Sunday, July 15, 2018

මා ඉතින් යන්න යනවා...මේ සැලූන් දොරෙන්...


වඩා උචිත පරිසරයක් සොයා සංක්‍රමණය වීම මිනිසුන් මෙන්ම වෙනත් බොහෝ සතුන් විසින්ද කරන දෙයකි. මිනිසුන්ගේ ඉතිහාසය කියන්නේම අඩු වැඩි වශයෙන් සංක්‍රමණය පිළිබඳ කතාවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ලෝක ජනගහනයෙන් 3.3%ක් හෙවත් මිලියන 124.6ක් සංක්‍රමණිකයෝය. වෙනත් අයුරකින් කියනවානම් ලෝකයේ ජීවත්වන සෑම 30 දෙනෙකුගෙන්ම එක් අයෙක් සංක්‍රමණිකයෙකි.

සංක්‍රමණිකයින් වැඩිම පිරිසක් ජීවත්වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. එම ප්‍රමාණය මිලියන 25.6කි. ජර්මනියේ මිලියන 6.1ක්ද, රුසියාවේ මිලියන 5.9ක්ද,  එක්සත් රාජධානියේ මිලියන 4.6 ක්ද, කැනඩාවේ හා ප්‍රංශයේ මිලියන 4.1ක් බැගින්ද සංක්‍රමණිකයෝ වෙසෙති.

රටේ ජනගහණයට සාපේක්ෂව වැඩිම සංක්‍රමනිකයින් ප්‍රමාණයක් සිටින රටවල් අතර මැදපෙරදිග කලාපයේ රටවල් ඉදිරියෙන්ම සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනගහණයෙන් 81.2%ක්ම සංක්‍රමනිකයෝ වෙති. කුවේට් ජනගහනයෙන් 56.8%ක්ද, කටාර් ජනගහනයෙන් 42.1%ක්ද, බහරේන් ජනගහනයෙන් 36.0%ක්ද සංක්‍රමනිකයෝය. මැදපෙරදිග කලාපයෙන් පිටත සිංගප්පූරුවේ වෙසෙන්නන්ගෙන්ද අඩකටත් වඩා සංක්‍රමනිකයෝ වෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම (2017) සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට සංක්‍රමණය වී සිටින ජනගහණය 1,726,900 කි. මෙහිදී සංක්‍රමණිකයෙකු ලෙස ගැනෙන්නේ තමන් දැනට ස්ථිරව ජීවත්වන රටේ නොඉපදුණු හා/හෝ වෙනත් රටක පුරවැසියෙකු වන අයෙකි. සංක්‍රමණිකයෙකුගෙන් පැවැත එන්නෝ සංක්‍රමනිකයෝ නොවෙති. ඒ නිසා ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් සියලුම දෙනා සංක්‍රමණිකයින් ලෙස සැලකෙන්නේ නැත. මේ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් 8.1%කට පමණ සමාන ජනගහණයකි.

ඉහත කී, ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වූවන්ගෙන් වැඩිම පිරිසක් වෙසෙන්නේ සවුදි අරාබියේය. අනෙකුත් ජනප්‍රිය ගමනාන්ත අතර මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල්, යාබද ඉන්දියාව හා බටහිර රටවල් ඉදිරියෙන්ම සිටී.


සංක්‍රමණයට ශ්‍රී ලාංකිකයින්ගේ ඇති ලැදියාව මෙසේ වුවත්, ශ්‍රී ලංකාව සංක්‍රමණිකයන්ට විශාල ප්‍රතිරෝධයක් දක්වන රටකි. ශ්‍රී ලංකාවේ වෙසෙන සංක්‍රමණික ජනගහණය රටේ ජනගහණයෙන් 0.2%ක් පමණක් වන අතර මෙය දකුණු ආසියා කලාපයේ රටවල් අතරින් වුවද අඩුම ප්‍රතිශතයයි.

(image: http://srilankabrief.org/2015/02/un-sri-lanka-protect-migrants-abuse/)

2 comments:

  1. එහෙම කොහොමද.. මේක සිංහල බහුද්ද නිජ බිම.. පර දේසක්කරයින්ගේ කොලනියක් වෙන්න දෙන්න බෑ.. මරාගෙන මැරෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. නෑ
      ලංකාව යනු සිංහල බෞද්ධ බහුතරයක් සිටින ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
      එවැනි තත්වයක් තුල සිංහල බෞද්ධයන් සංක්‍රමණිකයන්ට විරුද්ධ වීම තර්කානුකූලයි.

      ඔරුමත්තුනාඩුව තුල පවා ඉංගිරිසි ඉගෙන නොගෙන වාසයකල හැකි සංක්‍රමණිකයන් පැමිනීමට විරෝධයක් තිබෙන බව සලකන්න.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.