Thursday, April 26, 2018

එකසිය හැටයි! ලාබයි!!

අවශ්‍ය තරමට වඩා බොහෝ අඩුවෙන් වුවත්, පසුගිය දින කිහිපය තුළ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක විකුණුම් මිල පළමු වරට රුපියල් 159 ඉක්මවා තිබේ. මේ ගැන බොහෝ විවේචනද අහන්නට ලැබේ.

පසුගිය වසරේ මාර්තු 30 දින එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවූ අතර ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව කෙටි විමසුමක් කරමින් ලිපියක් මේ වියුණුවෙහි පල කෙරුණේය. පහතින් ඇත්තේ ඒ ලිපියට සබැඳියකි.

එකසිය පණහයි! ලාබයි!!



ඒ අවස්ථාවේදී මා පෙන්වා දුන් පරිදි 2015 අවසානයේදී ඩොලරයක "සැබෑ" මිල (2001 වසරේදී ක්‍රය ශක්ති සාම්‍යය පැවතුණු සේ සලකමින්) රුපියල් 213ක් පමණ විය. එම ලිපිය සමඟ පළ කළ වගුව අලුත් දත්ත ඇතුළු කොට යාවත්කාලීන කර පහත පළ කර තිබේ.


ඉහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, ලංකාවේ අපනයන තරඟකාරිත්වය 2001 මට්ටමේවත් තබාගනිමින් ගෙවුම් ශේෂ අර්බුදයෙන් යම් තරමකින් හෝ ගොඩ යන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව අඩු වශයෙන් තවත් 45-50%කින් පමණවත් අවප්‍රමාණය විය යුතුය. ජාතික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව හා ඉන්දියානු විරෝධයක් මතුපිටින් පෙන්වන ඇතැම් අය ඒ අතරම එයට තනිකරම ප්‍රතිවිරුද්ධව ජාතික ආර්ථිකය බිඳ දමමින් ඉන්දියාවට හා චීනයට වාසි සැලසෙන පරිදි විණිමය අනුපාතිකය පවතින මට්ටමේම තබාගැනීම වෙනුවෙන්ද හඬ නැඟීම තරම් විහිළුවක් තවත් නැත.

මෙහි උද්ධමනය සේ සලකා තිබෙන්නේ එක් එක් රටෙහි දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකයයි. ඒ වෙනුවට, පාරිභෝගික මිල දර්ශකයන්හි වෙනස්වීම් සලකමින් ගණනය කළහොත් ලැබෙන ඇමරිකන් ඩොලරයේ අගය මීටත් වඩා ඉහළ එකකි.

6 comments:

  1. අවධමනකය යනු කුමක්ද?
    Rate of deflation
    The factor of deflation

    ReplyDelete
    Replies
    1. Deflator- GDP Deflator in this case. (Change in nominal GDP - Change in real GDP)

      Delete
  2. එක පාරටම ඩොලරයක විකිණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 200 - 250 කට විතර බැස්සුවනම් ටිකක් විතර ඉස්සරහට පාලනය කරන්න පුලුවන් වෙයි. සුභ අනාගතයක්.

    ReplyDelete
  3. LOL! ඔබගේ තියරියට අනුව, සිම්බාබ්වේ සහ වෙනේසියුලාව ලෝකයේ ඉතාමත්ම වේගයෙන් දියුණු වෙන රටවල් දෙක විය යුතුවේ!

    ReplyDelete
    Replies
    1. ලංකාවත් සිම්බාබ්වේ වෙන්න පුළුවන් මේ යනවිදියට.(After war අපේ GOV Economic ideas පට්ට චර්ටර්... ) මේකට අලුත් GOV එක සහ පරණ GOV දෙකම වගකියන්න ඕන...

      Delete
  4. මමත් USD/LKR chat එකක් හැදුව(2010 - LKR165-LKR170,2018 - LKR210 - LKR220). Bank වල rate අරගෙන. මම හිතන්නේ ඔය chat එක ගොඩක් දුරට හරි වගේ...

    උද්ධමනය නම් ඔය කවුරු මොනවා කිවත් මම හිතන්නේ 1 Year FD Rate එකට වඩා 2% or 3% වගේ වැඩිවෙන්න ඕන.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.