Sunday, November 1, 2020

ඇමරිකන් ආර්ථිකය 33%කින් වර්ධනය වෙයි!


මේ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකාවේ ආර්ථිකය 33.1%ක වේගයෙන් වර්ධනය වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකන් ආර්ථිකය වර්ධනය වෙන්නේ 2-3% අතර වේගයකින්. ඒ අනුව බැලූ බැල්මටම මෙය ඉතා දැවැන්ත ආර්ථික වර්ධනයක් වුවත්, මෙහිදී සිදු වී තිබෙන්නේ පෙර කාර්තුවේදී සිදුවූ ආර්ථික පසුබෑම ආපසු හැරවීමයි. ආර්ථික අවපාතයකින් පසුව ආර්ථිකය වේගයෙන් වර්ධනය වී සිදු වූ හානිය ආවරණය කර ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. වෙළඳපොළ යාන්ත්‍රනය මනාව ක්‍රියාත්මක වේනම්, ඒ සඳහා රජය මැදිහත් වීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි.

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් දෙවන කාර්තුව තුළ ඇමරිකන් ආර්ථිකය 31.4%කින් හැකිළුනා. ඊට පෙර පළමු කාර්තුව තුළදීද 5.0%කින් හැකිළුනා. ඒ නිසා, මේ 33.1% ක වර්ධනයෙන් පසුවත් ඇමරිකන් ආර්ථිකය 2019 වසර අවසානයේදී පැවති මට්ටමට පැමිණ නැහැ. එහෙත්,  2019 අවසානයට සාපේක්ෂව ආර්ථිකයේ ප්‍රමාණය මේ වෙද්දී කුඩා වී තිබෙන්නේ 3.4%කින් පමණයි. ඒ වගේම, ශීත සෘතුවේ කෝවිඩ් දෙවන රැල්ල නැග එන විට නැවතත් ආර්ථික කටයුතු සීමා කරන්නට සිදු විය හැකි නිසා, වසරේ සිවුවන කාර්තුව තුළ මේ අඩුව පිරවෙනු ඇතැයි එතරම් බලාපොරොත්තු තැබිය නොහැකියි. 

අප්‍රේල් මාසයේදී 14.4% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතයද මේ වන විට 7.9% මට්ටමට අඩු වී තිබෙනවා.




No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.