tag:blogger.com,1999:blog-3199471973234067025.post7271464161147595115..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: අයවැය නව නිෂ්පාදනය- නාට්‍ය විචාරයක්Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3199471973234067025.post-47067181743297721772016-11-14T14:30:29.232-05:002016-11-14T14:30:29.232-05:004. දේශීය ණය ගැනීම් සීමා කරන විට ඒ අඩුව පුරවා ගැනීම...4. දේශීය ණය ගැනීම් සීමා කරන විට ඒ අඩුව පුරවා ගැනීමට විදේශ ණය ගන්නට සිදුවේ. රජයට විදේශ ණය ගැනීමද හිතන තරම් පහසු නැත. පසුගිය කාලයේ විදේශීය වාණිජ ණය ගත්තේ රටේ ඉහළ ආර්ථික වර්ධනය ඇතුළු සාර්ව ආර්ථික දත්ත විකුණමිනි. එහෙත්, දැන් එසේ විකිණිය හැකි සාර්ව ආර්ථික දර්ශක නැත. ඒ නිසා, වාණිජ ණය ගන්නවානම් ගන්නට වෙන්නේ කලින්ටත් වඩා ගිණි පොලියකටය. විදේශ ණය ගැනීම් වලදී ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ණය වෙත ප්‍රමුඛතාවය දී තිබෙනවාට වඩා එසේ කරන්නට සිදුවී තිබේ. මුල් ඇස්තමේන්තුවේ තිබූ ශුද්ධ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 183 සිට රුපියල් බිලියන 395 දක්වා රුපියල් බිලියන 212කින් වැඩි වී ඇති බව පෙනුණත් මේ සංඛ්‍යා පිටුපසද සැඟවුණු කතාවක් තිබේ. ඇත්තටම රජයේ දළ විදේශ ණය ගැනීම් මුල් ඇස්තමේතුවේ රුපියල් බිලියන 519ක්ව පැවති අතර සංශෝධිත ඇස්තමේන්තුවේ එය රුපියල් බිලියන 540කි. වෙනස රුපියල් බිලියන 21කි. එසේනම්, රුපියල් බිලියන 212ක් දක්වා මේ ගණන වැඩි වුනේ කොහොමද?

මුල් ඇස්තමේන්තුව අනුව රජය විසින් වසර තුළදී රුපියල් බිලියන 336ක විදේශ ණය ආපසු ගෙවීමට නියමිතව තිබුණි. එහෙත්, දැන් ඒ ප්‍රමාණය රුපියල් බිලියන 145 දක්වා අඩු වී තිබේ. මේ අනුව, වසර තුළදී විදෙස් ණය ගෙවන්නට බලාපොරොත්තු වන්නේ මුලින් කී ගණනට වඩා රුපියල් බිලියන 191ක් අඩුවෙනි. ඒ නිසා, දළ විදේශ ණය සැලකිය යුතු ලෙස වැඩි වී නැතත් ශුද්ධ විදේශ ණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ අයවැය හිඟය අඩුවීම සැලසුම්සහගතව ණය අඩුවෙන් ගැනීමට වඩා, සැලසුම්ගත පරිදි ණය ලබා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් බවයි.

