට පෙනෙන්නේනම් ණය වර්ධනය වීම පැවති වේගයටත් වඩා වැඩියෙන් සිදුවන බවයි. පසුගිය පාලනය යටතේ ලබාගත් ණය ගැන ප්‍රචාරණය කිරීම වර්තමානයේ වැඩි වේගයකින් සිදුවන දේශීය ණය ගැනීම් ආවරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් බව පෙනේ. මෙය රජයට පාරාවළල්ලක් විය හැකි ආකාරය ගැන පසුව කතා කරමු.
මීළඟ ලිපිය: ආර්ථික අර්බුදය හඳුනාගනිමු!

රාජ්‍ය ණය,
රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති
Tuesday, May 10, 2016
වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද?
මා පසුගිය සටහනෙන් ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය ගැන කතා කළේ ඉන් පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් දක්වමින් පාඨකයෙකු විසින් ආර්ථික වර්ධනය ඇඟට නොදැනෙන්නේ ඇයිදැයි කළ විමසීමට හේතු දැක්වීමක් වශයෙනි. ආදායම් විෂමතාවය ආර්ථික වර්ධනය ඇඟට නොදැනීමට එකම හේතුව නොවුණත් එයද එක් හේතුවකි. රටක දළ ජාතික ආදායම වැඩි වන්නේ සීමිත පිරිසකගේ ආදායම විශාල ලෙස වර්ධනය වීම නිසා පමණක්නම් අඩු ආදායම් ලබන ඉතිරි පිරිසට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ නැත. කෙසේවුවද, ලංකාවේ පවතින සැලකිය යුතු ආදායම් විෂමතාවය මධ්‍යයේ වුවද ලංකාවේ අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වයද යම් තරමකින් හෝ උසස් වී නැතැයි කිව නොහැකිය.
ඉහත ලිපියට ප්‍රතිචාරයක් ලෙස වැට් බද්ද වැඩි කිරීම ගැන අදහසක් පළ වී තිබේ. මෙය මා ලිපිය ලියද්දී සිත යොමු කළ මානයක් නොවූවත් එම ප්‍රතිචාරය ඔස්සේ සිතුවිලි මෙහෙයවන විට වැට් බද්ද වැඩි කිරීම ගැන කතා කරන්නට වැදගත් කරුණු රැසක් මතක් වේ. මේ කරුණු සාරාංශගත කළහොත් විමසන්නට ඇති ප්‍රධාන කරුණ වන්නේ වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද යන්නයි.
රජය විසින් කිසියම් බදු අනුපාතිකයක් ඉහළ දමන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බව පැහැදිලි කරුණකි. එහෙත්, බදු අනුපාතික ඉහළ දැමීමෙන් හැම විටම රජයේ බදු ආදායම වැඩි කර ගත නොහැකිය. රජයක් විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලය නොවූවත් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී ඇති අවස්ථාද තිබේ.
කිසියම් භාණ්ඩයක් මත පනවන බද්දක් වැඩි කළ විට එම භාණ්ඩය නිසා ලැබෙන බදු ආදායමට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අනුවය. සරලව කියනවානම් භාණ්ඩයේ මිල 1%කින් වැඩි කළ විට ඒ සඳහා වන ඉල්ලුම අඩුවන්නේ කවර ප්‍රතිශතයකින්ද යන්න මතය.
උදාහරණයක් ලෙස අපි රුපියල් 600ක මිලකට විකිණෙන මත්පැන් බෝතලයක් ගැන සිතමු. මේ රුපියල් 600න් රුපියල් 500ක්ම වෙන්වන්නේ වක්‍ර බදු වෙනුවෙනි (උදාහරණයක් පමණි. එහෙත් සැබෑ තත්ත්වයේද වැඩි වෙනසක් නැත.) ඉතිරි රුපියල් 100 නිෂ්පාදකයාගේ ආදායමයි. එයින් නිෂ්පාදන වියදම අඩු කළ විට ඉතිරිය නිෂ්පාදකයාගේ ලාභයයි. මෙය රුපියල් 20යැයි සිතමු.
