Sunday, September 25, 2016

ඇමරිකාවේ වෛද්‍යවරු

ඇමරිකාවේ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් විශාල වැටුපක් ලබාගන්නා බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. එහෙත්, ඇමරිකාවේ වැඩිම වැටුපක් ලබාගත හැකි තනතුර ප්‍රධාන විධායක නිලධාරී තනතුර නොවේ. වසරකට පෙර සිදු කළ සමීක්ෂණයකට අනුව මේ තනතුරට වැඩිම වැටුප් ලැබෙන තනතුරු අතරින් හිමි වුණේ දහවන තැනයි. පළමු ස්ථාන නවයම හිමි වුණේ විවිධ වෛද්‍ය වෘත්තිකයින්ටය.

පහතින් ඇත්තේ මෑතකදී (2015 නොවැම්බර් හා 2016 පෙබරවාරි අතර කාලය තුළ) වෛද්‍ය වෘත්තිකයින් 19,183 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයක් අනුව, එක් එක් අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් උපයන වාර්ෂික ආදායමයි.





7 comments:

  1. ලංකාවේ වැඩියෙන්ම ආදායම හම්බ කරන්නේ මොන විශේෂඥ වෛද්ය වරුද ?
    සම හර විට ළමාරෝග , හෘදරෝග , ප්‍රසව හා නාරි වගේ විය හැකියි. මම දන්න එක වෛද්‍යවරයෙක් දවසකට ලෙඩ්ඩු 70ක් බලනවා එක්කෙනෙක්ගේ ගාස්තුව රු 2000 යි. ( චැනල් සෙන්ටර් එකෙ ්ගාස්තුව නැතිව)
    එහෙම බැලුවොත් මාසකෙට දවස් 21* 2000*70=2,940,000 ූ රුපියල්
    අව්රුද්දකට මේවගේ 12 ගුනයක් . ඩොලර් එක රුපියල් 150 කියල ගත්තොත් අව්රුද්දක ආදායම ඇමරිකන් ඩොලර් 235,200 චැනල් වලින් විතරක්.

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා හොයන අයත් ඇති ඕන තරම්. නමුත් වැඩ කරන ප්‍රමානය?
      ඇමරිකාවේ වැඩ කල හැකි උපරිම ප්‍රමානය පැය 80යි සතියට. සාමාන්‍ය අගය පැය 60. එච්චර වැඩ කරලා තමා මේ ගනන හොයන්නේ.