කෙසේ වුවද, කවර ආකාරයකින් හෝ අයවැය හිඟය අඩුවෙන් තබා ගැනීම අගය කළ යුතුය. මා ලිපියෙන් පෙන්වා දී ඇති පරිදි කප්පාදුවට වැඩිපුරම හසුවී ඇත්තේ ප්‍රාග්ධන වියදම්ය. පුනරාවර්තන වියදම් බොහෝ දුරට එසේමය. පවතින තත්ත්වය යටතේ පුනරාවර්තන වියදම් එක් වර සැලකිය යුතු ලෙස අඩුකිරීම කළ නොහැකි දෙයක් බැවින් ප්‍රාග්ධන වියදම් කපනු හැර කෙටිකාලීනව කළ හැකි දෙයක්ද නැත.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-36056652472463754382016-11-14T14:30:11.053-05:002016-11-14T14:30:11.053-05:00ඔබේ කමෙන්ටුවට ආවොත්, මට තේරෙන පරිදි ඔබ කියන්නේ රජය...ඔබේ කමෙන්ටුවට ආවොත්, මට තේරෙන පරිදි ඔබ කියන්නේ රජයේ ආදායම් අඩුවන විට ණය ගැනීම් වැඩි නොකර වියදම් අඩු කිරීම සිදු කර ඇති බවයි. මා ඉදිරිපත් කර ඇති හා ඔබ විසින් උපුටා දක්වා ඇති සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන පරිදි 2016 සඳහා වූ 2015 ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 389කින් අඩු වන විට, වියදම් රුපියල් බිලියන 459කින්ම අඩු කර තිබේ. මේ නිසා ආරම්භයේදී ඇස්තමේන්තුගත අයවැය හිඟය වූ රුපියල් බිලියන 740, රුපියල් බිලියන 670 දක්වා අඩු වී තිබේ. අයවැය හිඟය මූල්‍යනය කරගත යුත්තේ දේශීය හා විදේශීය ණය ගැනීම මඟිනි. ඒ නිසා, මෙසේ අයවැය හිඟය අඩු කරගැනීම මඟින් (බැලූ බැල්මටම පෙනෙන පරිදි) ණය ගැනීම් සීමා වී ඇත්නම් එය යහපත් ප්රතිඵලයකි. අයවැය හිඟය අඩු කිරීම හොඳ වුවත් පහත කරුණු නිසා ඒ සඳහා ආණ්ඩුවට ලකුණු දීමේදී සැලකිලිමත් විය යුතුය.

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම නිසා ආණ්ඩුවට තවත් වැඩිපුර ණය ගෙන වියදම් ඇස්තමේන්තු කළ අයුරින් පවත්වා ගත නොහැකිය. රජයේ වියදම් සීමා කිරීමෙන් අයවැය හිඟය අඩුකළ බව රජය ජා.මූ.අ.ට පෙන්විය යුතුය.

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම මඟින් ඇති කෙරුණු බාධාවට අමතරව වෙළඳපොළ සාධක හා දේශපාලනික හේතු නිසා රජය මීට වඩා ණය ගන්නට බැරි තැනකට පත්වී තිබේ. ඒ අනුව, ඇත්තටම සිදු වී ඇතිබව පෙනෙන්නේ ණය නොගැනීමට වඩා ණය නොලැබීමයි.