රුපියල් 600ක් ගෙවා මත්පැන් බෝතලයක් මිල දී ගන්නා සෑම පාරිභෝගිකයෙක්ම එහි වටිනාකම රුපියල් 600කට වඩා වැඩියයි සිතන අයෙකි. එසේ නැත්නම් මේ මිල දී ගැනීම නොකර ඉන්නට ඔහුට හෝ ඇයට බාධාවක් නැත. මෙවැනි පාරිභෝගිකයින් මිලියනයක් රටේ සිටීනම් රජයට මත්පැන් වලින් වක්‍ර බදු ලෙස රුපියල් මිලියන 500ක් ලැබේ. නිෂ්පාදකයාට මිලියන 20ක ලාභයක් ලැබෙන අතර එයින් කොටසක්ද ආදායම් බදු ලෙස රජයට හිමි වේ.
දැන් රජය මත්පැන් බෝතලයක් සඳහා වන බද්ද රුපියල් 100කින් වැඩි කළහොත් රජයේ ආදායමෙහි කොපමණ වෙනසක් වෙයිද?
මෙය තීරණය වන්නේ රටේ පාරිභෝගිකයින් හා මත්පැන් නිෂ්පාදකයින් මේ බදු වැඩි වීමට දක්වන ප්‍රතිචාරය මතය. නිෂ්පාදකයා මේ බද්ද මුළුමනින්ම පාරිභෝගිකයින් මත පැටවූවේයැයි සිතමු. දැන් මත්පැන් බෝතලයක මිල රුපියල් 700කි. පෙර මිලට මත්පැන් මිල දී ගත් පාරිභෝගිකයින් මිලියනයම වැඩි වූ මිල යටතේ තවදුරටත් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළ තුළ රැඳී සිටීනම් නිෂ්පාදකයාගේ ලාභයේ වෙනසක් නොවේ. එහෙත්, රජයේ බදු ආදායම මිලියන 100කින් වැඩි වේ.
රජයට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ කොහෙන්ද? මේ අවස්ථාවේදීනම් එය තනිකරම ලැබුණේ පාරිභෝගිකයින්ගෙනි. රජයට ලැබුණු රුපියල් මිලියන 100යේ වාසිය පාරිභෝගිකයින්ට සිදු වූ අවාසියකි. තාක්ෂණික වචනයක් යොදාගතහොත් පාරිභෝගික අතිරික්තයේ සිදු වන අඩුවීමකි.
එසේනම්, මේ පාරිභෝගික අතිරික්තය යනු කුමක්ද?
ඕනෑම පුද්ගලයෙකු භාණ්ඩයකට ගෙවීමට කැමති උපරිම මිලක් තිබේ. තුෂාර මත්පැන් බෝතලයකට ගෙවන්නට සූදානම් උපරිම මිල රුපියල් 1000ක් නම් රුපියල් 600ක් ගෙවා එය මිලදී ගන්නා විට ඔහුට රුපියල් 400ක පාරිභෝගික අතිරික්තයක් ඉතිරි වේ. මෙය තුෂාරගේ ලාභයකි. මත්පැන් බෝතලයක මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගිය විට ඔහුගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 300 දක්වා අඩුවේ. ඉහත අවස්ථාවේදී රජයේ බදු ආදායම රුපියල් මිලියන 100කින් වැඩි වෙද්දී මත්පැන් පාරිභෝගිකයින්ගේ සමස්ත පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 100කින් අඩු වී තිබේ.
කෙසේවුවද, සෑම පරිභෝගිකයෙකුම මත්පැන් බෝතලයක් සඳහා ගෙවීමට සූදානම් උපරිම මිල සමාන නැත. ක්‍රිෂ්ණරාජාගේ මේ මිල රුපියල් 650ක් යැයි සිතමු. මත්පැන් බෝතලයක මිල රුපියල් 600ක්ව තිබියදී ඔහුට රුපියල් 50ක පාරිභෝගික අතිරික්තයක් ලැබුණේය. එහෙත්, දැන් මිල අනුව ඔහුට එවැනි අතිරික්තයක් ලබාගත නොහැකිය. ක්‍රිෂ්ණරාජා ගෙවන්නට කැමති උපරිම මිලට වඩා රුපියල් 50ක් ගෙවා මත්පැන් බෝතලයක් මිලදී ගතහොත් ඔහුට සිදුවන්නේ පාඩුවකි.
