tag:blogger.com,1999:blog-3199471973234067025.post3815637152889087665..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: අයවැය වැය-අයක් වූ හැටි...Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3199471973234067025.post-63399772112981163252021-11-24T14:52:36.628-05:002021-11-24T14:52:36.628-05:00//ඇග්‍රිගේට් ඩිමානඩ් ශොක් තියෙන මේ වගේ කාලේක රජය ව...//ඇග්‍රිගේට් ඩිමානඩ් ශොක් තියෙන මේ වගේ කාලේක රජය විසින් වෙලදපොලට ලොකු මැදිහත් වීමක් කිරීම සාධාරණයි නේද?//

හොඳ ප්‍රශ්නයක්. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? රටේ විශාල නිෂ්පාදන විභවයක් තිබුණත් එම විභවයට සමාන නිෂ්පාදනයක් කරලා විකුණාගත හැකි තරම් සමස්ත ඉල්ලුමක් රටේ නැහැ. ඒ නිසා, නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්නේ විභවයට වඩා අඩුවෙන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. ඇතැම් විට ආර්ථිකය හැකිලෙනවා.

මේ වගේ අවස්ථාවක රජය විසින් බදු අඩු කරනවා. එවිට මිනිස්සු අතේ ඉතිරි වන වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දී සැපයුමද විභව මට්ටම දක්වා වැඩි වෙනවා. (ඉන් පසුව, නැවත රජය විසින් බදු වැඩි කරනවා). මෙසේ බදු අඩු කරද්දී රජයේ ආදායම් අඩු වෙනවා.

ඒ වගේම රජය විසින් කලින්ට වඩා වැඩියෙන් සෘජුව භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා. එහිදීද ඉල්ලුම වැඩි වී ඒ හේතුව මත නිෂ්පාදනය වැඩි වෙනවා. (ඉන් පසුව වියදම් කපනවා) මෙසේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වැඩි කරන විට රජයේ වියදම් ඉහළ යනවා.

ඉහත හේතු දෙක නිසාම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකකට ප්‍රතිචාර දැක්වීමේදී අයවැය හිඟය ඉහළ යනවා. එසේ නැත්නම් අයවැය අතිරික්තය පහළ යනවා. දිගුකාලීනව රජයට අයවැය කළමනාකරණය කර ගත හැකිනම් මෙවැනි මැදිහත්වීමක් සාධනීයයි.

කෝවිඩ් නිසා ඇමරිකාවේ (හා තවත් රටවල) ඇති වුනේ මේ ක්‍රමයට විසඳිය හැකි හෝ විසඳිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. වසංගතය නිසා පෙර අවස්ථා වල ඇති වූ ආකාරයේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකක් ඇති වුනේ නැහැ. ඇති වුනේ තරමක් වෙනස් තත්ත්වයක්. භාණ්ඩ සඳහා ඉල්ලුම කලින් තරමටම වගේ තිබුණා. ඇතැම් විට වැඩි වුනා. වසංගතය නිසා සේවා ඉල්ලුම යම් තරමකින් අඩු වුනා. එසේ ස්වභාවිකව අඩු වුනාට වඩා විශාල ලෙස සේවා ඉල්ලුම අඩු වුනේ ආණ්ඩු විසින් ගත් විවිධ කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග නිසා.

වෙනත් විදිහකින් කිවුවොත් මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එක බොහෝ දුරට ආණ්ඩු විසින් හදපු කෘතීම එකක්. එවැන්නක නරක ප්‍රතිඵල ආපසු හරවන්න බදු අඩු කරන්න හෝ වෙළඳපොළට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඉල්ලුම එලෙසම තියෙනවා. එය කෘතීම ලෙස යටපත් කරලයි තියෙන්නේ. කෝවිඩ් මර්දන රෙගුලාසි ඉවත් කළ ගමන් යටපත් කරනු ලැබ තිබුණු ඉල්ලුම නැවත මතු වෙනවා.