3. මුල් ඇස්තමේන්තුවට අනුව අපේක්ෂිත අයවැය හිඟය වූ රුපියල් බිලියන 740න් රුපියල් බිලියන 557ක්ම මූලනය කරගන්නට බලාපොරොත්තු වුණේ (ශුද්ධ) දේශීය ණය ගැනීම් මඟිනි. එහෙත්, සංශෝධිත ඇස්තමේන්තුව අනුව (ශුද්ධ) දේශීය ණය රුපියල් බිලියන 275ක් පමණි. දේශීය ණය ගැනීම් මෙසේ අඩු කරන්නට සිදුවී ඇත්තේ වෙළදපොළ සාධක අනුව මුල් ඇස්තමේන්තුවට යන්නටනම් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට ඉඩහරින්නට සිදුවන බැවිනි. එවිට, රජයේ වියදම් නැවතත් වැඩිවන නිසා තවත් වටයකින් ණය ගන්නට සිදුවේ. මේ ප්‍රමාණයට ණය ගෙනත්, මුල් ඇස්තමේන්තුවේ පොලී වියදම වූ රුපියල් බිලියන 520 රුපියල් බිලියන 603ක් දක්වා රුපියල් බිලියන 83කින් වැඩි වී තිබේ. මෙය 'බැඳුම්කර මගඩියේ' ප්රතිඵලයක්යැයි අදහස් ඉදිරිපත් වී ඇතත් මා එවැනි චෝදනාවක් හෝ යෝජනාවක් කිරීමට ඉක්මන් වන්නේ නැත. ඒ ගැන මගේ ලිපිපෙළ තවම අවසන් නැත. කෙසේවුවද, මේ ආණ්ඩුව පත්වූ දින සිට දේශීය ණය ගැනීම් වැඩි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාතික ඉහළ ගියේය. දේශීය වෙළදපොළේ ණය ඉල්ලුම සීමිත නිසා මේ වන විටත් රජය මහ බැංකුවට සැලකිය යුතු ලෙස භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකීණීමට (සල්ලි අච්චු ගැසීමට) පටන් ගෙන තිබේ. මේ මාර්ගය භයානක බව ආණ්ඩුව දන්නා නිසා අකමැත්තෙන් වුවත් දේශීය ණය ගැනීම් සීමා කරන්නට රජයට සිදු වී තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-10332501865121817152016-11-14T13:24:56.327-05:002016-11-14T13:24:56.327-05:00ඉයන්, මා ඉහත ලිපියේ අවධානයට ලක් කළ මූලික කරුණු මේව...ඉයන්, මා ඉහත ලිපියේ අවධානයට ලක් කළ මූලික කරුණු මේවාය.

1. ලංකාවේ රජය වාර්ෂිකව ඉදිරි වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී රජයේ ආදායම් ඇස්තමේන්තු හිතාමතාම වැඩියෙන් පෙන්වයි. (නිලධාරීන් මෙසේ කරන්නේ ඇයි යන කරුණ විස්තරාත්මකව පැහැදිලි කිරීමටද බැරිකමක් නැත. එය පැහැදිලි කරන්නට දැනට බලාපොරොත්තුවක් නැත.) මා මෙහිදී කතා කරන්නේ පොදුවේ ලංකාවේ රජය ගැන මිස වත්මන් එජාප ආණ්ඩුව පමණක් ගැන නොවේ. එමෙන්ම, මෙය මුදල් ඇමතිවරයා හෝ දේශපාලඥයින් විසින්ම කරන දෙයක්ද නොවේ. මා ලිපියේ සඳහන් කර ඇති පරිදි මුදල් ඇමතිවරයා බොහෝ දුරට ලියා ඇති නාට්‍ය පිටපතක දෙබස් කියන නළුවෙකි. පිටපත මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේය. එහෙත්, මුදල් ඇමතිවරයා අමාත්‍යංශයේ ප්‍රධාන විධායකයා නිසා ඔහුට එහි වගකීමෙන් ගැලවෙන්නටද නුපුළුවන. මේ ඇස්තමේන්තු හැමදාමත් විශාල පරතරයකින් වරදිනවානම් ඒවා හදන නිලධාරීන් ප්‍රශ්න කිරීම මුදල් ඇමතිවරයා විසින් කළ යුතු දෙයකි.

2. ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේ අයිතමයන් ගැන වාද විවාද කරනු මිස විපක්ෂය, මාධ්‍ය හෝ මහජනතාව පෙර වසරේ කියූ දේ ඒ අයුරින්ම සිදුවුනේදැයි පසුවිපරමක් කරන්නේ නැත. අයවැය ඇස්තමේන්තු හදන අය සෑම වසරකම මෙහි වාසිය ගනිති.