මෙය තුෂාරට මෙන් ලැබෙන වාසියේ අඩුවීමක් නොවේ. සෘජුවම පාඩුවකි. ඒ නිසා අළුත් මිලට ක්‍රිෂ්ණරාජා මත්පැන් මිලදී නොගනී. ඔහු මත්පැන් පානයෙන් වැලකීමට හෝ නීත්‍යානුකූල නොවන මත්පැන් පරිභෝජනය ඇරඹීමට තීරණය කරනු ඇත.
බදු වැඩිවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා භාණ්ඩයක මිල වැඩිවන සෑම විටෙකම එම භාණ්ඩයේ අලෙවිය යම් පමණෙකින් අඩුවේ. පෙර උදාහරණයේ ක්‍රිෂ්ණරාජා වැනි අය තවත් බොහෝ දෙනෙක් රටේ සිටින නිසා මිල රුපියල් 700ක් වූ විට මත්පැන් අලෙවිය පෙර පැවති මිලියනය මට්ටමේම තවදුරටත් නොපවතී.
මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 10%කින් අඩු වූයේයැයි සිතමු. මේ අනුව, දැන් විකිණෙන්නේ මත්පැන් බෝතල් 900,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 540කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම වැඩිවී ඇත්තේ මිලියන 40කින් හෙවත් 8%කින් පමණි. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 10%කින් අඩුවී තිබේ.
යම් හෙයකින්, මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 20%කින් අඩු වුවහොත් සිදුවන්නේ කුමක්ද? එවිට, විකිණෙන්නේ මත්පැන් බෝතල් 800,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 480කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම මිලියන 20කින් හෙවත් 4%කින් අඩු වී තිබේ. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 20%කින් අඩුවී තිබේ. අවසාන වශයෙන් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී තිබේ.
බදු අනුපාතික වෙනස් කිරීම සැලකිල්ලෙන් කළ යුතු දෙයකි. කෙටි කාලයක් තුළ විශාල ලෙස බදු අනුපාතික ඉහළ නැංවූ විට රජයේ බදු ආදායම අඩු වීමේ අවදානමක්ද තිබේ. එමෙන්ම, ඇතැම් තත්ත්වයන් යටතේ බදු අනුපාතික අඩු කිරීමෙන්ද රජයේ බදු ආදායම වැඩි කර ගත හැකිය. එසේ වන්නේ, බදු අනුපාතිකය අඩු කළ විට බදු පදනම පුළුල් වන අවස්ථා වලදීය.
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අයකෙරෙන බදු අනුපාතිකය ඉහළ නැංවූ විට අපේක්ෂිත ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වන්නේ එම භාණ්ඩයේ හෝ සේවාවේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මතය. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාවය ඉතා අඩුය. සරලව කියනවානම්, මේ භාණ්ඩ වල මිල වෙනස් වන තරමට ඉල්ලුම වෙනස් නොවේ. අත්‍යවශ්‍ය නොවන, "වැඩිපුර සල්ලි තියෙන විට කරන" දේවල ප්‍රත්‍යස්ථතාවය වැඩිය. ඒ නිසා, බදු අනුපාතිකය වැඩි කිරීමෙන් රජයට ලැබෙන ආදායම වැඩිපුරම ඉහළ නංවා ගත හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාතික ඉහළ නැංවීමෙනි. කටුක වුවත් මෙය යථාර්තයයි.
කෙසේ වුවද, ඉහත උදාහරණ වලදී මා සැලකුවේ බදු බර මුළුමනින්ම පාරිභෝගිකයා වෙත පටවන අවස්ථාවක් පමණි. එය හැම විටම එසේ නොවේ. බොහෝ අවස්ථා වලදී නිෂ්පාදකයින් විසින් වැඩි වූ බද්දක අවාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයින් මත නොපටවයි. ඒ ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ඇති අනුකම්පාවක් නිසා නොවේ. ඔවුන්ගේ ලාභය උපරිමයක් වන්නේ එසේ කිරීමෙන් බැවිනි.
අළුත් බදු සංශෝධන නිසා ජංගම දුරකථන ගාස්තු වැඩි වනු ඇත. කොපමණ ප්‍රතිශතයකින්ද?
සරල ගණනය කිරීමක් කළහොත් පෙනෙන්නේ පෙර නොපැවති 15%ක වැට් බද්දක් එකතුවීම නිසා දුරකථන ගාස්තුවද 15%කින් වැඩි වනු ඇති බවයි. එහෙත්, එය එසේම විය යුතු නැත.
