Sunday, February 7, 2016

රාම රාජ්‍යය සහ රෝම රාජ්‍යය

නීතිවිරෝධී ලෙස හෝ යුරෝපා රටකට පැනගැනීම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිහිනයකි. ඉතාලිය එවැන්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයකි.

නීති විරෝධී ලෙස මෙන්ම නීත්යානුකූලවද බොහෝ ශ්‍රී ලාංකිකයෝ වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඒ සඳහා මුල් වන හේතු විවිධාකාර විය හැකිවුණත් ඒ අතරින් ආර්ථික හේතු ප්‍රධාන වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය වැනි යුරෝපා රටකදී ලංකාවේදී ඔවුන් කරන රැකියාවට සමාන රැකියාවක් කර ඊට වඩා බෙහෙවින්ම වැඩි වැටුපක් ලබා ගැනීමට පුළුවන්කම තිබේ.

ඉතාලියේදී වැඩි වැටුපක් ලැබූ පමණින්ම යමෙකුගේ ආර්ථික තත්ත්වය ලංකාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වයට වඩා යහපත් වන්නේ නැත. ඒ, යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ඉතාලියේදී ගෙවිය යුතු මිල ලංකාවේදී එයට සමාන භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා යන වියදමට වඩා වැඩි නිසාය.

වැටුප් හා බඩුමිල යන දෙකම එකම අනුපාතයකින් වැඩිනම්, ලංකාවේදී යම් වැටුපක් ලබා ඒ මුළු මුදලම සාමාන්‍යයෙන් වියදම් කරන අයෙකුට ඉතාලි යාමෙන් විශේෂ වාසියක් නොසැලසේ. එහෙත්, ඉතාලියේ වැටුප් හා ලංකාවේ වැටුප් අතර අනුපාතය බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අනුපාතයට වඩා වැඩිය. ඒ නිසා, ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියට ගොස් ඔහු හෝ ඇය ලංකාවේදී කරනවාට සමාන රැකියාවක් කිරීමෙන්, සමාන හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමෙන් පසුවද මුදලක් ඉතිරි කර ගත හැකිය.

පහත වගුවේ ඇත්තේ 2016 පෙබරවාරි මාසය දක්වා මාස 18ක කාලය තුල ලංකාවේත්, ඉතාලියේත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ගෙවිය යුතු සාමාන්ය මිලගණන් සහ ලැබිය හැකි ආදායම් සැසඳීමකි.


ඉන්දියානු ශ්‍රමිකයෙකුට ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ආකර්ෂණීය වීමට හෝ නොවීමටද මෙයට සමාන කරුණු හේතුවේ. පහත වගුවේ ඇත්තේ ඉහත දත්ත ලබාගත් මූලාශ්‍රය (http://www.numbeo.com/) ඇසුරින්ම ඉන්දියාවේ සහ ලංකාවේ ආදායම් සහ වියදම් සැසඳීමකි. කෙසේ වුවද, මේ මූලාශ්‍රයේ ඇති සාමාන්‍ය ආදායම එතරම් නිවැරදි නොවිය හැකි බව මගේ අදහසයි.

යුරෝවක් රුපියල් 161ක් සහ ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකා රුපියල් 2.13ක් ලෙස සලකා ඇත.




2 comments:

  1. ලංකාවෙන් ඉතාලියට හෝ වෙනත් රටකට සංක්‍රමණයවන පුද්ගලයකු රුකියාවක් සදහා සංක්‍රමණය වන්නේනම් එම රටේදි හැකිතරම් ආදායමක් සොයාගනිමින් (වැඩි පැය ප්‍රමාණයක් වැඩකර) අඩු වියදමක් කර (එක් වේලක් ඇපල් වැනි අඩු වියදම් ආහාරයකින් බඩ පුරවාගෙන, කිහිප දෙනෙකු එක් ස්ථානයක නැවති)වැඩි මුදලක් ඉතිරිකර ගැනිමට කටයුතු කරයි. (මම විදේශගතවි රුකියාවක් සිදුකර නොමැත, එබැවින් මෙය මම අසා දැනගත් හා අවබෝධවු කරුණුය - දුර ප්‍රදේශයක සිට රුකියාවක් සොයා කොළඹට එන පුද්ගලයින්ද යම් තරමකට මෙසේය එහෙත් ඔවුනට එතරම් මුදලක් ඉතිරි කර ගැනීමට නොහැකිය). ඉන්පසු එම ඉතිරිකර ගත් මුදලින් ලංකාවේ හොද ගෙයක් හදා ලස්සන කෙල්ලෙක් බැද වාහන 2, 3ක් ගෙන කුඩා ව්‍යාපාරයක් කර හෝ නැවත රට ගොස් මුදල් හොයාගෙන ලංකාවට පැමිණ අවසාන කාලයේ ජිවත් වේ. (ලංකාවේ වෙළද කලාපවලට (කොළඹට) දුර පලාත්වලින් එන තරුණ,තරුණියන්ගේද අපේක්ෂාව යම් කාලයක් රුකියාවක්කර මුදලක් සොයාගෙන ගමට යෑමය)

    පිටරට යන බහුතරයක් එම රටවල පදිංචි වන්නේ මෙහෙට වඩා එම රටවල පහසුකම් වැඩි බැවිනි.( කොළඹට එන බහුතරයක්ද ඒ ආසන්නයේ නවතින්නේ පහසුකම් වැඩි නිසාය.) එමෙන්ම එම පහසුකම් යටතේ ජිවත්වීමට හැකි අවම තත්වයකවත් වැටුපක් ලබා ගැනීමට හැකි නිසාය.