3. ඇස්තමේන්තුගත ආදායම නොලැබෙන විට ඇස්තමේන්තුගත වියදම් පවත්වාගැනීම සඳහා (ඔබ කියා ඇති පරිදිම) වැඩියෙන් ණය ගන්නට සිදුවේ. එවිට ණය බර වැඩිවන අතර මැදිකාලීනව හා දිගුකාලීනව රට අර්බුදයකට යන අතරම කෙටිකාලීනව බලයේ සිටින ආණ්ඩුව විවේචනයට ලක්වේ. එසේ නොකර ඇස්තමේන්තුගත වියදම් සීමා කළ විටද බලයේ සිටින ආණ්ඩුවේ ජනප්‍රියතාවයට බලපායි. ඒ නිසා මුදල් ඇමතිවරයා විසින් කළ යුත්තේ නිවැරදි අයවැය ඇස්තමේන්තුවක් වෙනුවෙන් සිය නිලධාරීන් මත පීඩනය යෙදවීමයි. එය එසේ සිදුනොවේනම් විපක්ෂය, මාධ්‍ය හා ජනතාව විසින් මුදල් ඇමතිවරයාව ප්‍රශ්න කළ යුතුය. එය සිදු නොවන තාක් මේ බොරුව දිගටම සිදු කෙරෙනු ඇත.

(ඉතිරි කොටස පහළ)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-62116294326098619782016-11-13T13:45:42.593-05:002016-11-13T13:45:42.593-05:00ඉකොන් රජයේ අදායම සහ වියදම අතර පරතරය පියවගන්නේ දේශී...ඉකොන් රජයේ අදායම සහ වියදම අතර පරතරය පියවගන්නේ දේශීය සහ විදේශීය ණයවලින් නේද? එතකොට 2015 දී ආදායම 2017 වනවිට වියදම 2787. පරතරය 740 යි. 2016 දී අදායම 1658 වන විට වියදම 2328. පරතරය 670. 2015 දී පරතරය සපුරා ගැනීමට 740 ක් ණය ගැනීමට සැලසුම් කලානම් වියදම අදායමේ පහල යාම තෙක් අඩු නොකොට 670 ක් පමණක් ණය ගැනීමෙන් කල හැකියි නේද? එම නිසා ආදායමේ පහල යාමේ ඔබ සඳහන් කල පරිදි ප්‍රතිශතයකින් නොව absolute අගයකින් පහල යායුතු මුත් එසේ නොවන කල්හී ණය මඟින් එම පරතරය පියවා ගන්නවා නේද?
ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-46427608609116759592016-11-13T12:46:47.778-05:002016-11-13T12:46:47.778-05:00එයම මාතෘකාව ගැන ලියද්දී කියවන අය ටික ටික අඩුවෙමින්...එයම මාතෘකාව ගැන ලියද්දී කියවන අය ටික ටික අඩුවෙමින් යනවා, ඇනෝ. ඇත්තටම මීට කලින් ආර්ථික අර්බුදය ගැන ලියන්න ගත් ලිපි ටිකත් දිගටම ලියනවනම් තව සෑහෙන කාලයක් ලියන්න පුළුවන්. ඒ නිසාත්, අයවැය ගැන ලියන්න කියා කිහිප දෙනෙක් ඉල්ලපු නිසාත් පොඩි බ්රේක් එකක් ගත්තා විතරයි. බැඳුම්කර ලිපිපෙළ නැවැත්තුවේ නැහැ. ඊළඟ කොටස සඳහා සංඛ්‍යාලේඛණ වගුවක් හදන්න ටිකක් වෙලාව හොයාගන්න ඕනෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-69532903233753201522016-11-13T10:59:59.249-05:002016-11-13T10:59:59.249-05:00බැඳුම්කර ලිපිපෙළ ඉවර නැහැ නේද?බැඳුම්කර ලිපිපෙළ ඉවර නැහැ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-77824965232829035122016-11-13T01:02:36.007-05:002016-11-13T01:02:36.007-05:00මෙවැනි කෙටි නමූත් ඉතාමත් නිවැරදි විචාරයක් පාර්ලිමේ...මෙවැනි කෙටි නමූත් ඉතාමත් නිවැරදි විචාරයක් පාර්ලිමේන්තුවේ දී ඇසීමට නොහැකි ඇයි?serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com