දැනට ජංගම දුරකථන ඇමතුම් සඳහා මසකට රුපියල් 600ක් වැය කරන චන්දිමාට රුපියල් 1.50 බැගින් මිනිත්තු 400ක ඇමතුම් කාලයක් ලැබේයැයි සිතමු. දුරකතන සමාගම විසින් 15%ක වැට් බද්ද පාරිභෝගිකයින් මත පැටවුවහොත් චන්දිමාට මිනිත්තු 400ක් පෙර සේ නිදහසේ මල් කැඩීමට වැඩිපුර රුපියල් 90ක් වැය වනු ඇත. ඇගේ ආදායම වැඩි වී නැති නිසා මේ රුපියල් 90 ඉතිරි කර ගැනීමට ඇයට ඇගේ වෙනත් අවශ්‍යතා වලින් යම් කිසිවක් සීමා කිරීමට සිදුවේ.
එහෙත්, වැට් වැඩිවීම අනෙක් භාණ්ඩ හා සේවාවන් බොහොමයක මිලටද බලපා ඇති නිසා මෙය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා, චන්දිමා ඇගේ මල් කැඩීමේ කාලය අඩු කර වියදම රුපියල් 600 මට්ටමේම තබා ගැනීමට හෝ ඇතැම් විට මිල වැඩි වූ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය සීමා කිරීම වඩා අපහසුනම් දුරකථන ඇමතුම් වෙනුවෙන් වෙන්කරන මුදල අඩු කිරීමට ඉඩ තිබේ.
බොහොමයක් ජංගම දුරකථන පාරිභෝගිකයන් චන්දිමා මෙන් හැසිරී දුරකථන භාවිතය අඩු කළහොත් දුරකථන සේවා සපයන සමාගමේ ආදායම අඩුවේ. එහෙත්, දුරකථන සේවා සැපයීම විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය ආන්තික පිරිවැය ඉතා අඩු කර්මාන්තයක් බැවින් දුරකථන සමාගම් වල වියදම් අඩු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් කිසිවකු ඇමතුම් නොගත්තත් දුරකථන සමාගමේ වියදම් එසේම පවතී. ප්‍රවාහන සේවා වැනි වෙනත් ඇතැම් සේවාවන්හි තත්ත්වයද මෙසේය. පොල් පැටෙව්වාක් මෙන් සෙනඟ සිටියත්, යාන්තම් මඟීන් දෙතුන් දෙනෙකු සිටියත් බස් රථයක් හෝ දුම්රියක් ධාවනය කරවීමේ පිරිවැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.
මේ නිසා, ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් දුරකථන සමාගම් විසින් ඇමතුම් විනාඩියකට අය කරන මිල පහත දැමීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ වැඩි වූ බදු අනුපාතිකයේ මිල පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් අතර බෙදී යාමයි. මේ සමඟම, සමාගම් වල ලාභද සැලකිය යුතු ලෙස අඩුවන බැවින් රජයට ලැබෙන ආදායම් බදු වලද කිසියම් අඩුවක් සිදු වනු ඇත. එමෙන්ම, පරිභෝජනය මෙන්ම නිෂ්පාදනයද අඩුවීම නිසා ආර්ථික වර්ධනයද තරමකින් හෝ දුර්වල වනු ඇත. අවසාන වශයෙන් රජයට ශුද්ධ ආදායමක් ලැබෙන්නට බොහෝ ඉඩකඩ ඇතත් එම වැඩිවන බදු ආදායම ඒ වෙනුවෙන් සිදු කරගන්නා දේශපාලනික හානියට සාපේක්ෂව හිතන තරම්ම විශාල නොවිය හැකිය.
Friday, May 6, 2016
ජාතික ආදායමෙන් 68%ක් කොහේද?
පසුගිය වසර සඳහා වූ මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 533,398කි. එනම්, මසකට රුපියල් 44,450කි. ලංකාවේ සාමාන්‍ය පවුලක සාමාජිකයින් ගණන හතරකි. ඒ අනුව සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් 177,799ක් විය යුතුය. මේ මුදල උපයන පවුල් කොපමණ ගණනක් ලංකාවේ ඉන්නවාද? මගේ ඇස්තමේන්තු අනුව මේ මට්ටම ඉක්මවා ආදායම් ලබන පවුල් ගණන 3%කට නොවැඩි විය යුතුය.