අනෙක් පැත්තෙන් රජයේ වියදම් වැඩි කරලා, බදු අඩු කරලා හෝ සල්ලි අච්චු ගහලා ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කිරීමේ හැකියාවක් මේ අවස්ථාවේදී තිබුණේ නැහැ. කලින් ආර්ථික අවපාත වලදී එසේ කිරීමේ හැකියාවක් තිබුණා. ගොඩක්ම කඩා වැටී තිබුණේ සංචාරක, ගුවන් සේවා වැනි අංශ. නමුත් ආණ්ඩුවට මිනිස්සුන්ට සල්ලි දීලා පුළුවන් තරම් සංචාරය කරන්න පොළඹවන්න පුළුවන්ද? ආණ්ඩුවට කරන්න අවශ්‍යව තිබුණේ එහි අනෙක් පැත්තයි.

වසංගතය හමුවේ ඇමරිකාව අයවැය හිඟය වැඩි කරගෙන සල්ලි බෙදුවේ වෙනදා මෙන් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කිරීමේ අරමුණින් නෙමෙයි. එහි අරමුණ වුනේ වෙනත් දෙයක්. (මාතෘකාවෙන් පිට යන නිසා විස්තර කරන්න යන්නේ නැහැ.) ඒ වගේම ඇමරිකාවේ ආණ්ඩුවට එසේ කිරීමේ හැකියාවක් තිබුණා.

ඇමරිකාව හා අදාළ ඇතැම් කරුණු ලංකාවටද අදාළ වුවත් හැම තත්ත්වයක්ම සමානව පැවතුනේ නැහැ. ලංකාවට රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කළ හැකි වුවත් එසේ කරන්න අවශ්‍ය වන ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකක් ලංකාවේ තිබුණේ නැහැ. ඒ අතින් ඇමරිකාවට සමානයි. නමුත් ඇමරිකාවෙන් වෙනස්ව ලංකාවේ නිෂ්පාදනය වැඩි කිරීමේ විභවයක් තිබුණේත් නැහැ. එවැනි තත්ත්වයකදී ඇති කරන පොසිටිව් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකකින් වෙන්නේ ආනයන ඉල්ලුම වැඩි වෙන එක පමණයි. ඒ වගේම ලංකාව මෙවැන්නක් කළේ වසංගතය ඇති වූ පසුව නෙමෙයි. ඊට කලින්. ඒ වෙලාවේ එසේ කිරීම අන්තිම මෝඩ වැඩක්. ඒ නිසා, වසංගතය වෙලාවේ යමක් කරන්න තිබුණු අවකාශය හොඳටම සීමා වුනා.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-5715469576367031472021-11-17T22:56:36.367-05:002021-11-17T22:56:36.367-05:00ඇමෙරිකාවේත් තියෙන්නේ අයවැය හිඟයක් නේද?
කොරෝනා වගේ...ඇමෙරිකාවේත් තියෙන්නේ අයවැය හිඟයක් නේද?

කොරෝනා වගේ වසංගතයක් ඇවිත් තියෙන මේ වගේ වෙලාවක, ඇග්‍රිගේට් ඩිමානඩ් ශොක් තියෙන මේ වගේ කාලේක රජය විසින් වෙලදපොලට ලොකු මැදිහත් වීමක් කිරීම සාධාරණයි නේද? ඒ වගේ වෙලාවක අය වැය හිඟය කියන එක බලාපොරොත්තු වෙන්න පුලුවන් නේද?Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-72919867569672186722021-11-16T22:17:11.776-05:002021-11-16T22:17:11.776-05:00නැහැ. දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගෙන ගියහොත්...නැහැ. දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගෙන ගියහොත් කිසියම් අවස්ථාවක අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. එතෙක් වුවද, හානි වැඩියි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-20230948474762411062021-11-16T02:44:00.298-05:002021-11-16T02:44:00.298-05:00අයවැය හිඟයක් පවත්වා ගැනීම දියුණු වෙන ආර්ථිකයක් ලක...අයවැය හිඟයක් පවත්වා ගැනීම දියුණු වෙන ආර්ථිකයක් ලක්ෂණයක් කියලා ඒ කාලේ කියනවා...මේක ඇත්තක්දMayyanoreply@blogger.com