      http://www.ama-assn.org/ama/ama-wire/post/many-hours-average-physician-workweek

      Delete
    2. සෙරන්ඩිපිටි, ඔබේ ගණනය කිරීම ආසන්න වශයෙන් නිවැරදියයි සිතමි. වැඩි ආදායමක් ලබන වෛද්‍යවරයෙකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය චැනල් කිරීම නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ශල්‍යකර්ම වලින් ලැබෙන ආදායම ඊට වඩා වැඩි විය හැකිය. ඒ නිසා මේ ගණන දෙගුණයක් හෝ කිහිප ගුණයක් විය හැකිය. කෙසේ වුවද, ඔබේ සැසඳීම නිවැරදි නැත. මෙය ලංකාවේ වෛද්‍යවරයෙකුගේ සාමාන්‍ය ආදායම නොවේ. වැඩිම ආදායමක් ඇති වෛද්‍යවරයෙකුගේ ආදායමයි. ඇමරිකාවේ ගණන සාමාන්‍ය ගණනයි. මේ සාමාන්‍ය ගණන මෙන් සිය ගුණය ඉක්මවා ආදායම් ලබන වෛද්‍යවරුද ඇමරිකාවේ සිටිති. එමෙන්ම, වෛද්‍යවරයෙකු ඉහළ ආදායමක් ලැබීමේ වැරැද්දක් නැත. ඔහු ගන්නේ සිය පාරිභෝගිකයින් කැමැත්තෙන් දෙන දෙයක් මිස බලහත්කාරයෙන් ලබා ගන්නා දෙයක් නොවේ. පාරිභෝගිකයින් ඒ මිල ගෙවන්නේ ඒ මිලට වටිනා දෙයක් ඔවුන්ට ලැබෙන නිසාය. වැරැද්ද තියෙන්නේ ඒකාධිකාරයක් පවත්වා ගැනීම මඟින් මේ මිල 'නියම' මිලට වඩා වැඩියෙන් ලබා ගැනීමට ඔවුන් ගන්නා උත්සාහයේ සහ ඔවුන්ගේ (රජයේ) රැකියාවට අදාළ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමෙහිය. මෙහිදී දෙවැන්න පොදුවේ රජයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ ගැටලුවකි. වෙනත් රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයේද වෙනසක් නැත. ඒකාධිකාරයක් පවත්වා ගැනීම වෛද්‍යවරුන්ට වාසිදායක නිසා ඔවුන් එසේ කිරීමට උත්සාහ ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්ත්වයට විරුද්ධ විය යුත්තේ එයින් අවාසියක් ලබන පරිභෝගිකයින්ය. මේ ගොඩේ වෛද්‍යවරුන් නොවන සියල්ලන්ම වාගේ සිටිති. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු කරන්නේ වෛද්‍යවරුන් තමන්ගේ ලාභ කැපකර "ජනතාවට සේවය කරනු" ඇතැයි යන මිථ්‍යා විශ්වාසයේ එල්බ එය සිදු නොවන විට වෛද්‍යවරුන් විවේචනය කිරීමයි. වෛද්‍යවරුන් කරන්නේත් අනෙක් අය මෙන්ම තමන්ගේ මුදල් සහ මුදල් නොවන වාසි තකා කරන රැකියාවක් බව සියල්ලන්ම තේරුම් ගන්නේනම් ප්‍රශ්නය විසඳීමට පහසුය. වෛද්‍ය සේවාවන්ගේ ගුණාත්මක භාවය අවශ්‍ය මට්ටමේ පවත්වා ගන්නා අතර, ඒකාධිකාරය බිඳීමට රජය ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයකින් අවසාන වශයෙන් රටේ බොහෝ දෙනෙකුට වෙන්නේ යහපතකි.

      AnonymousSeptember 26, 2016 at 4:57 AM
      වෛද්‍යවරයෙකු සතියකට වැඩි කරන පැය ගණන සාමාන්‍යයෙන් වෙනත් වෘත්තිකයෙකු වැඩ කරන පැය ගණනට වැඩිය. මෙය ප්‍රධාන විධායක නිලධාරී වැනි ඉහළ ආදායම් ලබන වෙනත් තනතුරු වලට අදාළවද මෙසේමය.

      Delete
    3. වෛද්‍යවරයෙකු වන්නේ විශ්විද්‍යාලයට ඇතුල්වනප්‍රතිශතයයෙන් 5% ක් පමනයි. මේක හරියට වියසිදුරෙන් අහසබලනවා වගේ වැඩක්

      Delete
  2. බදු ඇතුවද නැතිවද? ලංකාවේ නම් එහෙම පටලැවිල්ලක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. වෙනත් අයෙකු හෝ ආයතනයක් වෙනුවෙන් සේවය කරන අයගේ පුද්ගලික ආදායම් බදු ගෙවීමට පෙර වැටුපයි. තමාගේම හෝ හවුල්කාර ව්‍යාපාරයක් හිමි අයගේ ව්‍යාපාරික බදු හා අනෙක් වියදම් සියල්ල ඉවත් කිරීමෙන් පසු, පුද්ගලික ආදායම් බදු ගෙවීමට පෙර ආදායමයි. මේ දෙකොටසම මේ ආදායමෙන් ආදායම් බදු ගෙවිය යුතුය. එය හතරෙන් එකක සිට තුනෙන් එකක් දක්වා ප්‍රමාණයක්යැයි සිතමි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.