පසුගිය වසරේ දත්ත වලින් පමණක් මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය නොහැකිය. ඒ නිසා අපි 2012 වසරට යමු. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 427,559ක් විය. ඒ අනුව, 2012දී පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 142,520කි. එහෙත්, 2012/13 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878ක් පමණි. මේ මුදල ඉහත කී මුදලින් 32%ක් පමණි. වෙනත් අයුරකින් කිවහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 68%ක් නිවාස ඒකක වෙත ළඟා වී නැත. එසේනම්, ජාතික ආදායමෙන් ඉතිරි 68%ට මොකද වෙන්නේ?
ඒක පුද්ගල ආදායම සහ ඒක පුද්ගල ගෘහස්ත ආදායම අතර පරතරයක් පැවතීම ලංකාවට පමණක් සුවිශේෂී සිදුවීමක් නොවේ. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (2014 දත්ත අනුව) නිවාස ඒකක වෙත ලඟා වෙන්නේ 54%ක් පමණි. මේ වෙනසට එක් හේතුවක් විය හැක්කේ රට තුළ ඉපැයෙන ආදායම් රටින් පිටතට ගලා යාමයි. විදෙස් ආයෝජන වෙනුවෙන් ලැබෙන ලාභාංශ මෙසේ රටින් පිටතට යයි. එහෙත්, මේ මුදල විශාල මුදලක් නොවේ. වෙනසට ප්‍රධානම හේතුව සමාගම් වල ලාභයි.
දළ දේශීය නිෂ්පාදිතයට සමාගම් වල ලාභ ඇතුලත් වුවත් එම ලාභ නිවාස ඒකක වල ආදායමට එකතු වන්නේ ලාභාංශ ලෙස බෙදා හැරියොත් පමණි. එම ලාභ නැවත ප්‍රති-ආයෝජනය කළහොත් එසේ නිවාස ඒකක කරා ලඟා නොවේ. ලාභාංශ කොටස් හිමිකරුවන් වෙත බෙදා නොහරිමින් ප්‍රති-ආයෝජනය කිරීම සමාගම් විසින් බොහෝ විට කරන්නකි. එසේ කරන්නේ සමාගමේ කොටස් මිල වැඩි වීමේ වාසිය ලාභාංශ ලබා ගැනීමේ වාසියට වඩා වැඩි බැවිනි. ඒ නිසා අවසාන වශයෙන් මේ ලාභ පුද්ගලයින් සතු ප්‍රාග්ධනයයි.
ලංකාව ඇමරිකාවටත් වඩා ආදායම් විෂමතාවය වැඩි රටකි. ඉහත කී ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව නිවාස ඒකක වල මුළු ආදායමෙන් සියයට 30%ක්ම ඇත්තේ ඉහළම ආදායම් ලබන 10%ක කණ්ඩායම අතේය. ඇමරිකානුවන් අඩකට පමණ කිසිදු කොටස් ආයෝජනයක් නැතත් බොහෝ දෙනෙකු කොටස් වෙළඳපොළෙහි සෘජුව හෝ වක්‍රව කිසියම් ආයෝජනයක් සිදු කර තිබේ. එහෙත්, ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේත්, කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර නැති සමාගම් වල කොටස් අයිතිය දරන්නේත් ඉහළම ආදායම් ලබන 10% අතරින් කණ්ඩායමක් බව රහසක් නොවේ. මේ අනුව, සමාගම් වල ලාභාංශ ලෙස බෙදා හැර නැති ලාභ වලින් විදෙස් අයිතිකරුවන් සතු කොටස හැරුණු කොට ඉතිරි කොටසේ හිමිකරුවන් වන්නේද මේ කණ්ඩායමයි. මේ කරුණ සැලකිල්ලට ගත් විට ලංකාවේ ආදායම් විෂමතාවය පෙනෙන්නට තිබෙනවාට වඩා බොහෝ විශාලය.
(Image: www.nssp.info)
Labels:
ආදායම් විෂමතාවය,
ඒක පුද්ගල ආදායම,
සංඛ්‍යාලේඛණ
Subscribe to:
Posts (Atom)