    මේ හේතුන් නිසා (පුහුණු ශ්‍රමිකයින් විදේශවල වැඩි වැටුපකට යෑම හෝ යම් පුහුණුවක් ලබාගත් පසු තනිවම ව්‍යාපාරයන් කිරීම - මෙය එක් හේතුවක් පමණි) ලංකාවේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ බොහෝ ක්ෂෙත්‍රවල පුහුණු ශ්‍රමිකයින් අඩුවීමය. බොහෝ ක්ෂෙතු පිලිබදව ඇත්තටම මම නොදන්නා අතර ඉදිකිරිම් ක්ෂෙත්‍රයෙනම් හොද පුහුණුවක් සහ හැකියාවක් සහිත පුහුණ ශ්‍රමය (පිටර්ලා, වල්ඩර්ස්ලා, පෙදරේරුවන්, පයිප්ප වැඩ කරුවන්,....) අඩු බව යම් තරමකට දනිමි. මෙම ගැටලුව නිසාම ලංකාවේ ඉදිකිරිම් ක්ෂෙත්‍රයන්ට පුහුණු ශ්‍රමය යම් තරමකට දැනටමත් පිටරට (ඉන්දියාව , චිනය,..) වලින් ලබාගනී.

    ඉන්දීය ශ්‍රමය ලංකාවට ආසන්න තත්වයේම මුදලකට ලබාගැනීමට හැකිය. සමහරවිට ගෙවියයුතු මිල ටිකක් වැඩිවුවද එවැනි ශ්‍රමයක් ලබා ගැනීම මගින් වැඩි ඵලදායිතාවයක් ලබාගත හැකිය. ( එවැනි පැමිණෙන පුද්ගලයින්ගේ එකම අපේක්ෂාව කියක් හෝ හොයා ගැනීම පමණක් වීම නිසා වැඩ කරන කාලය වැඩිවීම). ඉන්දියාවේ ශ්‍රමයට ලංකාවේ යම් ක්ෂෙත්‍ර කිහිපයක් වෙන්කල විට ඉන්දියාවේ පුහුණු ශ්‍රමයට ( වැඩි මිලක් ගෙවන තැන්වලට සැපයීමක් කල නොහැකි පුහුණු ශ්‍රමයක්) ලංකාවට පැමිණිම සිදුවිය හැකිය. ලංකාවේ පුහුණු ශ්‍රමයද (සමහර අවස්ථා වලදි නුපුහුණු ශ්‍රමයද) වැඩි මිලක් ගෙවා සමහර විදේශ ආයතන වලින් මිලට ගනී.

    ඉන්දීය ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණිමට ඉඩ ලබාදීම මගින් මෙවැනි ක්ෂෙත්‍රවල මිල මට්ටම් යම් නිශ්චිත මට්ටමක යම් කාලයක් පවත්වා ගෙන යා හැකිය. (තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රය පිලිබදව මාගේ ඇති දැනුම අඩුය එහෙත් සිදුවන්නේ මෙයටම සමාන ක්‍රියාවලියක්යැයි සිතමි. වැඩි දක්ෂතාවයක් හා තමන්ව මාකර්ට කරගත හැකි පුද්ගලයින් වැඩි පඩියකට විදේශගතවීම සහ තමන්ව මාකර්ට කරගත නොහැකි සහ වෙනත් හේතු නිසා ලංකාවේ යම් පිරිසක් අඩු වැටුපකට සේවය කිරීමත් සිදුවේ) තවදුරටත් එම ක්ෂෙත්‍රය පුලුල් කිරීමට අවශ්‍ය ශ්‍රමය පවතින මිල තත්වයන් යටතේ ප්‍රමාණවත් පරිදි මේ මොහොතේදී ලංකාවේ නැතැයි මම සිතමි. එමනිසා යම්කිසි ආයෝජනයක් සිදුකර ශ්‍රමයේ මිල පහල මට්ටමක තබා ගනිමින් වැඩි ලාභයක් ලැබිමට යම් ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා විය හැකියැයි සිතේ.

    මේ මගින් ආයෝජනයන් වැඩි වන්නේනම් රටේ සංවර්ධනයට එය යම් තරමකට ධනාත්මකව බලපානු ඇතැයි මම සිතමි. එහෙත් ආයෝජනයන් අවශ්‍යතරමට පැමිණියේ නැතිවුවහොත් විරුකියා මට්ටම ඉහලයෑමේ අවධානමක්ද ඇත. (මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතියක් වුවහොත් ප්‍රතිලාභ ලැබෙනතුරු කාලයක් බලාසිටිමට සිදුවනවා ඇත.) අයෝජනයන් අඩුවී වැටුප් මට්ටම පහලගියවිටකදී ඉංදියාවෙන් පැමිණෙයැයි අපේක්ෂා කරන ශ්‍රමයද නොපැමිණෙනු ඇත. (දැනටද ලංකාවේ බොහෝ ඇගලුම් කර්මාන්තශාලාවල සැලකියයුතු වැටුපක් ලැබුනද අවශ්‍යකරන ශ්‍රමයේ සැපයුම පවතින්නේ අඩු මට්ටමකය)

    මෙය ඔබගේ ලිපියට සම්බන්ධ නොවීමට ඉඩ තිබුනද මට නිකන් සිතුනු නිසා ලියා දමන ලද්දකි.......

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා ඇති කරුණු ලිපියටත් සම්බන්ධයි. ඔබේ නිරීක්ෂණ වැරදිත් නැහැ. මේ නිරීක්ෂණ වලට අදාළව වැඩිපුර එකතු කරන්න දේවල්නම් මහා ගොඩක් තිබෙනවා. ඒවා ඔක්කොම ලිවුවොත්නම් පොතකට කරුණු. කොයි වෙලාවක හරි ලියවෙයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.